- වෙලාවක් එනවා දහසක් මැද සිටියත් තනි වෙන්න හිතෙන
- වෙලාවක් එනවා මහා සෙනග අතරට දුවන්න හිතෙන තනිකම දරා ගන්න බැරි වූ විට
- වෙලාවක් එනවා කොච්චර සිනාසුනත් මහා හැදින් කෑගහලා අඩන්න හිතෙන
- වෙලාවක් එනවා කාලය මෙච්චර ඉක්මනටම ගෙවිලා යන්නේ ඇයි කියලා හිතෙන
- වෙලාවක් එනවා ඇයි කාලය මෙච්චර හෙමින් ගෙවිලා යන්නේ කියලා හිතෙන
- වෙලාවක් එනවා බැදීම් මැද සිටින විට තනිකඩව සිටියා නම් හොදයි කියලා
- වෙලාවක් එනවා තනිකම ළග අතරමං වෙන බැදීම් ඇති ජීවිතයක් තිබුනානම් හොදයි කියලා
- වෙලාවක් එනවා අහිමි දේවල් තුල හිත අතරමං වෙන
- වෙලාවක් එනවා හිමි දේ දෙනෙතට නොපෙනෙන
- වෙලාවක් එනවා දෙනෙත් තිබුනත් හදවත අතරමං වෙන
- වෙලාවක් එනවා එලියට වඩා අදුර දිගයි කියලා දැනෙන
- වෙලාවක් එනවා අදුරට වඩා සුසුම දිගයි කියලා හිතෙන
- වෙලාවක් එනවා හැමෝම එක පිම්මට දුවන ලෝකයේ එක තැන නැවතිලා සිටින්න
- වෙලාවක් එනවා කිසිම දෙයක් කරගන්න වෙලාව නැති
- වෙලාවක් එනවා හැමෝම දාලා දුවන්න හිතෙන
- වෙලාවක් එනවා කොච්චර සැප සම්පත් තිබුනත් විදින්න වාසනාව නැති
- වෙලාවක් එනවා මොනදේ නැති උනත් හිතට සහනයක් දැනෙන
- වෙලාවක් එනවා පාරට බැස්සහම යන්නේ කොහෙද කියලා හිතා ගන්න බැරි
- වෙලාවක් එනවා යන්න මගක් තිබුනත් යන්න තැනක් නැති
- වෙලාවක් එනවා තමන් කරපු මෝඩකම් නැවත මතක් කර දෙන
- වෙලාවක් එනවා රැවටුනේ කොහොමද කියලා හිතා ගන්න බැරි
- වෙලාවක් එනවා ඇත්තක් උනත් රැවටෙයි කියලා බයේ නොපිළිගන්න
- වෙලාවක් එනවා නෙක විසිතුරු දේවල් අතර අතරමං වෙන
- වෙලාවක් එනවා හැමදෙයක්ම මායාවක් විතරයි කියලා හිතට දැනෙන
- වෙලාවක් එනවා හැමෝගෙන්ම සමුඅරන් යන්න නැවතී සිටින්නට අපි කොච්චර කැමති උනත්




::bufflet:



