වෙසක්_සුබපැතුම්_පත්_පිලිඹඳව_පොඩි_අදහසක්.

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වෙසක්_සුබපැතුම්_පත්_පිලිඹඳව_පොඩි_අදහසක්.

    වෙසක් සුබපැතුම් පත් පිලිඹඳව පොඩි අදහසක්.. මොහොතක් මේ ගැන සිතන්න..

    සහෘද පින්වත් සැම වෙත,

    මේ එලඹෙන්නේ වෙසක් සතියයි, අප මහා ගෞතම බුදුරජාණන්වහන්සේගේ තෙමගුල සිහිකරන දිනයයි. මේ කාලයේදී අප අපගේ හිතවතුන්, හිතවතියන් වෙනුවෙන් යවන්නාවූ වෙසක් සුබපැතුම් පත් පිලිඹඳව පොඩි අදහසක් දෙන්න.

    ඔබ වෙසක් සුබපැතුම් පතක් මිලදී ගැනීමට පළමුවෙන් එහි අන්තර්ගතය ගැන සැලකිලිමත්වන්න.. මොකද ගොඩක් වෙලාවට ඔබ නොදන්නවා උනාට මේ සුබපැතුම් පත් නිශ්පාදනය කරන්නේ අනය්‍ය ආගමිකයන්ගේ කර්මාන්ත ශාලාවල.. එමනිසා බොහෝ වෙලාවට බුදුදහමට කිසිම අදාලත්වයක් නැති; නමුත් ඔවුන්ගේ ආගමික සහ මූල්‍ය ව්‍යාපාරයන්ට ගැලපෙන අයුරින් සකස් කල; [කොටින්ම කිව්වොත් බුදුදහමට නිගාවන ආකාරයට ඉතා සූකෂමව සකස්කල] සුබපැතුම්පත් වෙළඳපොලේ තිබෙනවා. මෙවන් සුබ පැතුම් පතක් ඔබ මිලදීගන්නවා කියල කියන්නේ, ඔවුන්ගේ කූට ව්‍යාපාර වලට අතහිතදීමක් මෙන්ම, පින් කිරීමට ගොස් අකුසල් කරගැනීමක්..

    ඒ වගේම තමයි ඔබ මිලදීගන්නා සුබපැතුම්පතේ බුදුරජාණන්වහන්සේගේ රුව අඩංගු නොවනවානම් වඩාත් හොඳයි. මොකද වෙසක් මාසය ගෙවීයත්ම ඔබ යැවූ සුබ පැතුම්පත් තිබෙන්නේ කොහේදැයි ඔබ හොදාකාරවම දන්නා නිසා.. ඒවා එක්කෝ කසළගොඩේ, නැතිනම් අනවශ්‍යදෑ බහාලන බහාලුමක.. ඉතින් ඔබ කැමතිද ඔබේ තථාගතයන්වහන්සේ එවන් තැනක තබනවාට?

    මේ වෙසක් සතියේ ඔබත් මොහොතක් මේ ගැන සිතන්න.. ස්තුතියි....

    තෙරුවන් සරණයි!


    =======================================

    මේක මට ආපු ඊමෙල් එකක්. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ.

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික ටයිප් කරපු මහත්තයට
    ඒ ටයිප් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    ඒ මේල් එක මගේ යාළුවට මේල් කරපු යාළුවට
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට
    සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට
    සහ නන් අයුරින් සහය වූ සැමට