වෙනස්_වෙන්න_අකැමැති_ආමිෂ්වරු

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
වෙනස්_වෙන්න_අකැමැති_ආමිෂ්වරු

මිට කලින් අහල තිබුනත් මේ මිනිස්සු ගැන තව ටිකක් දැන ගන්න ආස හිතුනු නිසා ටිකක් හොයල බලන්න හිතුනා.ඔන්න මට දකින්න ලැබුණු දේවල් ටික අපේ කට්ටියත් එක්ක බෙදා ගන්නයි හදන්නේ. මේ විස්තර වැඩි හරියක් ගත්තේ ''පහන් යාය ''කියන බ්ලොග් එකෙන්..

"ආමිෂ්" කියන වචනේ ඔයාලා අහලත් ඇති. නැති අයට දැන ගන්නත් එක්ක පොඩි හැඳින්වීමක් කරන්නම්කො. "ආමිෂ්" කියන්නේ හඳ අල්ලපු රටේ ජිවත් වෙන ජන කොට්ටාශයක්. මෙයාලාගේ ආරම්භය සිද්ධ වෙලා තියෙන්නේ නම් යුරෝපයේ. දහසය වෙනි සියවසේදී යුරෝපයේ වෙනම ආගමික කණ්ඩායමක් බිහි උනාලු "මෙනොනයිට්" නමින්. ඔවුන්ගේ නීතියේ හැටියට පුද්ගලයෙක් දෙපාරක් බෞතිස්ම කරනවලු. පුද්ගලයා යමක් කමක් තේරුම් ගන්න පුළුවන් වැඩිහිටියෙක් බවට පත් උනාට පස්සේ ස්වකැමැත්තෙන් නැවත බෞතිස්ම කරනවලු. ඔවුන්ගේ නීති රීති තද මදි කියලා විශ්වාස කරපු මේ කණ්ඩායමේ ම තවත් ටික දෙනෙක් "ජේකොබ් අම්මන්" කියන පුද්ගලයා ගේ නායකත්වය යටතේ වෙනම කණ්ඩායමක් හැටියට වෙන් වෙලා ගියාලු. අන්න එයාලා තමයි මේ "ආමිෂ්" ජනතාව. "අම්මන්වරු / අම්මන්ගේ අනුගාමිකයින්" කියන තේරුමෙන් තමයි ආමිෂ් කියන නම එයාලට ලැබිල තියෙන්නේ.
N9ZZz4u.jpg

ඉතින් මුල් වරට ආමිෂ් කණ්ඩායමක් ඇමරිකාවට ඇවිත් තියෙන්නේ 1730 දී, පෙනිසිල්වේනියා ප්‍රාන්තය ට. ඉන් පස්සේ වරින් වර ඇමරිකාවට සංක්‍රමණය වුනු මේ අය අද වන විට ප්‍රාන්ත විසි ගණනක පමණ ජීවත් වෙනවා.

අපි බලමු මෙයාලගේ විශේෂත්වය මොකක්ද කියලා. මේ අය ජීවත් වෙන්නේ අන්තිම සරල විදියට. කොටින්ම කියනවනම් 18 වන සියවසට පසුව පැමිණි තාක්ෂණය භාවිතා කරන එක එයාලට තහනම්. එතකොට කල්පනා කරලා බලන්නකෝ අපිට තියන එයාලට නැති දේවල්...විදුලිය, වාහන, රූපවාහිනිය, මොබයිල් ෆෝන්, ඩෙස්ක් ටොප්, ලැප් ටොප්, ඉන්ටර්නෙට්, අයි ෆෝන්, අයි පෑඩ් (හික්)...හප්පා, මේවා නැතුව ජීවත් වෙන හැටි ඔයාලට හිතාගන්න පුළුවන්ද? අපිට බැහැ වගේ පෙනුනට එයාල එහෙම තමයි ජීවත් වෙන්නේ. ආමිෂ් උප ජන කොටස් අතර මේ නීති රීති තරමක් එකිනෙකට වෙනස් උනත් බොහෝ දුරට මේ නීති ඔවුන්ට පොදුයි.

අර උඩ පින්තුරයේ ඉන්නේ ආමිෂ් පවුලක්. අපිනම් ඉඳල හිටලා මේ වගේ අය දකිනවා. ඇඳුම් වලින් ඔවුන්ව ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. අශ්ව කරත්තවලින් තමයි ඒ අය ගමන් බිමන් යන්නේ.

