වෙලාවක් එනවා...

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    • වෙලාවක් එනවා දහසක් මැද සිටියත් තනි වෙන්න හිතෙන

    • වෙලාවක් එනවා මහා සෙනග අතරට දුවන්න හිතෙන තනිකම දරා ගන්න බැරි වූ විට

    • වෙලාවක් එනවා කොච්චර සිනාසුනත් මහා හැදින් කෑගහලා අඩන්න හිතෙන

    • වෙලාවක් එනවා කාලය මෙච්චර ඉක්මනටම ගෙවිලා යන්නේ ඇයි කියලා හිතෙන

    • වෙලාවක් එනවා ඇයි කාලය මෙච්චර හෙමින් ගෙවිලා යන්නේ කියලා හිතෙන

    • වෙලාවක් එනවා බැදීම් මැද සිටින විට තනිකඩව සිටියා නම් හොදයි කියලා

    • වෙලාවක් එනවා තනිකම ළග අතරමං වෙන බැදීම් ඇති ජීවිතයක් තිබුනානම් හොදයි කියලා

    • වෙලාවක් එනවා අහිමි දේවල් තුල හිත අතරමං වෙන

    • වෙලාවක් එනවා හිමි දේ දෙනෙතට නොපෙනෙන

    • වෙලාවක් එනවා දෙනෙත් තිබුනත් හදවත අතරමං වෙන

    • වෙලාවක් එනවා එලියට වඩා අදුර දිගයි කියලා දැනෙන

    • වෙලාවක් එනවා අදුරට වඩා සුසුම දිගයි කියලා හිතෙන

    • වෙලාවක් එනවා හැමෝම එක පිම්මට දුවන ලෝකයේ එක තැන නැවතිලා සිටින්න

    • වෙලාවක් එනවා කිසිම දෙයක් කරගන්න වෙලාව නැති

    • වෙලාවක් එනවා හැමෝම දාලා දුවන්න හිතෙන

    • වෙලාවක් එනවා කොච්චර සැප සම්පත් තිබුනත් විදින්න වාසනාව නැති

    • වෙලාවක් එනවා මොනදේ නැති උනත් හිතට සහනයක් දැනෙන

    • වෙලාවක් එනවා පාරට බැස්සහම යන්නේ කොහෙද කියලා හිතා ගන්න බැරි

    • වෙලාවක් එනවා යන්න මගක් තිබුනත් යන්න තැනක් නැති

    • වෙලාවක් එනවා තමන් කරපු මෝඩකම් නැවත මතක් කර දෙන

    • වෙලාවක් එනවා රැවටුනේ කොහොමද කියලා හිතා ගන්න බැරි

    • වෙලාවක් එනවා ඇත්තක් උනත් රැවටෙයි කියලා බයේ නොපිළිගන්න

    • වෙලාවක් එනවා නෙක විසිතුරු දේවල් අතර අතරමං වෙන

    • වෙලාවක් එනවා හැමදෙයක්ම මායාවක් විතරයි කියලා හිතට දැනෙන

    • වෙලාවක් එනවා හැමෝගෙන්ම සමුඅරන් යන්න නැවතී සිටින්නට අපි කොච්චර කැමති උනත්
    :):):)
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    කවදද යකෝ ඔය වෙලාව එන්නේ
    y-u-no.png