වෙරිමරගාතේ ATM යන්ත්‍රයට ගහලා

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,222
    8,358
    113
    කොළඹ, හෝටන්ප්ලේස් ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකු ඒ.ටී.එම්. යන්ත්‍රයකින් මුදල් ලබාගැනීමට ගත් උත්සාහයකදී සිය කාඩ්පත එහි හිරවීම සම්බන්ධයෙන් උරණව එම යන්ත්‍රය කඩාබිඳ දැමීම වෙනුවෙන් අදාළ බැංකුවට රුපියල් දෙලක්ෂ විසි හතර දහස් හත්සිය පනහක වන්දියක් ගෙවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ඊයේ (මාර්තු 20) විත්තිකාර කම්කරුවෙකුට නියෝග කළා ය.

    කොළඹ මාර්ග සංවර්ධන කටයුතුවල නිරතව සිටින බව කියන කම්කරුවෙකු වන බිබිල ප්‍රදේශයේ පදිංචි විත්තිකරුවෙකුට එසේ නියම කෙරිණි.

    බීමත්ව සිට ඇති බව කියන එම පුද්ගලයා පසුගිය දිනක රාත්‍රියේ ඉහත සඳහන් ස්ථානයේ ඒ.ටී.එම්. යන්ත්‍රයකින් මුදල් ලබාගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදී ඔහුගේ එම කාඩ්පත අදාළ යන්ත්‍රයේ හිරවී ඇති බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.

    එම සිද්ධියෙන් කෝපයට පත් විත්තිකාර පුද්ගලයා එම ඒ.ටී.එම්. යන්ත්‍රයට පහරදී දැඩි ලෙස අලාභ හානිකර පළා ගොස් සිටියදී එම ඒ.ටී.එම්. යන්ත්‍රය අයත් බැංකු ආයතනය සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වෙත කරන පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගත් බවද පැමිණිල්ල මෙහෙයවූ කුරුඳුවත්ත පොලිසියේ සැරයන් තිලකරත්න (881) අධිකරණයට දැන්වීය.

    සිද්ධිය සම්බන්ධයෙන් තමන් වරද පිළිගන්නා බවට හා අලාභහානිය වෙනුවෙන් මුදල් ගෙවන බවට විත්තිකාර පුද්ගලයා ඊයේ අධිකරණය හමුවේ එකඟතාව පළකිරීම හේතුවෙන් ඔහුව රුපියල් ලක්ෂ පහක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.