OYEIhyX.jpg


5bzhOWu.jpg




kvZ1TCy.jpg


BzPrOj7.jpg


ඔවුන් ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ නවීන සමාජයෙන් හැකිතාක් දුරට වෙන් වෙලා ඉන්න. වෙනම ගම්මාන වල ජීවත් වන ඔවුන් තමන්ගේ අහාර ගමේම වගා කරගන්නවා. ඒ සඳහා යොදා ගන්නෙත් පැරණි සාම්ප්‍රදායික උපකරණ සහ සතුන්.



gBbIUpM.jpg


8Cg8iuR.jpg


OUToBj0.jpg


f7J46At.jpg


V0VhjGT.jpg


iCDiFCz.jpg


UdlFIa1.jpg


ඔවුන්ගේ ඇඳුම් ගැන කියනවනම් තනි පාට රෙදි වලින් තමයි ඇඳුම් මහන්නේ. සාමාන්‍යයෙන් ගෙදර ගෘහණිය පවුලටම ඇඳුම් මැසීම කරනවා. කාන්තාවන්ගේ ඇඳුම් ගොඩක් දුරට තද පාට රෙද්දකින් ඒප්‍රනයක් සහිතව දිග ගවුමක් ආකාරයට සකස් කරනවා. පිරිමි අයගේ ඇඳුම වෙන්නේ ලා පැහැ කමිසයකුත් තද පැහැ කලිසමකුත්. අවිවාහක පිරිමින් රැවුල මුඩු කරන අතර විවාහ වූ පසුව එය නොකපා දිගට වැවෙන්නට හරිනවා. එහෙත් උඩු රැවුල වැවීම තහනම්. ගැහැණු අය කොණ්ඩය බැඳ සුදු පැහැ හිස් වැසුමකින් හිස ආවරණය කළ යුතුයි.

3f4vnpL.jpg


uVDypn1.jpg



jilCO6y.jpg



ඔවුන් අධ්‍යාපනය ලබන්නේ 8 හෝ 9 වන ශ්‍රේණිය වන තෙක් පමණයි. එයද සිදුවන්නේ ගමේම පවත්වනු ලබන කුඩා පන්තියක. ජීවත් වීම‍ට අවශ්‍ය මූලික දැනුම (ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, භූ ගෝලය ආදී) මෙහිදී ලබා දෙනවා. ඔවුන්ගේ මවු භාෂාව වන්නේ "පෙනිසිල්වේනියන් ඩච්".




ඔවුන්ගේ ජිවිත ඉතාමත් සාමකාමී යි. මත්ද්‍රව්‍ය භාවිතා වෙන්නෙම නැති තරම්. දික් කසාද සිදු නොවන අතර වෙන් වීම් සිදු වන්නේ ඉතාමත් කලාතුරකින්. ඔවුන්ට ආමිෂ් නොවන අය සමග විවාහ වීම තහනම්. "පවුල" ඔවුන්ගේ වැදගත්ම ඒකකය ලෙස සළකන අතර සාමාන්‍යයෙන් එක පවුලකට දරුවන් 7 ක් 10 ක් අතර ප්‍රමාණයක් සිටිනවා. පසුගිය අවු. 50 ඇතුලත ආමිෂ් ජන ගහනය තුන් ගුණයක් වී ඇති බව පැවසෙනවා.
zV9iVsa.jpg

ඒ එක්කම වැදගත් දෙයක් කිව යුතුයි. මෙහිදී කිසිම කෙනෙක් බලෙන් ආමිෂ් ලෙස රඳවා ගැනීමක් කරන්නේ නැහැ. ළමයෙක් යොවුන් වයසට ආවට පස්සේ ඔවුන්ට කාල පරාසයක් ලබා දෙනවා බාහිර සමාජයත් සමග මිශ්‍ර වෙලා අත්දැකීම් ලබා ගන්න. "running around" ලෙස හැඳින්වෙන මේ කාලයේදී ඔවුන්ට ඕනෑම දෙයක් කරන්න නිදහස තියනවා. තමන්ට ඇති කියලා හිතුනම ඔහු/ඇය තීරණයක්‌ ගන්නවා නවීන සමාජයට එකතු වෙනවද එහෙම නැත්නම් ආමිෂ් කෙනෙක් හැටියට බෞතිස්ම වෙනවද කියලා. මෙතැනදී ගොඩක් දෙනෙක් ආමිෂ් මාර්ගය තෝරා ගන්න එක ලු වෙන්නේ.

