වේස කමේ ගිහින් මාට්ටු වුණ අය

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    '' රුපවාහිනි තිරයේ මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය වල සුළු චරිත මෙන්ම පෞද්ගලික දුරකථන සමාගම් වල මෙන්ම වෙනත් සමාගම් වල දැන්වීම් සඳහා..... ''

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හසිනි සැමුවල් හිටියද දන්නේ නෑ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,920
    8,261
    113
    Kotahena
    onna news eka copy paste kara.
    අධික මිල ගණන්වලට ගණිකා වෘත්තියේ යෙදුණු රූමත් මෝස්තර නිරූපිකාවන් හයදෙනකු ඇතුළු පුද්ගලයන් අටදෙනකු කේරළ ගංජා ග්‍රෑම් දහයක් සමඟ පෙන්වා (23දා) බණ්ඩාරගම ගැලනිගම අධිවේගී ගුවන් පාලම අසලදී සුබෝපභෝගී වෑන් රථයක් සමග අත්අඩංගුවට ගත් බව පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. අත්අඩංගුවට ගත් පිරිස පුද්ගලයන් දෙදෙනාගෙන් අයකු ඔවුන්ගේ ආරක්ෂකයකු බවත් අනෙක් අය වෑන් රථ රියැදුරු බවත් පොලිසිය කියයි.

    කේරළ ගංජා මෙම ගණිකා ජාවාරම මෙහෙයවන මෝස්තර නිරූපිකාවන්ගේ හිසකෙස් අතර සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරිනියක් පැවැසුවාය.කොට්ටාව, පන්නිපිටිය, මහල්වරාව ප්‍රදේශයේ රූපලාවණගාරයක් පවත්වාගෙන යන රූපලාවණ්‍ය ශිල්පිනියක් මෙන්ම මෝස්තර නිරූපිකාවක් වන සුරූපී කාත්තාව එවැනිම සුරූපී කාන්තාවන් මුදලට අලෙවී කිරීමේ රහසිගත ව්‍යාපාරයක් කරන බවට පානදුර, වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි හේමාල් ප්‍රසන්න මහතාට ලද තොරතුරක් අනුව මෙම පිරිස වටලා ඇත.

    ඒ අනුව උප පොලිස් පරීක්ෂක ධර්මසිරී මහතාට ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස සහකාර පොලිස් අධිකාරීවරයා කරන ලද උපදෙස් අනුව එම ජාවාරම පවත්වාගෙන යන කාන්තාවගේ දුරකථන අංකය සැරයන් විසින් සොයාගෙන ඇත. රන් භාණ්ඩ නිෂ්පාදනය කර අලෙවි කරන ව්‍යාපාරිකයකු සේ රඟපා මෝස්තර නිරූපීකාව හා දුරකථනයෙන් සම්බන්ධ වූ සැරයන්වරයා රාත්‍රියක් ගත කිරීම සඳහා කාන්තාවක් ලබාදෙන ලෙස පැවැසූ බව පොලිසිය කියයි. ඒ සඳහා රුපියල් හතළිස් දහසක් අය කරන බව එම සුරූපී කාත්තාව ව්‍යාපාරික වෙස්ගත් සැරයන්වරයාට පවසා ඇති අතර එයට කැමැත්ත ලබාදීමෙන් පසු එකී කාත්තාව සමඟ බණ්ඩාරගම ගැලනිගමට පෙරේදා (23දා) වෑන් රථයෙන් පැමිණ තිබූ බව පොලිස් නිලධාරියා පැවැසීය.

    ගැලනිගම ප්‍රදේශයේ අතුරු මාර්ගයකට වෑන් රථය යොමු කිරීමෙන් අනතුරුව සැරයන්වරයා රුපියල් පන්දහසක අත්තිකාරම් මුදලක් කළමනාකාරීනිය අතට පත් කරනවාත් සමගම ඒ අවට රැකවල්ලා සිටි පොලිස් නිලධාරීහු ඔවුන් අත්අඩංගුවට ගත්හ. අත්අඩංගුවට ගත් කාත්තාවන් පොලිස් නිලධාරිනියන් දෙදෙනකු ලවා පරීක්ෂාවට ලක් කිරීමේදී ජාවාරම්කාරිගේ හිසකෙස් අතර සඟවා තිබූ කේරළ ගංජා සොයා ගැනීමට හැකි වූ බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

    මෙම සැකකාර කාන්තාව ගැනුම්කරුවන්ට කාන්තාවන් සැපයීමට අමතරව මත්ද්‍රව්‍යද සපයන බවට මෙය කදිම සාක්ෂියක් බව පොලීසිය කියයි. පොලිස් අත්අඩංගුවට පත්වූ ප්‍රධාන සැකකරුවන් ඇතුළු සියලුම කාන්තාවෝ රූපවාහිනි තිරයේ මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යවල සුළු චරීත මෙන්ම පෞද්ගලික දුරකථන සමාගම්වල මෙන්ම වෙනත් සමාගම්වල දැන්වීම් සඳහා පෙනී සිටින අය බව පොලිස් නිලධාරියෙක් පැවැසූහ.

    ගණිකා ජාවාරම මෙහෙයවන ප්‍රධාන සැකකාරිය ස්වාමියාගෙන් වෙන්ව ජීවත් වන කාන්තාවක් බව පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසිය කියයි. වයස අවුරුදු 23 හා 38 අතර පසුවන කාන්තාවන් කැලණිය-බණ්ඩාරවෙල, හෝමාගම හා මොනරාගල පදිංචිකාරියෝ වෙති. ඔවුන් සියලු දෙනා හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
    එම්.සී.පෙරේරා
     

    Similar threads