වෙබ් අඩවියක් නිර්මාණය

962251200

Member
Apr 24, 2017
109
13
0
30
වෙබ් අඩවියක් නිර්මාණය

:love:වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී ඔබ අනිවාර්යෙන් සිතිය යුතු දේවල් 5ක්:love:

ඔබ සමහර විට වෙබ් අඩවි නිර්මාණය කරන කෙනෙක් වෙන්න පුළුවන්. එසේත් නැතිනම් වෙබ් අඩවියක් අවශ්‍ය කෙනෙක් වෙන්න පුළුවන්. එම කොටස් දෙකටම මෙම ලිපිය වැදගත් වෙයි.

අපිට වෙබ් අඩවියක් නිර්මාණය කරලා දෙන්න කියල කිව්වම අපි අනිවාර්යෙන්ම කරන දේවල් 5 ක් ගැන තමයි මෙහිදී සදහන් කරන්නේ

01. වෙබ් අඩවියේ අරමුණ

වැදගත්ම දෙය තමයි වෙබ් අඩවියේ අරමුණ මුලින් තේරුම් ගැනීම. උදාහරණයක් විදියට Hotel එකෙක් හිමි අයෙක් ඔහුගේ Hotel එක සදහා වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීම සදහා ඔබ වෙත පැමිණියා කියල හිතමු. මුලින් ඔහු එක්ක කතා කරලා ඔහුට අවශ්‍ය දෙය කුමක්ද කියලා හදුනාගන්න ඕනේ.

Hotel එක Promote කිරීම ඔහුගේ එක අරමුණක් වෙන්න පුළුවන්. Website එක හරහා Online Orders ලබා ගැනීම තව අරමුණක් වෙන්න පුළුවන්. සමහර විට නොයෙක් හේතු නිසා Online Orders ඔහුට අවශ්‍ය නොවෙන්න පුළුවන් . සමහර විට නමට වෙබ් අඩවියක් පමණක් තිබීම ඇති වෙන්න පුළුවන්.

එම නිසා වෙබ් අඩවියක් අවශ්‍ය කෙනාගේ අරමුණ මුලින් දැනගැනීම වැදගත්. විශේෂයෙන් වෙබ් අඩවි නිර්මාණය කරන කෙනෙක්ගෙන් Hotel එකක් සදහා වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීම සදහා මිලක් ඇහුවම ඔහු එක පාරම රුපියල් 30,000, 50,000, 100,000 වගේ කියනවානම් ඔහුගෙන් ඈත් වීමයි නුවනට හුරු. වෙබ් අඩවිය අවශ්‍ය කෙනාගේ අරමුණ තේරුම් ගන්න කලින් මිලක් නියම කරන්න බෑ. කව්රු හරි කෙනෙක් එහෙම කරනවානම් එකේ තේරුම ඔහු වෙබ් අඩවිය අවශ්‍ය කෙනාට අවශ්‍ය දේ දෙන්නේ නෑ කියන එකයි.

02. Mobile Friendly

බිලියන 4 කට වඩා වැඩි පිරිසක් Mobile Phones භාවිතා කරනවා. එහින් විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය භාවිතා කිරීම සදහා Mobile Phones භාවිතා කරනවා. ඔබගේ වෙබ් අඩවිය Mobile Phones සදහා සහය දක්වන්නේ නෑ කියන එකේ තේරුම ඔබ පැමිණෙන්න තිබෙන විශාල අදායමක් නැති කරගන්නවා වගේ වැඩක්.

03.SEO Friendly

SEO කියන්නේ මොකද්ද?

ප්‍රධාන වශයෙන් SEO කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ On-Page Optimization සහ Off-Page Optimization වශයෙන්. වෙබ් අඩවිය නිර්මාණය කිරීමේද ඔබ On-Page Optimization ගැන අනිවාර්යෙන්ම සිතිය යුතුය.

වැදගත් : On-Page Optimization යනු Title Tag එක Meta Tag එක දැමීම පමණක් නොවේ. ඊට වඩා විශාල පරාසයක් දක්වා On-Page Optimization විහිදිලා තිබෙනවා.

