වෙන්ඩ රැඩිකල් නාඩගම්

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    1665553825796.png


    > සුළු සිදුවීමක් අල්ලාගෙන පාසල් ගුරුවරියක් දඬුකඳේ ගසන පිළිවෙතට අප කිසිසේත්ම එකඟ නැත.
    > එසේම ලෝකයේ ඕනෑම සංස්කෘතියක, රටක, ආයතන පද්ධතියක පවතින සහ පැවතිය යුතු සම්මුතීන් සියල්ල පසෙක දමා වල් බූරු නිදහසක් ඉල්ලන අයියලාගේ වෙන්ඩ රැඩිකල් නාඩගම්වලටද අප එකඟ නැත.
    > පුදුමාකාර විහිළුව වන්නේ පාසල් දරුවන් සමඟ මධ්‍යපානයේ ගුණ වයමින් නැටීම අනුමත කරන මේ අයියලාම තමන් අකමැති මන්ත්‍රීවරයෙකු සාදයක ගීයක් ගායනා කිරීම ලෝක ප්‍රවෘත්තියක් බවට පත් කරගෙන තිබීමය.
    > පැණි ධම්මිකගේ මිත්‍යාව ඉදිරියේ සිංහ සෙයියාවන් රඟ දක්වමින්, බෝන් අගේන් කල්ලි හමුවේ පූස් පැටවුන් මෙන් හැසිරෙන්නේද මේ රැඩිකල් අයියලාමය.
    > ලිංගික නිදහස ගැන බ්‍රහ්ම ටෝක් දෙමින්, ප්‍රසිද්ධ සභාවක නැටුමක් නැරඹීමේ ඇති ලිංගිකත්වයක් ගැන සොයමින් නාඩගම් නටන්නේද මේ රැඩිකල් අයියලාමය.
    > කුඩා දරුවන් පැවිදි කිරීමට එරෙහි වෙමින්, කුඩා දරුවන් ළමා සොල්දාදුවන් බවට පත්කළ ප්‍රභාකරන්ලාට කවි ගී ලියන්නේද මේ රැඩිකල් අයියලාමය.
    > වසන්තා හඳපාන්ගොඩට මහ පාරේ අතවර කරමින් හිරුණිකාගේ මාතෘත්වයේ මහිමය ගැන ගුණ ගැයුවේද මේ රැඩිකල් අයියලාමය.
    > බන්දු සමරසිංහගේ දේශපාලන අවබෝධය ගැන ප්‍රශ්න කරමින් රැට්ටා ජාතික වීරයෙක් සේ සලකා වන්දනා කළේද මේ රැඩිකල් අයියලාමය.
    > මේ උදාහරණ ඉදිරිපත් කළේ අප බන්දු, ධම්මික හෝ වසන්තා වෙනුවෙන් පෙනී සිටින නිසා නොව රැඩිකල් ලෝකයේ ඉල ඇදෙන පරස්පරතා පෙන්වා දීමට පමණි.
    > තමන් අකමැති දේවල් සම්බන්ධව පමණක් රැඩිකල් වන ඔවුහු තමන්ගේ දේශපාලනයට පක්ෂ ඕනෑම කුණු කන්දක් හමුවේ කාටත් වඩා ගතානුගතික වෙති.
    > කෙටියෙන්ම කිවතොත් ඔවුන්ගේ ඊනියා රැඩිකල්කම් තරම් තවත් විහිළුවක් ලෝකයේ කොතැනකවත් නැත.
    > රටට, ලෝකයට හෝ මිනිස් වර්ගයාට කිසිදු වැදගත්කමක් නැති මේ රැඩිකල්කම රටේ පදනම පුපුරවා හැරීමේ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් දියත් කරන ඉතා බාල ගනයේ මතවාදී සූදුවක් පමණි.
    අනාගතය අපි තරුණ ව්‍යාපාරය
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,535
    167,016
    113
    එකමත් එක රටක
    ගුරුවරු උගන්නනවා නේ. කිසි වැඩක් කරන්නේ නැති එකෙක් පාටි වල සින්දු කියන කොට බනින එක සාධාරණයි.