ඔහු මා දන්නා පරිදි රජයේ වෛද්‍යවරයෙකි
මේ දක්වා ඇත්තේ ඔහුගේ දිස්පෙන්සරියේ ඔහු රෝගීන් බලන වෙලාවයි
නිවසේ සිට විනාඩි 45 ක් දුරින් වූ රෝහලක සේවය කරන මොහු
රෝහලට යාමට ගෙදරින් පිටවන්නේ
උදැසන 11 පසුවිමෙනි
හරි 11ටම ගෙදරින් ගියා කියමුකෝ
රෝහලට යනවිට 11.45 යි
නැවත 3.15 ට මොහු රෝහලින් පිටවිය යුතුයි 4 ට දිස්පෙන්සරියට පැමිණිමටනම්
එවිට ඔහු රෝහල තුල ගතකරන කාලය පැය 3 විනාඩි 30 කි
එම කාලයෙනුත් රෝගීන් පරික්ෂාවට යොදවන්නේ කොතරම් වෙලාවක්දයි නොදනිමි
නමුත් ඔහු පැය 9 විනාඩි 30 දිස්පෙන්සරියේ ගතකරයි
ගොවිතැන් බතක් කරන් ජිවත් වෙන අප්පුහාමිලා සිරියාවතිලා
සිනි කිලෝවට, තේ කොළ සීයට ගෙවන බදු සල්ලි වලින් මේ වගේ අයට නිදහස් අද්යාපනයෙන් උගන්වලා
උන්ගේ බදු සල්ලි වලින්ම පඩි සහ අනෙකුත් නානාප්‍රකාර දීමනාත් ගෙවලා
වාහන ගන්න පර්මිටුත් දෙන්න සිදු වෙලා තියනවනේ...
දැන් කෙනෙක් කියයි oncall ඉන්නේ කියල
විනාඩි 45 ක් එනකොට ලෙඩා මැරෙන්නත් පුළුවන්
oncall ඉන්නේ දිස්පෙන්සරියෙනේ
එකට OT ගෙවන්නෙත් අප්පුහාමිලා සිරියාවතිලා
Last edited:

