වෙන්වී යාම.
ප්‍රිය කරන කෙනෙකුගේ වෙන්වයෑම වේදනාවක් ගෙනදෙන කරුණකි. ප්‍රිය කරන පුද්ගලයෙකු අපගෙන් වෙන්ව ගොස් බොහොකල් ගත වුන ද සුන්දර සිදුවීම් මතකයට නැගෙන්නේ නිතැතිනි.
එසේම අප්‍රිය කරන පුද්ගලයෙකු සමග එක්වීමද අපව අපහසුවට පත් කරයි. එසේ එක්ව විසීමෙන් මතුවන කරුණු ඉමහත් කළකිරීම් වලට සිත පත්වෙයි. එම සිදුවීම්ද බොහොකල් ගත උනත් අප්‍රසන්න හැගීම් සමගින් යලි ආවර්ජනය වෙයි.
රිය සේම අප්‍රිය පුද්ගලයින් පිලිබද වු මතකයන් හා ඒ පුද්ගල ප්‍රතිරූප පවතින්නේ ඔවුන්ගේ බාහිර රූප වල නොව ඔවුන් ඇසුරු කරන අපගේ සිත් තුලය. කෙනෙක් කොතෙක් බාහිර රූපයෙන් ලස්සන හෝ අවලස්සන යැයි සමාජයේ සම්මත වුවත්, ඒ පුද්ගලයාගේ ගතිගුණ අනුවත් සමාජයේ හැසිරීම මත තව කෙනෙක්ට ඔහු හෝ ඇය ප්‍රිය හෝ අප්‍රිය විය හැක. අප විසින් කෙනෙක් ප්‍රිය හෝ අප්‍රිය ලෙස බෙදන නිර්ණායක සමහර විට එකිනෙකාගෙන් සාපෙක්ෂ වූ කාරණා වෙයි. නමුත් බොහො විට ප්‍රිය අප්‍රිය භාවයන් සමාජය සම්මතයන් මත පිහිටා තීරණය වෙන අවස්ථාවන් වේ. මේ ප්‍රිය අප්‍රිය භාවයන් සත්‍ය වශයෙන් ගත් කල, සිතුවිලි (මනෝ සංස්කාර) හැර වෙන දෙයක් එහි නැත.
අප ප්‍රිය කරන පුද්ගලයෙකු අප හැර යන අවස්ථාව සැලකුවහොත්, ඒ මොහොතේ ඇතිවන ශෝක දුක්ඛ දොමනස්සයන් ඇති වන්නේ ඒ පුද්ගලයාගේ රූප මතවත්, වෙන බාහිර දෙයක් මත නොව ඒ මොහොතට මුහුණ දෙන පුද්ගලයින්ගේ සිත් තුලයි. ඒ වේදනාව අරබයා තව තව සිත් පහල කරමින් වර්ථමානයේ ඒ සිත් ගෙවා දමයි. අනාගතයේ යම් දවසක යලි යලිත් එම සිතුවිලි ආවර්ජනා කරමින් ඒ මොහොතේ පවතින වර්තමානයද ගෙවා දමනු ඇත.
කෙනෙක් යම් රූපයක් අරබයා හො යම් වේදනාවක් අරබයා හෝ වෙනයම් දෙයක් අරබයා හෝ ප්‍රිය අප්‍රිය භාවයන් ඇති කර ගනිමින් සිටීනම් ඒ සිතෙහි ඇතිවන නාම ධර්ම ඇතිවී නැතිවී යාමක් පමනි. ඒවා යළි උපාදාන කරමින් කාලය ගතකිරීම සසර දික් කිරීමටද හෙතුවේ.
දූවිලි පිසදමන රෙදි කඩකින් දූවිලිද.. මල මුත්‍රද .. වෙනත් නොයොකුත් පිරිසිදු දේ මෙන්ම අපිරිසිදු දේද පිස දමයි. නමුත් දූවිලි පිසදමන රෙදි කඩට ඒවායෙ වගක්වත් නැත. අපගේ සිතත් එසේ සියලු ප්‍රිය අප්‍රිය බාවයන් ගැන සම සේ උපේක්ෂාවෙන් දකීනම් එහි උපාදාන ක්‍රියාවලියක් සිදු නොවේ. ඉන් ඒ පුද්ගලයා සසර කෙළවර කරන මගෙහිම ගමන් කරනු ඇත.
සියලු දෙනාට ප්‍රිය අප්‍රිය බාවයන් උපේක්ෂාවෙන් විද දරා.. සසර කෙළවර කොට නිවන් දැකීමට හැකි වෙවායි පතමු.
තෙරුවන් සරණයි..!!
~~~ අමා සුව ~~~
Facebook
තෙරුවන් සරණයි...!!!
සියළු සත්වයෝ සුවපත් වෙත්වා...!!!!

Last edited: