වෙසක් පෝයට දන්සැල් - තොරණ - කූඩු බෑ!

Cool Kitty

Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    වෙසක් පෝයට දන්සැල් - තොරණ - කූඩු බෑ!

    වෙසක් පෝයට දන්සැල් - තොරණ - කූඩු බෑ! :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    වෙසක් පොහොය දිනයේ වෙසක් තොරණ, පහන් කූඩු ප්‍රදර්ශනය සහ, දන්සැල් දීම සිදු නොකළ යුතු බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය දැනුම්දෙයි.

    එදින තුළ ආගමික වතාවත්වල නිරතවීම පමණක් සිදුකළ යුතු බව අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    වෙසක් තොරණ, පහන් කූඩු ප්‍රදර්ශනය සහ, දන්සැල් දීමේ කටයුතු 25 වැනි දින සිට පමණක් සිදුකළ යුතු බව එම නිවේදනයේ සඳහන්ය.

    සංගීත සන්දර්ශන භක්ති ගීත හෝ වෙනත් ක්‍රියාවන් ද වෙසක් පොහොය දිනයේ සිදුනොකළ යුතු බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය පවසයි. (නොකියා කියන්නේ එදාට දන්සැල් දෙන එක නීති විරෝධී කියලද)

    වෙසක් දන්සැල් පැවැත්වෙන ස්ථානවල මහ පිරිත හෝ ධර්ම දේශනා පමණක් විකාශය කළ යුතු බව ද එම අමාත්‍යංශය දැනුම්දෙයි.

    වෙසක් පොහොය දින විහාරස්ථානවල ආගමික වතාවත්වලට සහභාගී නොවී තැන තැන කණ්ඩායම් ලෙස හැසිරීම ද (පවුල් පිටින් පන්සල් යාම තහනම් කර ඇත) නොකළ යුතු බව ද අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

    වෙසක් පොහොය දිනයේ සීල සමාදානය, ධර්ම ශ්‍රවනය හා භාවනා ආදී ආගමික වතාවත්වල පමණක් යෙදීම සිදු කළ යුතු බව එම අමාත්‍යංශය දැනුම්දෙයි.

    (කොටින්ම කිව්වොත් මුළු වෙසක් පෝයම මිලිටරිකරණය කර ඇත !!!!!)

    Source: http://sinhala.adaderana.lk/news.php?nid=34134&mode=beauti
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එපා කියලා නැහැනේ.. වෙසක් පෝය දවසෙ කරන්න එපා කියලනේ කියන්නෙ.. මම නම් කියන්නෙ ඒ වැඩේ හොඳයි.. මොකද බෞද්ධයො පන්සලකටවත් යන්නෑ එදා දන්සැල්, භක්ති ගීත, නාට්‍ය එහෙම තියෙනකොට.. බෞද්ධ කොඩියත් දන්සැල් වල පාවිච්චි කරන එක තහනම් කලා.. අපේ අය වාහන නවත්තන්න බෞද්ධ කොඩිය වනනවනේ.. ඒක අපේ ආගමට අපිම කරගන්න අගෞරවයක්.. ඒ නිසා ඒ වෙනුවට කහ කොඩියක් පාවිච්චි කරන්න කියලා තියෙන්නෙ..:yes:
     
    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    එපා කියලා නැහැනේ.. වෙසක් පෝය දවසෙ කරන්න එපා කියලනේ කියන්නෙ.. මම නම් කියන්නෙ ඒ වැඩේ හොඳයි.. මොකද බෞද්ධයො පන්සලකටවත් යන්නෑ එදා දන්සැල්, භක්ති ගීත, නාට්‍ය එහෙම තියෙනකොට.. බෞද්ධ කොඩියත් දන්සැල් වල පාවිච්චි කරන එක තහනම් කලා.. අපේ අය වාහන නවත්තන්න බෞද්ධ කොඩිය වනනවනේ.. ඒක අපේ ආගමට අපිම කරගන්න අගෞරවයක්.. ඒ නිසා ඒ වෙනුවට කහ කොඩියක් පාවිච්චි කරන්න කියලා තියෙන්නෙ..:yes:

