වෙඩි තිබ්බත් කඩන්න බැරි යට ඇඳුමක්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වෙඩි තිබ්බත් කඩන්න බැරි යට ඇඳුමක්

    ස්ත්‍රී දුෂණය යනු අද ලෝකය තුල සුලභව දැකගත හැකි ඉතාමත්ම බරපතල දෙයක්.

    ඉන්දියාව තුල සෑම මිනිත්තු 15 කටම වරක් කාන්තාවක් දුෂණයට පත්වන බවට වාර්තා පළවනවා. එසේ සිදුවන ස්ත්‍රී දුෂණ සංඛ්‍යාවෙන් හෙළිවන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. අනෙක් ස්ත්‍රී දුෂණ සියල්ල යටපත් වී යනවා.

    වැඩිවෙමින් තිබෙන ස්ත්‍රී දුෂණ රැල්ලෙන් ආරක්ෂා වීමට ඉන්දියානු තරුණියක් දැරූ උත්සහයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

    සීනු කුමාරි නැමැති මෙම තරුණිය ඩොලර් 68 ක් වැනි මුදලක් වියදම් කොට, ස්ත්‍රී දුෂණ වලින් ආරක්ෂාව සැලසීමට සමත් කාන්තා යට කලිසමක් නිපදවා තිබෙනවා. එම යට කලිසමට combination lock එකක්, හදිසි ඇමතුම් බටන් එකක්, සහ ගෝලීය ස්ථානය නිර්ණය කරන GPS පහසුකමද ඇතුලත් කර තිබෙනවා.

    ඇය පවසන්නේ එය වෙඩි නොවදින තරම් ශක්තිමත්, කැපීමට පවා නොහැකි යට ඇඳුමක් බවයි.

    ඇය මෙම නිර්මාණය කිරීමට පෙළඹී තිබෙන්නේ ඇයගේ නගරය තුල ස්ත්‍රී දුෂණ අපරාධ හිස ඔසවා තිබීම නිසාවෙනි. ඇයගේ මිතුරියන් පවා මෙලෙස දුෂණයට ලක්ව තිබෙන බව ඇය පවසා තිබෙනවා. ඇතැම් දුෂකයින් දුෂණයට ලක්වූ කාන්තාවන්ගේ නිරුවත් චායාරූප සහ වීඩියෝ විකිණීමට පවා කටයුතු කරන අවස්ථාද දැනගන්නට ලැබෙනවා.

    තමන්ට අනතුරක් සිදුවීමට ආසන්න බව දැනුනු ක්ෂණිකව ඇයට යට ඇඳුමේ වූ හදිසි ඇමතුම් බොත්තම ඔබන්නට පුළුවන්. එම ඇමතුම මගින් ලඟම ඇති පොලීසිය සහ පවුලේ කෙනෙකු උනත් සමබන්ධ කරගැනීමට හැකියාව තිබෙනවා.

    එපමනක් නොවෙයි, අපරාධකරුගේ චායාරූප ලබාගෙන ඒ තුලම ගබඩා කරගැනීමට සමත් තාක්ෂනයක්ද එහි දැකගන්නට පුළුවන්.

    ඇයගේ මෙම නිර්මාණයට තවම පේටන්ට් බලපත්‍රයක් ලැබී නොමැති අතර අනුමැතිය ලැබුණු වහාම එය වෙළඳ පොළ වෙත නිකුත් කිරීමටද ඇය සූදානම්



    Video eka - http://video.dailymail.co.uk/video/mol/2018/01/08/3247775769925011927/640x360_MP4_3247775769925011927.mp4?_=1


    http://www.lankaderana.com/news/%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%99/
     
    • Like
    Reactions: CloudX64

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    ඕක දැක්කම දුශනේ කරන්න ආපු එකා පොලිසියට දුවයි.මරාගෙන මැරෙන බෝම්බයක් වගේනේ.
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ඔක ඇන්දායි කියලා .ජින්කි කරන්න බැරි නෑනෙ.
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    අඩෝ මේක කවුද බෝයි කාටුන් එකෙන් කොපි කරල හදල තියෙන්නෙ. මේක ඉස්සර වෙලාම හදුවෙ කවුද බෝයි කාටුන් එකේ