04.Target Audience

මෙම වෙබ් අඩවිය සදහා ගේනවා ගත යුත්තේ මොන පිරිසද ගැන හොද දැනුමක්ද ඔබට තිබිය යුතුය. උදාහරණයක් ලෙස ඔබ IT Institute (SLIIT, NSBM වැනි) එකකට වෙබ් අඩවියක් හදනවානම් ඔබගේ Target Audience එක වෙන්නේ OL, AL අවසන් කරපු සිසුන් සහ ඔහුන්ගේ දෙමව්පියන්. වෙබ් අඩවිය නිර්මාණය කිරීමේදී එයත් වැදගත්.

05.Coding Standards

වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී ලෝකයේ පිළිගෙන ඇති සම්මතයට Code කිරීම ඔබ සිදු කල යුතුමය. ඔබ ඔබට ඕන ඕන විදියට Code කරන්න ගියොත් ඔබගේ වෙබ් අඩවිය SEO වලට සහය නොදැක්වීමට ඉඩ ඇති අතර වෙබ් අඩවිය Update කිරීමටද ඉතා අපහසුය.
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ ඉන්න ලෝබ මිනිස්සුන්ටයි, දෙකයි පනහට වැඩ කරන උන් එක්කයි මොන වෙබ් ද බන්..

    සාමාන්යෙන් requirement එක මොකක් උනත් fix ගානක් කියන එක මගේ ක්‍රමය..මොකද කොයි දේ ඉල්ලුවත් ඕකක් හදන්න මහන්සි වෙන්න ඕනේ එක ප්‍රමානෙකට.ඒ ගාන කොහොමත් කවර වෙන්න ඕනේ...අනික් එක ක්ලයන්ට් එන්නේ අවශ්‍යතාවේ හිතල නේ..වෙබ් එකක් ඕනේ කිව්වම අහනවා හරි ඔයාට බුකින් ඕනෙද? නැද්ද? නිකන් සයිට් එකක් ද කියල...එතකොට ගාන කියනවා...කල්කියුලේටර් අරන් හද හද ඉන්න ඕනේ නැහැනේ ඕව...දන්නවා සාමාන්යෙන් මේකට මෙච්චරයි කියල..
     
    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28

    ekanam aththa bn samahara un illanne eCommerce type website Rs.5000 wage.
    machan uba website ekak karanna kiyak gannawada? PM ekak dapan wada wagayak tiyenawa kara ganna bn.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ලංකාවේ ඉන්න ලෝබ මිනිස්සුන්ටයි, දෙකයි පනහට වැඩ කරන උන් එක්කයි මොන වෙබ් ද බන්..

    සාමාන්යෙන් requirement එක මොකක් උනත් fix ගානක් කියන එක මගේ ක්‍රමය..මොකද කොයි දේ ඉල්ලුවත් ඕකක් හදන්න මහන්සි වෙන්න ඕනේ එක ප්‍රමානෙකට.ඒ ගාන කොහොමත් කවර වෙන්න ඕනේ...අනික් එක ක්ලයන්ට් එන්නේ අවශ්‍යතාවේ හිතල නේ..වෙබ් එකක් ඕනේ කිව්වම අහනවා හරි ඔයාට බුකින් ඕනෙද? නැද්ද? නිකන් සයිට් එකක් ද කියල...එතකොට ගාන කියනවා...කල්කියුලේටර් අරන් හද හද ඉන්න ඕනේ නැහැනේ ඕව...දන්නවා සාමාන්යෙන් මේකට මෙච්චරයි කියල..
    Mata dawasak pub ekakata site ekak hadanna set una.. basic site ekak.. bookings na. Mam 30000k illuwa. Itapasse eka ethanin iwarai.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ලංකාවෙ උන්ට රු 5000ට වේබ්සයිට් එකත් ඕන. හොස්ටිනුත් ඕන, ඩොමේන් එකත් ඕන. ඒ මදිවට ගූගල් එකේ නම ගැහුවම පහුවෙනිදම එකටම පෙන්නන්නත් ඕන. :dull::dull::dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ekanam aththa bn samahara un illanne eCommerce type website Rs.5000 wage.
    machan uba website ekak karanna kiyak gannawada? PM ekak dapan wada wagayak tiyenawa kara ganna bn.

