රත්රන් ආනයනය දැඩි ලෙස සීමා කිරීම හේතුවෙන් මේ වන විට දේශීය වෙළඳපොළේ රත්රන් වල දැඩි හිඟයක් මතුව ඇතැයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කරයි.
රත්රන් වල හිඟය හේතුවෙන් ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර දහස් ගණනකට රැකියා අහිමි වීමේ අවදානමක් මතුව තිබෙන බවද සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සංගමයේ සභාපති ඒ. විජය කුමාර් මහතා කියයි.
මීට වසර හතර පහක පමණ කාලයක සිට රත්රන් ආනයනයට වැඩි දැඩි සීමා පැන වූ අතර මේ දක්වා එම සීමා ක්රියාත්මක බව ද ඔහු කීය.
සතුන් සඳහා පනවා තිබූ සියයට 15 රේගු බද්ද මෑතකදී සියයට 5 දක්වා අඩු වුවද රත්රන් ආනයනය නොකිරීම නිසා එහි වාසිය ලබා ගත නොහැකිව තිබෙන බවද සභාපතිවරයා පැවසී ය.
මේ වන විට රත්රන් පවුමක මිල රුපියල් 116500ක් පමණ වන අතර වැඩ කුලිය සමඟ පවුමක මිල රුපියල් 124000ක් පමණ වන බවද විජය කුමාර් මහතා කීය
https://www.lankadeepa.lk/news/වෙළෙඳපොළේ-රත්රන්-හිඟයක්/101-593828