වෙඩි තැබීමට ටැටු ෂොප් හිමිකරු ඇතුළු 5කගෙන් ප්‍රකාශ ගනී..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

    අතුරුගිරිය පොලීසිය විසින් අදාළ ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය.

    වෙඩි තැබීම සිදුවූ අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකුගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්ය.

    අතුරුගිරිය ප්‍රදේශයේ ඊයේ (08) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් "ක්ලබ් වසන්ත" ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

    එම වෙඩි තැබීමේ සිද්ධියෙන් ගායන ශිල්පි කේ. සුජීවා ඇතුළු තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකරනු ලැබීය.

    පාදයකට වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ කේ.සුජීවා කොළඹ ජාතික රෝහලේ දී ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර ඇය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

    ඝාතනයට ලක්වූ ක්ලබ් වසන්ත නැමැත්තාගේ බිරිඳ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට මාරුකර යවා තිබේ.

    මේ අතර අදාළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පළාගිය වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    බුලත්සිංහල දෙල්මැල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී අදාළ වෑන් රථය සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය.

    අදාළ වෙඩි තැබිම සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය ද කඩුවෙල ප්‍රදේශයේ දී සොයාගනු ලැබීය.

    මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    Chathura anthimata gotabaya ta marks tikak dala iwara karanne

    කංජපානිව අැප දීල නිදහස් කරේ කවද්ද කියල දන්නවද?
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    මම නම් හිතන්නෙ දැන් වෙඩි තියපු එවුන් ඩුබායි බැහැල ඇත්තෙ ඊයෙ රෑ ෆ්ලයිට් එකේ ගිහින්. මෙච්චර කල් හැම එකාම කලෙත් එහෙමනෙ.

    ශොප් ඔව්නෙර් දැනගන ඔපෙන් කලානම්, බය නැතුව එකෙක් මාස්ක් එකක්වත් නැතුව ආව කියන්නෙ, අනිවා පැනල යන එකත් හොදට ප්ලෑන් කරල එන්න ඇත්තෙ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මම නම් හිතන්නෙ දැන් වෙඩි තියපු එවුන් ඩුබායි බැහැල ඇත්තෙ ඊයෙ රෑ ෆ්ලයිට් එකේ ගිහින්. මෙච්චර කල් හැම එකාම කලෙත් එහෙමනෙ.

    ශොප් ඔව්නෙර් දැනගන ඔපෙන් කලානම්, බය නැතුව එකෙක් මාස්ක් එකක්වත් නැතුව ආව කියන්නෙ, අනිවා පැනල යන එකත් හොදට ප්ලෑන් කරල එන්න ඇත්තෙ.

    කංජපානි ඉන්දියාවට පැන්නේ බෝට්ටුවෙන් නේ උනුත් ඒ විදිහටම පනින්න අැති..

    Gota ge kale da

    මාත් හරියටම දන්නේ නෑ..

    මේ වීඩියෝ ඵක අනුව රනිල් බලයට අාවහම වගේ නිදහස් කරල තියෙන්නේ..ඒක තමා චතුරය ගෝටට ලකුණු දාන්නේ..





    මුස්ලිම් පාතාලයට සහ ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ දියත් කළ මෙහෙයුමෙන් පසු කිසිදු මෙහෙයුමක් මේ දක්වා සිදුව නැත. ගෝඨාභයගේ මෙහෙයුම සිදුවූයේ 2011 – 2013 කාලයේදීය.

    https://nationalalert.lk/si/රිෆා-කාදර්-පමනක්-නොව-මුස්/

    සලේ දක්ෂයෙක්නම් කන්ජිපානි පැනලා යයිද?- සරත් ෆොන්සේකා​

    1/06/2023

    https://www.gossiplankanews.com/2023/01/sarath-fonseka-kanjipani-sale.html#google_vignette
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    වසන්තයා මරපු ඵක පැත්තකට දාපං දැන් ඔය කංජපානිව ඉස්සරහට දාල වෙන ඕන ඵකෙක්ට මිනීමැරුම් කරන්න පුළුවන්නේ..පතුරොමක KPI කියල ලියන්න විතරයි තියෙන්නේ..ඕකට අැප දෙන්න නියම කරපු වේ.පුතාව මරන්න ඕන ඔක්කොටම කලින්..කුඩු රජෙක්ට අැප දෙනවද යකෝ ඔහොම..දැන් බලපං වෙලා තියෙන දේ..උෟට ඕන ඕන වෙලාවට ඵක ඵකා මරණවා උෟ ෂපාන් ඵකේ වෙන රටක..
     
    • Like
    Reactions: Naughtykolla48