වෙසක් පෝයට දන්සැල් - තොරණ - කූඩු බෑ!
වෙසක් පෝයට දන්සැල් - තොරණ - කූඩු බෑ!

වෙසක් පොහොය දිනයේ වෙසක් තොරණ, පහන් කූඩු ප්රදර්ශනය සහ, දන්සැල් දීම සිදු නොකළ යුතු බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්යංශය දැනුම්දෙයි.
එදින තුළ ආගමික වතාවත්වල නිරතවීම පමණක් සිදුකළ යුතු බව අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
වෙසක් තොරණ, පහන් කූඩු ප්රදර්ශනය සහ, දන්සැල් දීමේ කටයුතු 25 වැනි දින සිට පමණක් සිදුකළ යුතු බව එම නිවේදනයේ සඳහන්ය.
සංගීත සන්දර්ශන භක්ති ගීත හෝ වෙනත් ක්රියාවන් ද වෙසක් පොහොය දිනයේ සිදුනොකළ යුතු බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්යංශය පවසයි. (නොකියා කියන්නේ එදාට දන්සැල් දෙන එක නීති විරෝධී කියලද)
වෙසක් දන්සැල් පැවැත්වෙන ස්ථානවල මහ පිරිත හෝ ධර්ම දේශනා පමණක් විකාශය කළ යුතු බව ද එම අමාත්යංශය දැනුම්දෙයි.
වෙසක් පොහොය දින විහාරස්ථානවල ආගමික වතාවත්වලට සහභාගී නොවී තැන තැන කණ්ඩායම් ලෙස හැසිරීම ද (පවුල් පිටින් පන්සල් යාම තහනම් කර ඇත) නොකළ යුතු බව ද අමාත්යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.
වෙසක් පොහොය දිනයේ සීල සමාදානය, ධර්ම ශ්රවනය හා භාවනා ආදී ආගමික වතාවත්වල පමණක් යෙදීම සිදු කළ යුතු බව එම අමාත්යංශය දැනුම්දෙයි.
(කොටින්ම කිව්වොත් මුළු වෙසක් පෝයම මිලිටරිකරණය කර ඇත !!!!!)
Source: http://sinhala.adaderana.lk/news.php?nid=34134&mode=beauti

Last edited: