කොල්ලෝ උබට නිවන් සැප. මූට බනිනවා නෙවේ.
අම්මා අප්පාගෙන් හරි, කොම්පැනියට කත් ඇදලා හරි කොල්ලේක් බයිසිකලයක් අරන් ඌ යන්නේ නිකන් බයිසිකලෙන් උපන්නා වාගේ.. ඊටපස්සේ වටේ ඉන්න උන්ට රෝදයක් උස්සලා, පොඩ්ඩක් ඇරලා ගිහින් වැඩදාලා පොඩි උන්ගේ වැඩ්ඩා වෙනවා..පස්සේ යන්න පුලුවන් තැනයි යන්න බැරි තැනයි මූන් යන්නේ ඇදගෙන ඉන්නා රෙදි ටික ගැලවිලා යන්න,,ඔහොම ගිහින් ගහක ගලක වැදිලා මැරිලා යනවා..පස්සේ දුක් විදින්නේ ගෙදර දෙමාපියන් හරි ගෙදර ගෑනි හරි..
ඕකට රෝද දෙකයි, බැලන්ස් එක සම්පූර්ණයෙන් තියෙන්නේ පදින එකාගේ ඇගේ..පොඩි ගල් කැටයක් ඇති කෙල වෙන්න..මම නන් බයික් පදින්නේ නෑ මචන්..බයික් ලයිස්න් වත් ගෙදරින් ගන්න දුන්නේ නෑ.. පදින කොල්ලෝ පරිස්සමෙන්..තත්පර 2කට රින්ගන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා..බයික් පදින අපේ එලකිරි කොල්ලන්ට..
අපේ ඉස්සරහ ගෙදර මගේ පිට් එකත් ගත්තා FZ එකක්..ගත්ත ගමන් මූ යන්නේ ඇවිදින ගානට,,දැන් අහෙන්නේ එන්ජිම දෙදරලා අඩන සද්දේ විතරයි..4 පාරක් හැප්පුනා,,අදත් ඌ කියන එකනන් අහන්නේ නෑ..ඌගේ අම්මා අපේ අම්මා එක්කත් අඩලා තිබුනා මූ කියන දේ අහන්නේ නෑ කියලා..