බුද්ධ ධර්මය කියන්නේ තම තම නැණ පමණින් දැනගත යුතු සහ අකාලික ධර්මයක්.
ඉතින් මම උඩ කියල තියන දේවල් වලින් නිර්මාංශික ප්රශ්නය විසඳාගන්න බැරි උදවියට තමයි මේ ටික දෙන්න යන්නේ. ටිකක ඇඩ්වාන්ස් ඒරියා එකක්.
අහලා තියනවානේද උපාදානය ගැන. අවිද්‍යා පච්චයා සංඛාරා..... කියාගන යද්දි උපාදානය ගැන කියවෙනවා. උපාධානය කියන්නේ තණ්හාව නිසා හටගන්නා දෙය. බැඳීයාම සහ ග්‍රහණය වීම කියන අර්ථය තමයි ඒකෙ තියෙන්නේ. මේ උපාදාන ගැන හොඳ විස්තර තියෙනවා මජ්ජිම නිකායේ අලගද්පදූම සූත්‍රය, දීඝනික සූත්‍රය වගේ සූත්‍ර දේශනවා වල. මම මෙතන මූලාශ්‍ර දැම්මේ කැමති කෙනෙකුට ගිහිං කියවලා බලන්න. ඉතිං ඒ උපාදානයන් ගැන කියවෙන සූත්‍රවල විවිද උපාදානයන් වර්ග ගැන විස්තර කරලා තියනවා. දිඨ්ඨි උපාදාන, කාම උපාදාන, අන්තවාද උපාදාන සහ අපිට මෙතන්ට වැදගත් වෙන එක සීලබ්බත උපාදාන
මොකද්ද සීලබ්බත උපාදාන කියන්නේ ? සූත්‍ර දේශනාවල සඳහන් වෙන පරිදි
කෙනෙක් යහපත පිණිසයි කියලා විවිද මිත්‍යා සීලයන් වෘත අනුගමනය කරන්න පටන්ගැනීම. එහෙම කරනගමන් ඒක අනුගමනය කරන අය උසස් හා අනුගමනය නොකරන අය පහත් කියලා හෙලා දකින්නත් සීලබ්බත උපාදානයට අහුවෙච්චි අය පෙළඹෙන බව සඳහන් වෙනවා. මොනවද මේ මිත්‍ය වෘත ?
1) උග්‍ර දුෂ්කර ක්‍රියා කරමින් ශරීරයට වද දීම
2) නිර්වස්ත්‍රව වාසය කිරීම (මේ උදවිය නං අදත් ඉන්නවා ඉන්දියාවේ)
සහ මෙන්න පොයින්ට් එක
නිර්මාංශික වීම
3) තව තියනවා.. ඔක්කොම ඕන නෑනේ මෙතන්ට
එතකොට සූත්‍ර දේශනාවන් වල තියන ලෙසට මේදේවල් මිත්‍යා වෘත නැතිනම් ව්‍යාජ සීලයන්.
බුදුරජාණන්වහන්සේ සීලය කියලා දේශනා කලේ “කයෙන් වචනයෙන් වෙන වැරදි අකුසල වලකාගෙන අනිත් අයට හානියක් නොවන ලෙස ජීවත් වීම“ කියන එක. එතකොට නිර්මාංශික නොවුනා කියලා සීලයට හානියක් වෙනවා නම් නිර්මාංශික වීම මිත්‍යා සීලයක් ලෙසට හඳුන්වන්න අවශ්‍යතාවයක් නැහැනේ නේද ?
එතකොට මේ ව්‍යාජ සීලයන් අනුගමනය කිරීම නිසා කෙනෙකුට අවිද්‍යා සහගත කර්ම රැස්වෙනවා කියලා සූත්‍ර දේශනවාවල වැඩි දුරටත් විස්තර වෙනවා.
හොඳට මතක තියාගන්න මෙතන මම මේ කියලා තියෙන්නෙ ත්රීකෝටි පාරිශුද්ධ මාංශය ගැන මිසක් සතෙක් අල්ලං ඔයාලම මරාගන කන එකවත්, කුකුල් ෆාම් එකට ගිහිං පණ පිටින් ඉන්න කුකුලෙකු මරලා දෙන්න කියලා ඌව කන එකවත් හෙට අපිට මාලු ටිකක් අල්ලලා ගෙනත් දෙන්න කියලා වෙන කෙනකු ලවා ප්‍රාණඝාතයක් කරවනගන කන මාංශය ගැනවත් නෙවෙයි. දැනට ඇති කියලා හිතෙනවා. කෙනෙකුට තවත් මේ ප්රශ්නය විසඳුනෙ නැත්නම් කියන්න. පුලුවන් විදිහට තව විස්තර දෙන්නම් මේ ගැටලුව ලෙහාගන්න.




.ඊට පස්සෙ ඇඟේ වහන මදුරුවටත් කෙලලා අරිනවා ජූස් විසි වෙන්න
.කෑම කන තැනක ඕවා කියෙව්වහම මැරෙන්න දෙන්න හිතෙනවා තමයි
.තමන් මස් කන්නෙ නැත්තන්,එහෙම කරන්න සත්තු ගැන හිතලනම් ඒක හොඳයි.බොරු පොෂ් වෙජිටේරියන් එක දාගෙන ගොන් ආතල් ගන්න උන් වැඩී ඒ උනාට
