වෙලේ සුදාට මරණ දඩුවම දීල

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
හෙරොයින් ග්‍රෑම් 7.06 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවූ ගම්පළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (14) මරණීය දණ්ඩනය නියම කළේය.
ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවක වැලිකඩ බන්ධනාගාරය තුළදී ප්‍රාණය නිරුද්ධ වනතුරු වෙලේ සුදාගේ බෙල්ලෙන් එල්ලා තැබීමට විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
ගල්කිස්ස අධිකරණය අසල ප්‍රදේශයකදී විත්තිකරු හෙරොයින් ජාවාරම් කරමින් සිටි බවට වූ චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා මෙලෙස විත්තිකරුට මරණ දඬුවම පැනවීය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී වෙලේ සුදා හා ඔහුගේ මිතුරකු අත්අඩංගුවට ගෙන තිබූ අතර හිරගෙදර ඇතිවූ කැරැල්ලකදී ඔහුගේ මිතුරා මියගොස් තිබිණි.
මෙම සිද්ධියට අදාළ නඩු විභාගයේදී වෙලේ සුදා සාක්කි දෙමින් තම පියාට අයත් පොල් ඉඩමකින් ලැබුණු පොල්, අන්නාසි සහ බිත්තර විකුණා තමා පෝසතකු වූ බවත් තමන් අකුරු නොදන්නා නමුත් තම දරු තිදෙනා කොළඹ ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය හදාරන බවත් පැවසීය.
කොළඹ හතෙන් මන්දිර, කොළඹ මධ්‍යයේ ඉඩම් මෙන්ම ඉන්ධන පිරවුම්හල්ද ඇති තමන්ට සුපිරි නවීන පන්නයේ වාහන ඇති බවද ඔහු අධිකරණය හමුවේ සාක්කි දෙමින් පිළිගත්තේය.
ඉදිරිපත්වූ සියලු සාක්කි සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර ඇතැයි තීරණය කරමින් ඔහුට මරණ දඬුවම පැනවීය.
 

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මරණ දඩුවම තාම ලංකාවේ නැහැනේ..අපේ සල්ලි වලින් ඕකා මැරෙනකන්ම ආතල් එකේ කකා ඉදියි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හෙරොයින් ග්‍රෑම් 7.06 ලඟ තබා ගැනීමද මුගෙ වරද?

    1485.gif

     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මරණ දඩුවම තාම ලංකාවේ නැහැනේ..අපේ සල්ලි වලින් ඕකා මැරෙනකන්ම ආතල් එකේ කකා ඉදියි.


    එහෙම වෙන එකක් නෑ බන්. අපේ SB ඇමතිතුමා කට්ටියගේ අවදානේ අඩු වෙච්ච ගමන් පොරව එලියට අරන් දෙයි. බය නැතුව හිටපන්කෝ. මතකයි නේ එක පාරකුත් මරණ දණ්ඩනේ ලැබිච්ච එවුන් සෙට් එකක්ම එලියට දාල තිබ්බේ.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    කොමන්ට් කරන්න බයය් බන්. උඹලා හිතනවද මේ වගේ සල්ලි කාරයෙක් හෙරොයින් ග්‍රෑම් හතයි ගානක් තියාගෙන ඉන්දියි කියලා....:dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකුන්ට නීතියෙන් දඬුවම් දෙන්න බෑ සිඞ්හලු ලඞ්කාවෙනම් කවදාවත් :dull: :dull:
    උඹලට කරන්න තියෙන්නෙ සන්ස් ඔෆ් හාපී වගේ එකතු වෙලා මරන්න ඕනෙ උන්ව මරන්න පටං ගන්න :dull: :dull:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එහෙම වෙන එකක් නෑ බන්. අපේ SB ඇමතිතුමා කට්ටියගේ අවදානේ අඩු වෙච්ච ගමන් පොරව එලියට අරන් දෙයි. බය නැතුව හිටපන්කෝ. මතකයි නේ එක පාරකුත් මරණ දණ්ඩනේ ලැබිච්ච එවුන් සෙට් එකක්ම එලියට දාල තිබ්බේ.

    ඊයේ අලුගෝසුවෝ බන්දගන්න interview තිබ්බේ ඒක හින්ද වෙන්න ඇති.:lol: