වෙඩි_වැදුණු මූණට අලුත් මූණක්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    වෙඩි_වැදුණු මූණට අලුත් මූණක්

    1997 දී අත්වැරදීමකින් තම පිස්තොලය මුහුණ ඉදිරියේ පත්තුවීමෙන් මුහුණු විකෘති වූ 35 හැවිරිදි රිචඩ් ලී නොරිස් ඇමෙරිකා ජාතිකයාගේ මුහුණට නිර්නාමික පුද්ගලයකුගේ මුහුණේ අවයව බද්ධ කිරීමට ඇමෙරිකාවේ මේරිලන්ත සරසවි වෛද්‍ය විද්‍යාලයයේ වෛද්‍යවරු පිරිසක් සමත්වූහ. මෙම ශල්‍ය කර්මයට වෛද්‍යරුවන් සිය දෙනකු ඇතුළු එකසිය පනස් දෙනකුට පැය 36ක් ගත විය. මෙවැනි ශල්‍ය කර්ම විසි දෙකක් මීට පෙර සිදුකර ඇතත් ඒ අතරින් මෙම ශල්‍ය කර්මය සුවිශේෂි බව වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානියා වූ ශල්‍ය වෛද්‍ය එඩුආර්ඩෝ රොඩ්රිගස් පවසයි. එයට හේතුව වශයෙන් ඔහු කියනුයේ වෙඩි වැදීම නිසා දිවේ පැත්තකුත් දත් හා මුහුණේ තවත් අවයව විනාශ වී තිබුණත් ඒ සියලු දේ නැවත බද්ධ කිරිමට හැකි වූ බවයි. එඩුආර්ඩෝ රොඩ්රිගස් මාර්තු 22 දා සිදුකළ ශල්‍ය කර්මයෙන් පසු රෝගියා දින තුනක් පුරා සිහිසුන්ව සිට බවත් පියවි සිහිය පැමිණි විගස කණ්නාඩියෙන් තම මුහුණ බලා මහත් සේ සතුටට පත්ව තමා ඇතුළු පිරිස වැළඳගත් බවත් වෛද්‍ය එඩුආර්ඩෝ රොඩ්රිගස් පවසයි. අලුත් මුහුණ ඇති බව ඔහුට දැනෙයි. දැන් දත් මදියි. ඔහුට සිනා සීමට ද හැකි වෙතියි වෛද්‍යවරු කියති. හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවූවත් තව දින කිහිපයක් ඔහු මෙරිලන්ත සරසවියේ වෛද්‍ය විද්‍යාලයයේ තබා ගැනීමට වෛද්‍යවරු තීරණය කරති.



    noriss.gif


    trapianto_viso2.jpg


    1841.jpg


    179.jpg


    186.jpg


    180.jpg


    183.jpg
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පිං සිද්ධ වෙන වැඩක් කරලා තියෙන්නෙ දොස්තරලා 3+++
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ado marune.habayi thama aruge muna nikan debaru anala wage neda.