වෙසක් කාඩ්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,900
    16,867
    113
    Colombo
    දැං ඉස්සර වගේ වෙසක් කාඩ් දෙන්නෙ නෑනේද. ඉස්සර නම් තැපැල් කරලත් යවනව නෑදෑයොන්ට යාලුවොන්ට එහෙම.
    කෙල්ලොන්ට චූටි චූටි කාඩ් දෙනව.
    දැන් නෑනෙ එහෙම. :(

    වෙසක් කාලෙට කරපු ආතල් වැඩ මොනාද ගුපියො?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    5 වසර වෙනකන් තමා වෙසක්‌ කාඩ් භීශනේ තිබුණේ.. ඊට පස්සෙ ටික ටික එක අඩු වෙලා ගියා.. 5 වසරෙන් පස්සෙ වෙසක් කාඩ් ගත්තේ නැහැ බන්..

    දැන් phone , social media එක්ක අනිත් උන් ලග වැඩි.. තව කාඩ් යවලත් කියන්න දෙයක් නෑ ..
    ඉස්සර 2006, 2007 කාලේ තැපෑලෙන් එනවා තඩි වෙසක් කාඩ් ලියුමකුත් එක්ක 😅
    ------ Post added on May 5, 2023 at 1:35 PM
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    දැන් ඒ සේරම වෙනස් වෙලා මචං. අපේ මාමා කෙනෙකුයි නැන්දා කෙනෙකුයි ඉන්නවා. එයාලට ළමයි නැහැ. එයාලා පවුලේ ඉන්න හැම ළමයටම වෙසක් කාඩ් යවනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,128
    166,190
    113
    එකමත් එක රටක
    ඉස්සර 2006, 2007 කාලේ තැපෑලෙන් එනවා තඩි වෙසක් කාඩ් ලියුමකුත් එක්ක 😅
    කාඩ් පැත්තකින් තියපන්.. දැන් කුඩු හදන්නෙත් නෑ නේ. :baffled:
    කඩෙන් ගේනවා නේ හැම එකාම.

    හවසට එකක් ගෙන්න ඕනේ . 🥴
    නැත්නම් කුඩුවක් නැති පලවෙනි වෙසක් එක.
     

    NightBird

    Member
    May 5, 2023
    13
    21
    3
    5 වසර වෙනකන් තමා වෙසක්‌ කාඩ් භීශනේ තිබුණේ.. ඊට පස්සෙ ටික ටික එක අඩු වෙලා ගියා.. 5 වසරෙන් පස්සෙ වෙසක් කාඩ් ගත්තේ නැහැ බන්..


    ඉස්සර 2006, 2007 කාලේ තැපෑලෙන් එනවා තඩි වෙසක් කාඩ් ලියුමකුත් එක්ක 😅
    ------ Post added on May 5, 2023 at 1:35 PM
    උබෙ අම්ම අතේ එකක් එව්වා මන්. බලපන් වෙසිගෙ රෙද්ද උස්සලා
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    ඉස්සරනන් කෙලියට බෙදනව වෙසක් කාඩ්. 50ක් ගෙනාවත් මදි සමහර දවස් වලට. ඒ දවස් වල රු. 2ක් වගේනෙ බන් එකක්. දැන්නන් මතක ඇති කාලෙක වෙසක් කාඩ් එකක් ලැබුනෙත් නෑ දුන්නෙත් නෑ. ඉස්සරනන් වෙසක් කූඩු 7-8ක් වත් හදනව. ඒක එන්න එන්න අඩු වුනා. මේ පාර එකක්වත් හදන්න බැරි වුනා. කඩෙන් ගෙනල්ල එල්ලන්න ඕන රෑට.

    පොඩි කාලෙ දන්සලුත් දුන්න බන් යාලුවොත් එක්ක හැම පාරම. දැන් මොකුත් නෑ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,534
    1
    51,193
    113
    ප*යාගල
    sorry.com
    2003 (grade 4) දි මට පන්තියෙ කෙල්ලෙක් පලවෙනි පාරට වෙසක් කාඩ් එකක් දුන්නා. ඒක මේ ලගදි වෙනකන්ම තිබුනා සමහරවිට තාම අල්මාරියෙ අස්සෙ ඇති. ඒ කෙල්ලටම තමයි මම AL කරද්දි හිත ගියේ.
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    2003 (grade 4) දි මට පන්තියෙ කෙල්ලෙක් පලවෙනි පාරට වෙසක් කාඩ් එකක් දුන්නා. ඒක මේ ලගදි වෙනකන්ම තිබුනා සමහරවිට තාම අල්මාරියෙ අස්සෙ ඇති. ඒ කෙල්ලටම තමයි මම AL කරද්දි හිත ගියේ.
    ko set da ?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වයස 5-15 කාලෙ තමා මරු
    නෑයො ඔක්කොටම වෙසක් කාඩ් යවනව

    සත 50 ඉදන් රුපියල් 5-10 ඒවත් තියනව,
    ගොඩක්ම ගන්නෙ රුපියල- දෙක වගෙ ඒවා

    පන්තියෙ යාලුවොන්ටත් දෙනව කාඩ්.

    මිට්සුබිශි කැන්ටර් එකක් තිබ්බා තාත්තට
    වෙසක් දවසට වන්දනා හයර් එනවා.
    මාවත් දාගෙන යනවා ඉතින්, උදෙ ගියාම හැමතැනව දන්සැල් කාල මහ රෑ එන්නෙ

    යාපහුව, වාරන, පඩුවස්නුවර, වට්ටාරම ඕවගෙ තමා යන්නෙ

    ඒ කාලෙ ඔය අඩුකුලෙ පරයො බීගෙන, ඔලු බක්කො නටෝගෙන, ලයිට් එල්ලගෙන, හෝන් ගහගෙන, වීල් , බයික් වලින් පාර පුරා යන කල්චර් එකක් තිබ්බෙ නෑ.