වෙඩි තැබීම් ගණන් කරමින් කියන්න එපා..- නලින්ද
October 23, 2025 at 3:25 am | lanka C news
පුවත් වාර්තා කිරීමේදී වෙඩි තැබීම් එකින් එක ගණන් කරමින් ‘අද 99 වුණා.. 101ක් වුණා..’ යැයි උත්තේජනයක් නොදීම වැදගත් බව ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මෙවැනි අපරාධ උත්තේජනය වන වාර්තාකරණයෙන් ජනප්‍රියත්වය සඳහා තරඟ කරන කණ්ඩායම් වලට එයින් අරමුණක් ලැබෙන බව ද ඔහු කියා සිටියේය.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විමසූ පැනයට පිලිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවේය.
https://lankacnews.com/වෙඩි-තැබීම්-ගණන්-කරමින්-ම/