‘මිනීමරු කහකඩ වියරුව’ ගෝඨාගේ නිවසින් එළි බසී..!
නීතියේ යුක්තියේ පාලනයකටත්, නිර්මල බුද්ධාගමටත් අභියෝග කරමින් ‘මිනීමරු කහකඩ වියරුවක්’ රට පුරා හිස ඔසවමින් තිබේ. ජම්පර් අස්සේ ඥානසාර බේරා ගැනීමට කියා කළ එළි බසිමින් තිබෙන මෙම ‘මිනීමරු කහකඩ වියරුවේ’ එක් කූඨප්‍රාප්තියක් අද ගෝඨාභයගේ නිවසේ දී එළි දැක්කේ ය. එනම් අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි නමැති සිවුරුකරුගේ වියරුවයි.
මිනිසුන් මිලියන 11 ක් ඍජුවම වධකාගාර තුලදී ඝාතනය කළ, යුරෝපයේ පමණක් යුද්ධයෙන් ඍජුව මිනිසුන් මිලියන 26 හමාරක් ඝාතනය කළ, නූතන ශිෂ්ඨ සමාජයම පිළිකුල් කරන හිට්ලර් වගේ වෙන්නැයි ඔහු ගෝඨාභයට අනුශාසනා කෙළේය. ගෝඨාභයගේ 69 වෙනි උපන් දිනය දා උස්මුරුත්තාවට දානය ගිල දැමීමෙන් පසුව පැවැති අනුශාසනාවේ දී ඔහු වැඩිදුරටක් ප්‍රකාශ කෙළේ හිට්ලර් වගේ වී හමුදා පාලනයක් ගෙන යමින් රට පාලනය කරන ලෙසය.
මෙවැනි ඉල්ලීමක් කළ හැක්කේ හොඳ සිහි බුද්ධියෙන් සිටින අයෙකුට නොව පිස්සෙකුටම පමණි. මේ පිස්සන්ගේ ‘මිනීමරු කහකඩ වියරුව’ රට ලේ විලක් කිරීමට පෙර සිහිබුද්ධිය ඇති පාලකයන්ද, සැබෑ බුද්ධ පුත්‍රයන්ද ශිෂ්ඨාචාර ජනතාවද මේ භයානක තත්ත්වය පාලනය කිරීමට තීරණාත්මකව තීන්දුවක් නොගතහොත් මෙය දරුණු විනාශයකින් කෙළවර වීම වැළැක්විය නොහැකිය.
- (ලංකා ඊ නිව්ස් - 2018.ජුනි.20, ප.ව.11.40)