ඔවුන් දේශපාලනය සමග සම්බන්ධ නොවන අතර රජයේ පාලනයෙන්ද හැකි තාක් දුරට ඈත් වී සිටිනවා. මොනයම් ආකාරයක හෝ භිෂණය හෙලා දකින ඔවුන් ආරක්ෂක කටයුතු සඳහා සම්බන්ධ වෙන්නෙත් නැහැ. නීති රීති පැහැර හරින ආමිෂ් පුද්ගලයින් ඔවුන්ගේ සමාජයෙන් කොන් කර නෙරපා හැරීමක් සිදු කරනවා.


ඉතින් මේ ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන සරල මිනිස්සුන්ගේ ජීවිත කොයි තරම් සුන්දරද කියලා මටනම් වෙලාවකට හිතෙනවා. විච්චුරණ ගැජමැටික්ස් එක්ක ජීවත් වෙන අපි මීට වඩා කොයි තරම් කෘතිමයිද? නිස්කලංක ආමිෂ් ගම්මානෙක තියන පළා පාට ලස්සන, අහස හූරන මේ නගරවල තියනවද? තිරිඟු යායවල් උඩින් හමන පිරිසිදු හුළඟ, නගර හරහා හමන ගිනි හුලං වගේ අපේ හුස්ම හිර කරනවද කවදාවත්? ගම්මානේ මැදින් ගලන පලිඟු වගේ පැහැදිළි දිය පාර, ගඟක් වෙලා මහ නගර පහු කරගෙන යද්දී ඒ පලිඟු පාටට මොනවද වෙන්නේ?


KJeoAck.jpg


tHuN32d.jpg


8UWnIFa.jpg


qO0fpzf.jpg


සරළ, සුන්දර ජීවිත ගත කරන ඔවුනුත් අවිවේකි, අසම්පූර්ණ ජීවිත ගත කරමින් තාක්‍ෂණේ පස්සේ දුවන අපිත් අන්තිමේදී පොළවට පස් වෙනවා. වෙනසකට තියෙන්නේ පොළවට බරක් නොවී මැරෙන ඔවුන්ව මහ පොළවත් ආදරෙන් වැළඳ ගනිද්දී අපි මැරෙන්නේ ඒ පොළොවත් මරාගෙන.

තවත් කියන්න ඕන මෙයාලගේ ගතිගුණ විදහා දැක්වුණා අවස්තාවක් ගැන..2006 දිනක ආමිෂ් වරුන්ගේ පාසලට කඩා වැදුණු තුවක්කු කරුවෙක් අතින් ළමයි 5දෙනෙක් මරුමුවට පත් උනා.
uuDAu0E.jpg


BqN2f9o.jpg



ඒ වෙලාවේ ආමිෂ් වරුන් මියගිය තමන්ගේ ළමයින් වෙනුවෙන් වගේම දිවි නසාගත් තුවක්කු කරුවා වෙනුවෙනුත් යාඤා කළා.
 
Last edited:

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    වෙලවකට හිතෙන්නේ නැද්ද මුන්ගේ ජිවිත නිස්කලංකයි කියල. එදා වේල හොයාගෙන කනවා , ඕන දේවල් තමුන්ම වගා කරගන්නවා. ඉතුරු කරන්න කියල මැරෙන්න හදන්නේ නෑ. උදේ ඉඳන් හවස් වෙනකන් සල්ලි පස්සේ දුවන්නේ නෑ. අපිට upset වගේ පෙනුනනට මුන් හෙන සන්තෝසෙන් වෙන්න ඇති බන් ඉන්නේ මොකද සරල ජිවිතයක් නේ. +9
     
    • Like
    Reactions: HondaMPLG

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    සරල ජීවිතේ සතුට වැඩී. මට නන් පේන විදියට මෙයාලගෙ හොදම මීටර් වැඩේ තමයි 8,9 පන්තියට වෙනකන් විතරක් උගන්නන එක. මිනිස්සු අති පන්ඩිත උනාමත් අනික් උන්ට වාතයක් නේ. වටින ත්‍රෙඩ් එකක්. තෑන්ක් යූ මචන්