හුදී ජනයා එක එක කාල වකවානුවලදී මරණය ගැන සිතනා අයුර එකිනෙකට වෙනස්.
තරුණ පරපුරට මරණයක් තියෙනවද කියලවත් නිනව්වක් නෑ..මොකක් හෝ ඔවුන් මුහුණ පානා ප්‍රේම වියෝවකදී තමයි ඔය මරණය වචනය හොඳට ඔප දාලා කරල එලියට අරන් දිවග මතුරක් කරගන්නේ..
බලු පොරයකම ආතුර වෙලා සිහි විකල්ලෙන් හැමදා දුවන සල්ලි දේපල වස්තුව අනෙකාට වඩා සොයනා තරඟය තුල මිනිස්සු අමනුස්සයෝ වෙලා එතනදී මේරූ වැඩිහිටියන්ටත් මැරෙන බව අමතක වෙලා...
ඊට පස්සේ අවතිර්ණ වෙන ජීවිතයේ සැදෑ සමය කාත් කවුරුත් නැති සංක්‍රාන්ති සමය ඔන්න ඔතනදී තමයි අපි මරණය එක්ක හරි ලඟින් ඇසුරුකම් පවත්වන්න හාද වෙන්න ලොල් බඳින්නේ හා ආශක්ත වෙන්නේ...
ඉතා ගැඹුරු මනෝමුල සිද්ධාන්තයක් පද පෙලකින් සරලව පාඨකයා වෙත ලබා දීම ගැන ඔබට මගේ සහෝදර ප්‍රණාමය..
ඔබ හීයක වේගෙන් ඉදිරියට ආ සංඛ්‍යාවට වඩා ගුණාත්මක බවින් පිරුණු නිර්මාන අප වෙත දායාද කල තවත් එක් කිවිඳියක්...
දිගටම සමාජ භාවාත්මක ආඛ්‍යානයන් හා විමසුමට බඳුන් කල යුතු වස්තු බීජයන් ගැන වඩ වඩා ඔබේ හිත යොමු කරන්න..එතුලින් ඔබේ පන්හිඳ උණු වී ගිනි පුපුරු මෙන් පිටකරනා අදහස් අනාගතය යම් තරමකට හෝ වෙනසකට, හැඩ ගැස්වීමකට පෙලඹිය හැක......
ඔබට ජය.......