අද නම් කියන්නෙ අතිෂයින්ම පිරිමින් සඳහා වැදගත් වෙන මාතෘකාවක් ගැන ඒ තමයි වෘෂණ කෝෂ ඇඹරීම හෙවත් Testicular Torsion ගැන.
අපේ වෘෂණ අපි අම්මගෙ බඩේ ඉන්න කාලෙ බඩ ඇතුලෙ හැදිල ඉපදෙන්න ලං වෙද්දි කෝෂ වලට පහත් වෙන ව.එතකොට වෘෂණ පොඩි නැට්ටක් වගේ එකකින් එල්ලිලා තමයි තියෙන්නෙ අපි spermatic cord කියල කියනව.මේක ආශ්‍රිතව ශුක්‍ර ප්‍රණාල,රුධිර වාහිනී තියෙනව.වැදගත් දෙයක් තමයි තේරුම් ගන්න වෘෂණ වලට ලේ එන්නෙ යන්නෙ මේ නැට්ට හරහා විතරයි.
මම කියපු රෝග ත්ත්වයෙදි වෙන්නෙ යම් හේතුවක් නිසා මෙන්න වෘෂණය කැරකිලා අර නැට්ට ඇඹරිලා යන එක .ඉතිං මොකද වෙන්නෙ වෘෂණ වලට රුධිර සැපයුම නැති වෙලා ඒක මැරෙන්න පටන් ගන්නව.පැය හයක් ඇතුලත ආවොත් බේර ගන්න පුලුවන්.පැයක් දෙකක් ඇතුලත ආවොත් දරුඵල ලැබීමේ හැකියාවෙ අඩුවක් වෙන්නෙ නෑ නමුත් පරක්කු උනොත් පැය හයෙන් ආවත් මේ හැකියාව සීයට සීයක් ලබා ගන්න බෑ.
ඇයි මෙහෙම වෙන්නෙ
ගොඩක් වෙලාවට මෙහෙම වෙන්න හේතුව යම් කිසි අනතුරක් ඒ කියන්නෙ කෝෂ වල මොකක් හරි වැදීම වගේ..එක ලෙඩෙක් ආව එයාගෙ දරුව උකුලට පැනල මෙහෙම වෙලා,තව කෙනෙක් සංසර්ගය කරමින් ඉද්දි මෙහෙම වෙලා ..අපි ක්‍රිකට් ගහද්දි බෝලෙ වැදුනම..
සාමාන්‍ය කෙනෙක්ගෙ වෘෂණ ඒක නියමිත පිහිටීමේ තැන්පත් වෙලා තමයි තියෙන්නෙ ඒ කියන්නෙ හොල්ලන්න බෑ නමුත් සමහරුන්ගෙ උපතින්ම මේ පිහිටීමෙ වෙනස්කම් තියෙනව(bell clapper deformity ),තව සමහර අයගෙ පසු කාලීනව ආව ගෙඩි වගේ ඒව නිසා (epididymal cyst)ආදිය නිසා වෘෂණ හැරෙන්න බලනව.මෙහෙම අය මේ රෝගයට ගොදුරු වීමේ අවදානම වැඩියි.
තව සමහරුන්ගෙ කිසිම හේතුවක් අනතුරක් නැතුවම මේ තත්ත්වය ඇතිවෙන්න පුලුවන්
රෝග ලක්ෂණ
වෙන මොකුත් නෑ හූ තියාගෙන එන්නෙ වේදනාවෙන් ,කෝෂ අල්ලන්න වත් බෑ කැක්කුම නිසා.මීට අමතරව යටි බඩේ කොන්දේ කැක්කුම් එන්න පුලුවන් මුත්‍රා ගල් වලදිත් මේ ලක්ෂණ එන නිසා වෙන්කර හඳුනාගැනීම වැදගත් .
වෛද්‍යවරයෙක් ට බලපු ගමන් මේක හඳුනාගන්නට පුලුවන් වෘෂණ ඇඹරිලා උඩට ඇවිත් තියෙන පිහිටීම high riding testis සහ කෝඩ් එක ඇඹරීම බලල.
ප්‍රතිකාර
හැකි ඉක්මනින් මේක අනිත් පැත්ත හරවන්න තමයි ඕන detort
ශල්‍ය කර්මයක් කරන්න වෙනව ඉනෙන් පහල හිරිවට්ටල ඇඹරුම් අරින්න.ඊට පස්සෙ වෘෂණ දෙකම ආයෙ පෙරලෙන් නැති වෙන්න ෆික්ස් කරනව orxchidoplexy.
වෘෂණ හානි වෙලානම් අයින් කරල දානව මොකද තියෙන්න ඇරියොත් අනිත් එකත් සවුත්තු වෙනව විසට.
අන්ඩර්වෙයා එකක් හරියට ඇඳීම,පරිස්සම් වීම තමයි වැදගත්.අනික ඔහොම දෙයක් උනොත් හරියාවි කියල ඉන්නෙ නැතුව රෝහලට එන්න.
බුදු සරණයි !
ගැටලු ඇතොත් කියන්න