වෙනසක් කරන්න අපි කඬේ ගියාට වෙනසක් වී නෑ..

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    වෙනසක් කරන්න අපි කඬේ ගියාට වෙනසක් වී නෑ..



    p1-9.jpg



    වත්මන් ආණ්‌ඩුව යටතේ රට අරාජක හා අස්‌ථාවර වී ඇති බැවින් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස පෙරඹර කලාකරුවන්ගේ සංවිධානයේ කලාකරුවෝ රැසක්‌ ඊයේ (08 වැනිදා) කොළඹදී මාධ්‍ය හමුවක්‌ කැඳවමින් ඉල්ලා සිටියහ.

    වත්මන් රජය බලයට පත්වී දින එකසිය පනහකට ආසන්න වුවත් ආණ්‌ඩුව ජනතා පොරොන්දු කඩ කරමින් කිසිදු වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක නොකරන තැනට පත්ව ඇති බවත් පසුගිය රජය පෙරළා මෙම රජය බිහි කිරීමට උර දුන් කලාකරුවන් ලෙස මෙම තත්ත්වය හමුවේ තවදුරටත් නිහඬව සිටිය නොහැකි බවත් රංගන ශිල්පිනී දීපානි සිල්වා මහත්මිය පැවසුවාය.

    වෙනසක්‌ බලාපොරොත්තුවෙන් වෙනසක්‌ කළත් හිතූ තරම් වෙනසක්‌ රට තුළ සිදු වී නොමැති බවට චෝදනා කළ දීපානි සිල්වා මහත්මිය මෙම තත්ත්වය පිළිබඳ කීමත් කනගාටුවක්‌ බවද පැවසුවාය.

    මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කලාකරුවන්ගේ සුබසාධනය ඇතුළු අනෙකුත් දැ ගැන සඳහන් වී ඇති නමුත් මෙම රජය බලයට පත්වී කලාකරුවන් වෙනුවෙන් කිසිදු සේවාවක්‌ හෝ සිදු කර නැතැයි ද ඇය පැවසුවාය.

    අද සියලු දේ නිහඬ වී ඇති බවත් මෙවැනි නිහඬ බවක්‌ රටට අනවශ්‍ය බවත් රංගන ශිල්පිනී දීපානි සිල්වා මහත්මිය වැඩිදුරටත් කීවාය.

    මෙම අවස්‌ථාවට කලා ක්‍ෂේත්‍රය නියෝජනය කරමින් රංගන ශිල්පීන් ශිල්පිනියන් ටෙලිනාට්‍ය චිත්‍රපට අධ්‍යක්‍ෂවරු සාහිත්‍යවේදීන් ඇතුළු බොහෝ පිරිසක්‌ එක්‌වූහ.

    "පෙරඹර" කලා එකමුතුව මගින් ඊයේ (8 දා) සංවිධානය කළ මාධ්‍ය හමුවේදී රංගන ශිල්පිනී දීපානි සිල්වා මහත්මිය මාධ්‍යවේදීන් දැනුවත් කළ අයුරු.

    ඡායාරූපය- සමන් රණවීර
    source: divaina newspaper

    ...........................................................................
    පසුගිය ජනාධිපතිවරණයේදී වෙනසක් වෙනුවෙන් පෙනී සිටියත් අද වන විට එසේ වෙනසක් සිදුවී නැතැයි රංගන ශිල්පිනී දිපානි සිල්වා මහත්මිය පවසයි.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ දීපානි සිල්වා මහත්මිය මෙසේද කීවාය.

    ‘ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව කටයුතු කළ,මානව හිමිකම් උල්ලංඝණය කළ රජයක් පෙරළා දමා වෙනසක වෙනුවෙන් අප පෙනී සිටියා.ඒ වුණාට කියන්නට කනගාටුයි කියන තරම් වෙනසක් නම් සිදුවෙලා නැහැ.

    තවදුරටත් අපිට නිහඩව සිටීමට නොහැකියි. රට මේ වනවිට අරාජිකව, අස්ථාවර වෙලා. ආණ්ඩුව දුන් පොරොන්දු ඉටුකර නැහැ.

    ආණ්ඩුවේ දින 100 හොදයි. එවැනි වැඩපිළිවෙළක් ඇතිව ආණ්ඩුව බලයට ආවත් පොරොන්දු ඉටුකර නැති බවද කිව යුතුයි.

    දැන් දින සියය දින 150ක් වෙලා ඉවරයි. මේ ආණ්ඩුව කලාකරුවන් වෙනුවෙන් කිසිදෙයක් කර නැහැ. එහෙම එකක් පෙනෙන්නටවත් නැහැ’
    source :lankacnews

    ...................................................................
    කුඩු කුඩු කුඩු


    හිටපු අගමැතිවරුන් වන දී.මූ. ජයරත්න සහ රත්නසිරි වික්‍රමනායන යන මහත්වරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයන් ලෙස පත් කර තිබේ. මේ සඳහා පත්වීම් ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ සවස ලබාදී ඇත.
    රත්නසිරි වික්‍රමනායක චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආණ්ඩුවේ අගමැති තනතුර දැරූ අතර මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ජ්‍යෙෂ්ඨ ඇමති තනතුරක් දැරීය.
    දී.මූ.ජයරත්න මහතා රාජපක්ෂ ආණ්ඩුවේ අගමැතිවරයාද විය.
    source :lankbima
     
    • Like
    Reactions: toi

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    පැටියා;18487091 said:
    වන් මෑන් සෝද පුටේ? :eek:

    රටේ කලාකරුවෝ කියන අදහසක්. මෙනි මැන් වුමන් සෝ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රටේ කලාකරුවෝ කියන අදහසක්. මෙනි මැන් වුමන් සෝ

    මෙනි මෙන්. මෙනි විමෙන්. අනේ අපොයි මන්දන්නෑ කොහොම කැනඩාවට වෙලා ඉන්නවද කියලා. :lol:
    ගංකබරය වගේම තමා උගෙ ගෝලයොත්. නූගත් හැතිකරේ :rofl:
     
    • Like
    Reactions: Sadun Buwa

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    පැටියා;18487177 said:
    මෙනි මෙන්. මෙනි විමෙන්. අනේ අපොයි මන්දන්නෑ කොහොම කැනඩාවට වෙලා ඉන්නවද කියලා. :lol:
    ගංකබරය වගේම තමා උගෙ ගෝලයොත්. නූගත් හැතිකරේ :rofl:

    යහපාලනය bump
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පැටියා;18487177 said:
    මෙනි මෙන්. මෙනි විමෙන්. අනේ අපොයි මන්දන්නෑ කොහොම කැනඩාවට වෙලා ඉන්නවද කියලා. :lol:
    ගංකබරය වගේම තමා උගෙ ගෝලයොත්. නූගත් හැතිකරේ :rofl:

    Adu masen ipaduna un.:lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ටෝයියනි,

    දිපානි සිල්වා මහත්මිය කියපු දේ වැරදිද? :lol: