වෙබ් පිටු නොපෙන්වීම error messages
වෙබ් පිටු නොපෙන්වීම
error messages
400 Bad request
මෙයින් අදහස් කරන්නේ අන්තර්ජාලය වෙතින් පරිශිලකයා ඉල්ලා ඇති වෙබ් අඩවියට
අදාල වෙබ් ලිපිනයෙහි යම් වරදක් තිබෙන බව හෝ වෙබ් ලිපින තීරුවේ ටයිප් කල
වෙබ් ලිපිනයට ගැලපෙන වෙබ් අඩවියක් මෙතෙක් අන්තර්ජාලය තුල ස්ථාපිත කර නොමැති බවයි.
මෙවැනි පණිවුඩයක් ලැබුණු විට කළ යුත්තේ ටයිප් කරන ලද වෙබ් ලිපිනයෙහි නිවැරදි තාව තහවුරු කරගැනීමයි.
401 Unauthorized
අවශ්‍ය වෙබ් අඩවියට හෝ වෙබ් පිටුවට ඇතුල් වීමට අවසරයක් නොමැති බවය.
මෙම වෙබ් අඩවි වලට ඇතුලුවිය හැක්කේ තොරතුරු ඇතුළත් කොට වෙබ් අඩවියේ ලියා පදිංචි වීමෙන් පසු ලැබෙන යුසර් නේම් සහ පාස්වර්ඩ් යොදා ගැනීමෙනි.
403 Forbidden
ඇතුලු වීමට උත්සාහ කරන වෙබ් අඩවියට හෝ පිටුවට ඇතුලුවීමට අවසර නැති බවයි.
මෙහිදීද කළ යුත්තේ වෙබ් අඩවියේ ලියා පදිංචි වී අවසර ලබා ගැනීමයි.
404 Page not found
අවශ්‍ය වෙබ් අඩවිය හෝ පිටුවට සම්බන්ධ කිරීමේ තාක්ෂණික අපහසු තාවයක් පිළිබදවය.මෙවැනි අවස්ථා වලදී කළ යුත්තේ,පෙර සිටි වෙබ් පිටුවට නැවත පැමිණ නැවතත් අදාල වෙබ් අඩවිය හෝ පිටුව ඉල්ලුම් කිරීමයි.
එසේ නැති නම් refresh මත කිහිපවරක් ක්ලික් කිරීමෙන්ද මෙම වරද නිවරදි කර ගත හැක.
වෙබ් ලිපිනයක් ටයිපා කළ අවස්ථාවකදී මෙම එරර් මැසේජ් එක ලැබෙන්නේ නම් වහා කල යුත්තේ වෙබ් ලිපිනය පරික්ෂා කර බැලීමයි.
වෙබ් අඩවියේ ලිපිනයෙහි යම් වෙනසක් කොට තිබීම,වෙබ් අඩවියේ ඇතැම් වෙබ් පිටු මකා දමා තිබීම හෝ වෙබ් අඩවිය අන්තර්ජාලයෙන් ඉවත් කර තිබීම වැනි හේතු නිසාද මෙම එරර් මැසේජ් එක ලැබිය හැක.
408 Request time out
මෙම එරර් මැසේජ් එකෙන් කියවෙන්නේ වෙබ් ලිපිනය මත ක්ලික් කිරීමේදී පරිශිලකයා වෙතින් සිදුවන යම් ප්‍රමාද දෝෂයකි.
අන්තර්ජාලයේ ඇතැම් වෙබ් අඩවිවල ලිපිනයන් වෙත ක්ලික් කිරීමේදී යම් කාලපරාසයක් බලපාන අතර එවැනි අවස්ථාවලදී සිදුවන ප්‍රමාදයන් නිසා මෙම එරර් මැසේජ් එක ලැබේ.
මෙහිදී කල යුත්තේ නැවත වරක් ක්ෂනිකව ක්ලික් කර, එම වෙබ් අඩවියට හෝ පිටුවට ඇතුල් වීමට උත්සහ කිරීමයි.
500 Server error
මෙම පණිවුඩය ලැබෙන්නේ අන්තර්ජාල සර්වර්වල තිබෙන යම් දෝෂ නිසාය.
මේවා බොහෝවිට අන්තර්ජාල සේවා සපයන ආයතනවල පවත්වාගෙන යනු ලබන සර්වර්වල සිදුවන වැරදි නිසා ඇති වේ.
එනිසා මෙහිදී කළ යුත්තේ ටික වේලාවක් අන්තර්ජාලයෙන් ඉවත්ව සිට නැවත සම්බන්ධ වීමට උත්සාහ කිරීමයි.
502 Server overload
මෙම අවස්ථාව වන විට පරිශිලකයා භාවිතා කරනු ලබන සර්වර්වල කාර්යබහුලබව
වැඩි වී ඇති බව සහ එහි ඉඩ ප්‍රමාණයට ඔරොත්තු නොදෙන තරම් පරිශිලකයන් පිරිසක් එකවර සර්වර්වලට සම්බන්ධ වී ඇති බවයි.
මෙහිදීද කල යුත්තේ ටික වේලාවක් අන්තර්ජාලයෙන් ඉවත්ව සිට නැවත සමබන්ධ වීමට උත්සාහ කිරීමයි.
503 Service unavailable
ඉන්ටර්නෙට් සේවා සපයන්නාගේ (ISP - internet service provider) සම්බන්ධතාවයේ යම් වරදක් හෝ ක්‍රියාවිරහිත වීමක් ඇතිව තිබෙන බවය.
පරිශිලකයාගේ සම්බන්ධතාවය නතර කර දමා ඇති අවස්ථාවලදී මෙම පණිවුඩය ලැබෙන අතර ඉන්ටනෙට් සේවා සපයන ආයතනට දැන්වීමෙන් දෝෂය මඟහරවා ගන්නට පුලුවන.
එරර් මැසෙජ් අංකයෙන්ද ඒ ගැන වැටහීමක් ලබාගන්නට පුලුවන. හතරේ ඉලක්කමෙන් ඇරඹෙන එරර් මැසේජස් ලැබෙන්නේ වැරදි ලෙස වෙබ්බ්‍රව්සරය භාවිතා කිරීමේදීය. පහේ ඉලක්කමෙන් ඇරඹෙන එරර් මැසේජස්
ලැබෙන්නේ අන්තර්ජාල සේවා සපයන සර්වර්වල ඇති වරදක් හෝ අන්තර්ජාල සම්බන්ධතාවයේ ඇති වරදක් නිසාය.