වෙසක් පෝය තියෙන්නේ මැයි මාසෙලු

Nadun24

Member
Apr 12, 2018
155
41
0
වෙසක් පෝය තියෙන්නේ මැයි මාසෙලු

අප්‍රේල් පෝය වෙසක්‌ ලෙස යොදා ගැනීම මහා විහිළුවක්‌ - මල්වතු අනුනාහිමියෝ කියති

ජාත්‍යන්තර වෙසක්‌ උත්සවය මෙන්ම සියලු බෞද්ධ රටවල්වල 2018 වෙසක්‌ පෝ දිනය මැයි 29 පසළොස්‌වක පෝ දිනයට යෙදී තිබියදී ශ්‍රී ලංකාවේ වෙසක්‌ පෝ දිනය අප්‍රේල් 29 වැනිදාට යොදාගෙන තිබීම මහා විහිළුවකැයි සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය අනුනායක ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියෝ පැවසූහ.

මැයි මාසයට යෙදෙන පසළොස්‌වක පෝ දිනය වෙසක්‌ පෝ දිනය ලෙස සැලකීමටත් මැයි මාසය වෙසක්‌ මාසය ලෙස පිළිගැනීමටත් ශ්‍රී ලංකාවාසීන්ගේ සාම්ප්‍රදායට පිටුපා මෙවර වෙසක්‌ පෝ දිනය අප්‍රේල් මස පසළොස්‌වක පෝ දිනට යොදා ගැනීම කිසිසේත්ම සිදු නොවිය යුත්තක්‌ බව විජිතසිරි අනුනායක හිමියෝ පෙන්වා දුන්හ.

බුදු රජාණන්වහන්සේ වෙනුවෙන් බෞද්ධ ජනතාව පින් දහම් සිදුකොට බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් කැපවන වෙසක්‌ පුන් පෝ දිනයද තම තමන්ගේ හිතු මතයට වෙනස්‌ කිරීම උචිත නොවන බව පැහැදිලි කරමින් ශ්‍රී විජිතසිරි අනුනාහිමියෝ ඊයේ (23 දා) එසේ කියා සිටියහ.

අප්‍රේල් 29 වැනිදාට යෙදී තිබෙන පුන් පෝ දිනය බක්‌ මහේ පෝ දිනයකි. ශක රාජවංශය අනුව බක්‌ මස අගට යෙදී ඇති පුන් පෝ දිනය අධි පසළොස්‌වක පෝ දිනයක්‌ ලෙස සැලකීමේ වරදක්‌ නොමැති නමුත් වෙසක්‌ පුන් පෝය දිනය ලෙස සැලකීම සුදුසු නොවන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

තායිලන්තය, කාම්බෝජය, ටිබෙට්‌, වියට්‌නාම්, චීනය, ඉන්දියාව වැනි රටවල් වෙසක්‌ දිනය ලෙස සමරන්නේ මැයි මස අවසනට යෙදී ඇති පසළොස්‌වක්‌ පෝ දිනය බවත් ජාත්‍යන්තර වෙසක්‌ උත්සවය පවත්වන්නේද මැයි මස අගට යෙදී තිබෙන පසළොස්‌වක්‌ පෝදිනය දා බවත් අනුනායක හිමිපාණෝ පෙන්වා දුන්හ.

කිසිවකුගේ උපදෙසක්‌ මත සාම්ප්‍රදායික ලෙස බෞද්ධ වර්ෂය පිළිගැනීමෙන් බැහැරව මෙවන් තීරණ ගැනීම සාවද්‍ය බව පෙන්වා දුන් උන්වහන්සේ මෙවන් අත්තනෝමතික තීන්දු නිසා රට ජාතියට දුර්විපාක භුක්‌ති විඳීමට පවා කටයුතු යෙදීමට ඉඩ තිබෙන බවද පැවසූහ.