    එක මචං වැරදි කතාවක් නේ. නොකළ යුතුයි කියන්නේ කරනවානම් ඒක නීතියට අනුකුල නෑ කියන එකම නේද. අහවල් මාර්ගය හරහා ගමන් නොකළ යුතුයි කියන්නේ, ඒ මාර්ගයේ යෑම තහනම් කියන දේම නේද ?? . හැමෝම එක විදියක් නෑනේ. වෙසක් කුඩුවක් හදලා, තොරණක් හදලා, දන්සලක් දීලා එකෙන් පිනක් බලාපොරොත්තු වෙන, සතුටු වෙන පිරසත් ඉන්නවා නේද. ඇයි මේ හදිස්සියේම මේ වගේ විකාර කතාවක. btw කහ කොඩිය වැදගත් තීරණයක්. ඔයා කියන්නෙත් මේත් ඒ වගේම වැදගත් දෙයක් කියලද. වෙසක් කුඩුවක් හදලා, තොරණක් හදලා, දන්සලක් දීලා අපේ ආගමට අපි අගෞවරවයක් කරනවාද ? ? ? ? ?
     
    Last edited:

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    SHARIA LAW

    thoran,kudu, poyata thahanm karapu eke waradak naha
    eth

    mewa nam waradi
    වෙසක් පොහොය දින විහාරස්ථානවල ආගමික වතාවත්වලට සහභාගී නොවී තැන තැන කණ්ඩායම් ලෙස හැසිරීම ද (පවුල් පිටින් පන්සල් යාම තහනම් කර ඇත) නොකළ යුතු බව ද අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

    වෙසක් පොහොය දිනයේ සීල සමාදානය, ධර්ම ශ්‍රවනය හා භාවනා ආදී ආගමික වතාවත්වල පමණක් යෙදීම සිදු කළ යුතු බව එම අමාත්‍යංශය දැනුම්දෙයි
    . :angry::angry::angry:

    mewa nam waradak naha :yes:
    වෙසක් පොහොය දිනයේ වෙසක් තොරණ, පහන් කූඩු ප්‍රදර්ශනය සහ, දන්සැල් දීම සිදු නොකළ යුතු බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය දැනුම්දෙයි.

    එදින තුළ ආගමික වතාවත්වල නිරතවීම පමණක් සිදුකළ යුතු බව අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    වෙසක් තොරණ, පහන් කූඩු ප්‍රදර්ශනය සහ, දන්සැල් දීමේ කටයුතු 25 වැනි දින සිට පමණක් සිදුකළ යුතු බව එම නිවේදනයේ සඳහන්ය.

    සංගීත සන්දර්ශන භක්ති ගීත හෝ වෙනත් ක්‍රියාවන් ද වෙසක් පොහොය දිනයේ සිදුනොකළ යුතු බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය පවසයි. (නොකියා කියන්නේ එදාට දන්සැල් දෙන එක නීති විරෝධී කියලද)

    වෙසක් දන්සැල් පැවැත්වෙන ස්ථානවල මහ පිරිත හෝ ධර්ම දේශනා පමණක් විකාශය කළ යුතු බව ද එම අමාත්‍යංශය දැනුම්දෙයි.