    මම වෙබ්සයිට් කරන්නේ නැහැ මචන්...:D බැක් එන්ඩ් තමයි කරන්නේ...සිස්ටම්ස් වගේ ඒවා...ඒවා ලාබයි මට මොකද වෙබ්සයිට් කියන දේ මිනිස්සු හිතන්නේ ඉන්නේ මෙහෙම කරද්දී ගහන්න පුළුවන් සරල දෙයක් කියල..:yes:

    එහෙම වෙලා තියෙන්නේ අපේ සයිට් කරන උනුත් අද සයිට් එක ඉල්ලුවම ටෙම්ප්ලේට් එකක් ගහල ගොන්නු වගේ හෙට සයිට් එක ඩිලිවර් කරන නිසා..:angry: මුන්ට දැනුම දුන්නට මොලේ දෙන්න බැහැනේ..කොහෙද ඉතින්...:rofl:

    බැක් එන්ඩ් කෝඩින් කරන එක ටිකක් ලොකු සීන් එකක් කියන දේ පැහැදිලි කරන්න ලේසියි...ඒ නිසා ඒවා ශේප්...:yes:

    මම සයිට් කරන්නේ නැති නිසා අඩුම මචන් 30ක් වත් ගන්නවා...නැත්තම් කරන්නේ නැහැ..නිකන් ඉන්න එක ඊට වඩා ලාභයි...:rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කඩ්ඩ බැරි එකා;21518919 said:
    ලංකාවෙ උන්ට රු 5000ට වේබ්සයිට් එකත් ඕන. හොස්ටිනුත් ඕන, ඩොමේන් එකත් ඕන. ඒ මදිවට ගූගල් එකේ නම ගැහුවම පහුවෙනිදම එකටම පෙන්නන්නත් ඕන. :dull::dull::dull:

    :rofl::rofl:

    Mata dawasak pub ekakata site ekak hadanna set una.. basic site ekak.. bookings na. Mam 30000k illuwa. Itapasse eka ethanin iwarai.

    5000 ට කරගන්න ඇති...:lol:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    කඩ්ඩ බැරි එකා;21518919 said:
    ලංකාවෙ උන්ට රු 5000ට වේබ්සයිට් එකත් ඕන. හොස්ටිනුත් ඕන, ඩොමේන් එකත් ඕන. ඒ මදිවට ගූගල් එකේ නම ගැහුවම පහුවෙනිදම එකටම පෙන්නන්නත් ඕන. :dull::dull::dull:

    ඒක නං සහතික ඇත්ත. දවසක් සයිට් එකක් ඔන්ලයින් දාපු දාම කෝල් එකක් දීල අහනවා ඇයි Google එකේ පෙන්නන්නෙ නැත්තේ කියලා. තේරුම් කරලා දුන්නාම පිළිගත්තා එයා. සමහර අය එහෙම පිළිගන්නෙත් නෑනේ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මම වෙබ්සයිට් කරන්නේ නැහැ මචන්...:D බැක් එන්ඩ් තමයි කරන්නේ...සිස්ටම්ස් වගේ ඒවා...ඒවා ලාබයි මට මොකද වෙබ්සයිට් කියන දේ මිනිස්සු හිතන්නේ ඉන්නේ මෙහෙම කරද්දී ගහන්න පුළුවන් සරල දෙයක් කියල..:yes:

    එහෙම වෙලා තියෙන්නේ අපේ සයිට් කරන උනුත් අද සයිට් එක ඉල්ලුවම ටෙම්ප්ලේට් එකක් ගහල ගොන්නු වගේ හෙට සයිට් එක ඩිලිවර් කරන නිසා..:angry: මුන්ට දැනුම දුන්නට මොලේ දෙන්න බැහැනේ..කොහෙද ඉතින්...:rofl:

    බැක් එන්ඩ් කෝඩින් කරන එක ටිකක් ලොකු සීන් එකක් කියන දේ පැහැදිලි කරන්න ලේසියි...ඒ නිසා ඒවා ශේප්...:yes:

    මම සයිට් කරන්නේ නැති නිසා අඩුම මචන් 30ක් වත් ගන්නවා...නැත්තම් කරන්නේ නැහැ..නිකන් ඉන්න එක ඊට වඩා ලාභයි...:rofl::rofl:

    :yes::yes::yes: