වෙලේ සුදාට මරණ දඬුවම
හෙරොයින් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවූ ගම්පළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මරණීය දණ්ඩනය නියම කළා.
ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවක වැලිකඩ බන්ධනාගාරය තුළදී ප්‍රාණය නිරුද්ධ වනතුරු වෙලේ සුදාගේ බෙල්ලෙන් එල්ලා තැබීමට විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළ බවයි සඳහන් වන්නේ.
2008 වසරේ දෙසැම්බර් මස 4 හෝ ඊට ආසන්න දිනක ගල්කිස්ස ප‍්‍රදේශයේ දී හෙරොයින් ග‍්‍රෑම් 7 යි දශම 6ක් ජාවාරම් කිරීම හා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වෙලේ සුදාට එරෙහිව අධි චෝදනා නගනු ලැබුවා.
එම නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමිනුයි කොළඹ මහාධිකරණය මෙම දඩුවම නියම කරනු ලැබුවේ.
- See more at: http://nethfm.com/article/85320#sthash.tZa20PKb.dpuf