    dansal dawasata wena seen api dannawa ne
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය නාමල් බේබිගේ කාර් රේස් එක කල් දැම්මනේ වෙසක් හින්දා ඔකට රිටන් එකට තමයි ඔය බලු ‍වැඩේ කලේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක මචං වැරදි කතාවක් නේ. නොකළ යුතුයි කියන්නේ කරනවානම් ඒක නීතියට අනුකුල නෑ කියන එකම නේද. අහවල් මාර්ගය හරහා ගමන් නොකළ යුතුයි කියන්නේ, ඒ මාර්ගයේ යෑම තහනම් කියන දේම නේද ?? . හැමෝම එක විදියක් නෑනේ. වෙසක් කුඩුවක් හදලා, තොරණක් හදලා, දන්සලක් දීලා එකෙන් පිනක් බලාපොරොත්තු වෙන, සතුටු වෙන පිරසත් ඉන්නවා නේද. ඇයි මේ හදිස්සියේම මේ වගේ විකාර කතාවක. btw කහ කොඩිය වැදගත් තීරණයක්. ඔයා කියන්නෙත් මේත් ඒ වගේම වැදගත් දෙයක් කියලද. වෙසක් කුඩුවක් හදලා, තොරණක් හදලා, දන්සලක් දීලා අපේ ආගමට අපි අගෞවරවයක් කරනවාද ? ? ? ? ?
    ඉතිං මචෝ කරන්න එපා කියලා නැහැනේ.. වෙසක් දවසෙන් පස්සෙ දවසෙ කරන්න කියලනේ තියෙන්නෙ.. ඒත් මං හිතන්නෑ බං.. ඔය වෙසක් කලාප ඔක්කොම පටන්ගන්නෙ 24, 25, 26 දවස්වල.. දැනටත් රේඩියෝවෙ, ටී.වී එකේ ඇඩ් දානවා..:yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    අනේ බන් වැරදි දෙයක් කියල තියෙනවද.......වෙසක් දවසට සිල් ගනිල්ලා කියල තියෙන්නේ.....වෙන නාඩගම් නැතුව......පස්සේ දවසේ ඕන දෙයක් කරන්න පුළුවන්නේ .....
     
    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    අනේ බන් වැරදි දෙයක් කියල තියෙනවද.......වෙසක් දවසට සිල් ගනිල්ලා කියල තියෙන්නේ.....වෙන නාඩගම් නැතුව......පස්සේ දවසේ ඕන දෙයක් කරන්න පුළුවන්නේ .....

    ඉතින් බං මම අහන්නේ දානය දීම නාඩගමක් ද, ආලෝක පුජාව නාඩගමක් ද, කොටින්ම වෙසක් මංගල්‍යය කියලා අපි කියන්නේ ආමිස පූජාව කියන දේ නාඩගමක් ද ? ?

    "අශෝක අධිරාජ්‍යයා බුදුදහම ව්‍යාප්ත කරලීමේ ක්‍රියාවලියේදී වඩා මුල් තැනක් ලබාදුන්නේ ආමිස පූජාවලටයි. බුදු දහම පොදු ජන හදට ලංකරවීම පිණිස මහජනතාව ඊට සම්බන්ධ කර ගත්තා. ඊට පෙරාතුව දක්නට ලැබුණේ භික්ෂූන්ට පමණක් සීමාවී තිබූ,, භික්ෂූන්ට පමණක් වෙන් වූ ප්‍රතිපත්තිය මත ගොනුවූ ක්‍රමවේදයක්. එහිදී ජනතාවට ධර්මය සමීපවීමක් දක්නට ලැබෙන්නේ නෑ. ඒනිසා දහම ජනතාවට අවබෝධ වන්නට නම්, එය සමීප විය යුත්තක්.
    අතීතයේදී, පෙරහර තුළ විවිධ විචිත්‍රාංග දක්නට ලැබුණා. ඒ විචිත්‍රාංග එදා සිට නූතනය දක්වාත් දක්නට ලැබෙනවා. ජනතා ඒකරාශිවීම තුළ සියල්ලන්ගේ සිත් ඒ කෙරෙහි නම්‍ය වෙනවා. එතනදී, බුදුදහම තමන්ගේ සිත තුළ සුවිශේෂ අන්දමකට විප්ලවයක් කරනු ලබනවා. ඒ ක්‍රමවේදය, මහින්දාගමනයත් සමගින් මෙරටට ලැබුණා.