Source - http://divaina.com/daily/index.php/puwath-2/10584-2018-04-23-05-08-46
 
Last edited:

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඕකුන් පිස්සුනේ නටන්නේ.
    මේකත් එකේ එක කොටසක් විතරයි
    :yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සංස්කෘතියක් සම්ප්‍රදායක් ගරු නොකරන හැත්තකට පාලන බලේ දුන්නම මේව සාමාන්‍ය දේවල්...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    ඔතන තියෙන්නේ සීසර් ගේ කැලෙන්ඩරෙයි සිංහල චන්ද්‍ර මාස ක්‍රමයයි අතර ප්‍රශ්නයක් නේද? වෙසක් පෝය මැයි වල තියෙන්න ඕන කියලා නියමයක් නෑ. වෙසක් පොය තියෙන්නේ වෙසක් මාසයේ. වෙසක් මාසය කියන්නේ බක් අමාවක පෝය දවසෙන් පස්සේ එළඹෙන මාසය. වෙසක් පෝය කියන්නේ වෙසක් මාසයේ මැද දිනය.

    https://si.wikipedia.org/wiki/චන්ද්‍ර_මාස_ක්‍රමය
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    ඔතන තියෙන්නේ සීසර් ගේ කැලෙන්ඩරෙයි සිංහල චන්ද්‍ර මාස ක්‍රමයයි අතර ප්‍රශ්නයක් නේද? වෙසක් පෝය මැයි වල තියෙන්න ඕන කියලා නියමයක් නෑ. වෙසක් පොය තියෙන්නේ වෙසක් මාසයේ. වෙසක් මාසය කියන්නේ බක් අමාවක පෝය දවසෙන් පස්සේ එළඹෙන මාසය. වෙසක් පෝය කියන්නේ වෙසක් මාසයේ මැද දිනය.

    https://si.wikipedia.org/wiki/චන්ද්‍ර_මාස_ක්‍රමය

    චන්ද්‍ර මාස ක්‍රමය ගැන නොදන්න අය තමයි මේකට බනින්නෙ. ඒ අය හිතන්නෙ මේ සුද්දගෙ කැලැන්ඩරේ තමයි කාලය මනින මිම්ම කියලා. ඉස්සර බුදු හාමුදුරුවො කතා කරෙත් පෝය දින වලින්. සුද්දගෙ මාස වලින් නෙවේ. මාරයා බුදු හාමුදුරුවන්ට පිරිණිවන්පාන්න ආරාධනා කරපු වෙලාවේ. අද ඉඳන් පෝය තුනකට පස්සේ පිරිණිවන්පානවයි කියලා උන්වහන්සේ වදාලා.

    ඕක ගැන හොඳ වීඩියෝ එකක් එලකිරියෙම දාලා තිබ්බා. ඒ නූල හොයාගන්න පුළුවන් කෙනෙක් දාන්න.
     
    • Like
    Reactions: tha123

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    Oya maha ganayon gen thamayi buddagama bera ganna ona. Bauddaya wenuwen karana labbakuth na, pukuwan tharam sapa windala windala, hiti gaman aharila butha kiyawanawa
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    26.gif


    හික්... හිකිස්...
    අපරාදෙ තවටිකක් පහුවෙලා ඕක වදාරන්න තිබ්බෙ.
    අර අමිල උන්නාන්සෙවත් මොකුත් උපදෙසක් දීල නැතෙයි...
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔතන තියෙන්නේ සීසර් ගේ කැලෙන්ඩරෙයි සිංහල චන්ද්‍ර මාස ක්‍රමයයි අතර ප්‍රශ්නයක් නේද? වෙසක් පෝය මැයි වල තියෙන්න ඕන කියලා නියමයක් නෑ. වෙසක් පොය තියෙන්නේ වෙසක් මාසයේ. වෙසක් මාසය කියන්නේ බක් අමාවක පෝය දවසෙන් පස්සේ එළඹෙන මාසය. වෙසක් පෝය කියන්නේ වෙසක් මාසයේ මැද දිනය.

    https://si.wikipedia.org/wiki/චන්ද්‍ර_මාස_ක්‍රමය

    :yes:

    සුද්දාගෙ කැලැන්ඩරේට වෙසක් පොහොය උදාවෙන්නෙ නැත. අපේ චන්ද්රමාස ක්රමය ලොව පැරනිම හා නිවැරදිම කාලය මැනීමේ ක්රමයයි.මහනාහිමියන්ට ජොතිස්ය ගැන අවබෝධයක් නැහැ. පොහොය නිර්මානය වෙන්නෙ ජොතිස්ය ශිද්දාන්ත අනුව. කාරනය බුදුවීමට හෝ සක්විති රජවීමට නම් රවි උච්චව සදුට සප්තමව සිටිය යුතුය.සිදුහත් උපත, බුදුවීම හා පිරිනිවන්පෑම සිදුවුයේ රවි උච්චව සිටන මේශ රවියේය, එවිට සදු තුලාවේ සිටිය යුතුය,