වෙනම කලාප දෙන්නෑ

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
වෙනම කලාප දෙන්නෑ




IMG_9782.jpg1-300x200.jpg

යුද අපරාධ චෝදනා නගා ශ‍්‍රී ලංකා රජය ප‍්‍රාණ ඇපයට ගනිමින් උතුරේ ඊළාම් රාජ්‍යයක් බිහි කරන්නට විදෙස් බලවේග සමඟ එක් වී දෙමළ ඩයස්පෝරාව ගන්න උත්සාහය ඉදිරියේ කිසිසේතම දණින් නොවැටෙන බව රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.
මේ රට තුල වෙනම රාජ්‍යයක් බිහි කරන්නට තැත්කල කොටි සංවිධානය අනුව යමින් උතුරේ වෙනම ස්වයං පාලන කලාපයක් ඇති කිරීමට මෙම බලවේග උත්සාහ කරන බවද ඒ මහතා පෙන්වා දෙයි.
යුධ අපරාධ චෝදනා නගා ශ‍්‍රී ලංකාවට විදෙස් නිරීක්‍ෂකයන් එවීමට නොයෙකුත් ආක‍්‍රමණකාරී විදේශ බලවේග උත්සාහ ගනිමින් සිටින බවද රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.
රටට උදාවී ඇති නිදහස උදුරා ගන්නට කිසිදු බලවේගයකට ඉඩ නොකබන බවත් කිසිවෙකුට පරාජය කරන්නට බැහැ කියූ ලෝකයේ බිහිසුණුම ත‍්‍රස්තවාදය මුලිනුපුටා දමා විශාලතම ප‍්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මානුෂීය ක‍්‍රියාන්විතය සිදුකර උතුරේ ජනතාවට නිදහසේ ජීවත් ඉඩ සලසා දුන් ශ‍්‍රී ලංකා රජයට හා හමුදාවන්ට එරෙහිව ක‍්‍රියාකිරීම ත‍්‍රස්තවාදය සහ බෙදුම්වාදය නැවත ඇතිකිරීමට ගන්නා උත්සාහයක් බවද ආරක්‍ෂක ලේකම්වරයා පෙන්වා දේ.
බටහිර බලවේගයන්ගේ බෙදුම්වාදී අරමුණ පරාජය කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජයට ජිනීවා මානව හිමිකම් සමූලවේදී දැනටමත් චීනය, රුසියාව, ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක්ම එකඟතාවය පලකර ඇතැයිද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.