    දන්සැල් දීම, වෙසක් කූඩු සැකසීම යනාදී කටයුතු තුළින් පුද්ගලයෙකුගේ ජීවිතයේ මහා වෙනසක් සිදු වෙනවා.මම දකින විදිහට ලෝකයේ කිසිම රටක මේරටේ තරම් පරිත්‍යාගශීලී වීමක් දක්නට ලැබෙන්නේ නැහැ. අද වෙනකොට දන්සලක් දෙන්න බොහෝ දෙනෙක් එකතු වෙනවා.ඒ සියල්ල ඔවුන් සිදුකරන්නේ අසීමිත ශ්‍රද්ධාවෙන්. මාස ගාණක් ඉඳන් ඔවුන් ඊට සූදානම් වෙනවා. අඩුම තරමේ, වෙනදා පිනට යමක් නොදෙන කෙනා, වෙසක් දන්සලට බලහත්කාරයෙන් හෝ මොනවාහරි දන් දෙනවා. ඊට කුමන ආකාරයකින් හෝ දායක වෙනවා. මම හිතන්නේ නෑ මෙවන් තත්ත්වයක් ලෝකේ අන් රටක තියෙනවා කියලා."

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ බන් වැරදි දෙයක් කියල තියෙනවද.......වෙසක් දවසට සිල් ගනිල්ලා කියල තියෙන්නේ.....වෙන නාඩගම් නැතුව......පස්සේ දවසේ ඕන දෙයක් කරන්න පුළුවන්නේ .....

    එකට තහනම් කරලා හරියනද බන් ඉල්ලිමක් කලානම් මිට වඩා ගැලපෙන්නේ නැද්ද .බුදු හාමුදුරැවන්වත් මෙහෙම අන්තගාමි වෙලා නෑ
     
    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    ඉතිං මචෝ කරන්න එපා කියලා නැහැනේ.. වෙසක් දවසෙන් පස්සෙ දවසෙ කරන්න කියලනේ තියෙන්නෙ.. ඒත් මං හිතන්නෑ බං.. ඔය වෙසක් කලාප ඔක්කොම පටන්ගන්නෙ 24, 25, 26 දවස්වල.. දැනටත් රේඩියෝවෙ, ටී.වී එකේ ඇඩ් දානවා..:yes:

    මචං ඔයා කතා කරන්නේ මහා පරිමාණයෙන් කරන උත්සව, වෙසක් කලාප ගැන විතරයි. ගම්වල තරුණ පිරිස, පොඩි ළමයි එකතු වෙලා කරන දේවල් කෙරෙන්නේ මේ දවසල නේද. කොළඹින් පිටත ටවුන් වල, ගම් වල වෙසක් තියෙන්නේ මේ වෙසක් දවස් දෙකේ විතරයි නේද.

    ......වෙසක් පොහොය දිනයේ වෙසක් තොරණ, පහන් කූඩු ප්‍රදර්ශනය සහ, දන්සැල් දීම සිදු නොකළ යුතු බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය දැනුම්දෙයි.

    එදින තුළ ආගමික වතාවත්වල නිරතවීම පමණක් සිදුකළ යුතු
    ......

    බලන්න මේ නිවේදනයම හරියට නියෝගයක් වගේ නෙමෙයිද ?
     
    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    reputation_neg.gif
    වෙසක් පෝයට දන්සැල් -... 05-16-2013 03:29 PM Ane moda lamaya....koheda thahanam karala thiyenne....ladaru mole....hithalama nawaththanawanm thama hoda
    අනේ කවුද මන්දා මොලේ කචල් කාරයෙක් මට අද රෑට කන්න නැති කරලා. මූ රෙප් එකක් කපපු නිසා අද මම බඩගින්නේ
    :baffled::baffled::baffled::baffled::baffled::baffled:

    ගොනෝ මම මේ තහනම් නියෝගයක් ගැන නෙමෙයි කියන්නේ.
     
    Similar threads