වෙලාව සහ නලාව

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
වෙලාව සහ නලාව

කරුණාදාස සේවයෙන් විශ්‍රාම යාමෙන් පසු බොහෝ විට කළේ අතුරු පාරක් අද්දර පිහිටි තම නිවෙසේ ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක දිගාවී පාර දෙස බලා සිටීමය.

එසේ බලා සිටිද්දී සෑම දිනෙකම පාහේ උදෑසන තම නිවෙස පසුකර පාර දිගේ යන අයෙක් නිවෙස ඉදිරිපිට දී නැමී නිවෙස දෙස විපරමෙන් බලා යන බවක් ඔහු දුටුවේ ය. නන්නාඳුනන තැනැත්තාගේ මෙම දෛනික ක්‍රියා කලාපය දෙස කීප දිනක් බලා සිටි හෙතෙම දවසක් දා ඔහු තම නිවෙස ඉදිරිපිට නැවතී නැමී බලද්දී අත්පුඩියක් ගසා ඔහුට කතා කොට මෙසේ ඇසීය.

“මම දැන් කීප දවසක්ම බලාගෙන හිටියා ඔහේ අපේ ගේ ළඟදී නැමිලා බලලා යනවා. මොකද ඒ?”

“අනේ ආයිබෝවන්ඩ මම වරදක් කෙරුවාහෙම නෙවෙයි. මමයි මේ පාර කෙළවරේ තියෙන ෆැක්ටරියෙ ටයිම් කීපර්. ඔහේලගෙ ගෙදර බිත්තියෙ ඔරලෝසුවෙන් වෙලාව බලා ගෙන ගිහින් තමයි මම ෆැක්ටරියෙ නලාව පිඹින්නෙ” අමුත්තා පැහැදිලි කළේ ය.

“හත්තිලව්වයි!” කී කරුණාදාස නළලේ අත ගසා ගත්තේ ය.

“ඇයි උන්නැහේ, මොකද? අමුත්තා ඇසුවේ පුදුම වෙමිනි.

“ඇයි ඕයි, ඔය ෆැක්ටේරියෙ නලාව පිඹින කොටනෙ මම මේ ඔරලෝසුවේ වෙලාව තියා ගන්නෙ” කරුණාදාස කීවේය.