වේගය_වැඩි_කරගන්න

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    වේගය_වැඩි_කරගන්න

    පරිගණකයේ Files Copy කරගන්නා සහ Moving වේගය වැඩි කරගන්නා ආකාරය.

    images


    හොදයි "Tricks Lanka" තුලින් අද අපි කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ, ඔබේ පරිගණකයේ Files Copy කරගන්නා සහ Moving වේගය වැඩි කරගන්නා ආකාරයක් පිලිබදවයි. ඉතින් මම හිතනවා මෙය හැම කෙනෙකුටම ගොඩක් වැදගත් වේවි කියලා. ඉතින් බොහොමයක් අපි වින්ඩෝස් බාවිතා කරන්නේ. ඉතින් වින්ඩෝස් තුල ෆයිල් එකක් තවත් තැනකට කොපි කරගන්න සාමාන්‍යයෙන් අපි බාවිතා කරන්නේ අවශ්‍ය ෆයිල් එක කොපි කරගෙන පේස්ට් කරන එක. එය තරමක් දුරට Slow. අපි ප්‍රමාණයෙන් විශාල ෆයිල්ස් කොපි කරන විට සැහෙන වෙලාවක් ගත වෙනවා.

    ඉතින් ඔබ දන්නවද..., ෆයිල් කොපි කරන්න සහ move කරන්න විශේෂයෙන් සැකසුන මෘදුකාංග තිබෙනවා කියලා.. හ්ම්ම් ඔව්. සමහරු නම් දන්නවා ඇති නමුත් තවත් සමහරු නොදන්නවා වෙන්න පුළුවන්. ඉතින් අද අපි කතාකරන්න යන්නේ මෙවැනි නොමිලේ ගත හැකි මෘදුකාංග කීපයක් ගැන. :)

    ඉතින් මෙවැනි මෘදුකාංග සෑහෙන ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් මම මගේ මේ ලිපියේදී ඉදිරිපත් කරන්නේ අපේ මේ වැඩේට හරියන top performance copying මෘදුකාංග කීපයක්. :P දන්නවද.? මෙවැනි මෘදුකාංග වමගින් අපිට පුළුවන්කම තිබෙනවා 20% - 120% අතර වේගයකින් files copy සහ move වෙන වේගය වැඩිකරගන්න. :O ඉතින් මේවයින් සමහරක් වින්ඩෝස් වලට අමතරව Linux හා Mac වගේ මෙහෙයුම් පද්දති සදහාද සහය දක්වනවා.
    Fast copy
    මෙය නොමිලේ දෙන tool එකක්. ඔබගේ පරිගණකයට බාගතකරගන්න මෙතන ක්ලික් කරන්න.

    Tera copy
    මේක නියම බාන්ඩයක් ෆයිල්ස් copy සහ move කරගන්න. අනෙක් කරණය ඔබට පුළුවන් ඔබ යමක් copy හෝ move කරනා අතර තුර තාවකාලිකව නවත්වා තබා ඔබට අවශ්‍ය වෙලාවක නැවත නවත්වපු තැන ඉදන් පටන් ගන්න. ඒ වගේම කොපි උණු ෆයිල්ස් verify කරගන්නත් පුළුවන්. මෙතනින් ඔබට පුළුවන් නොමිලේ දෙන version එක බාගත කරගන්න.
    teracopycompact.png


    Extreme copy
    මේ utility එකට පුළුවන් ඔබේ ෆයිල්ස් කොපි කරන වේගය 20% ත් 120% ත් අතර වේගයකින් වේගවත් කරගන්න. මෙහි නොමිලේ දෙන version එක වගේම professional version එකකුත් තියෙනවා. "Tera copy" tool එකේ වගේම මේකෙත් පුළුවන් කොපි වන අතර තුර තාවකාලිකව නවත්වා තියන්න. ඒවගේම මෙහි ඇතුලත් error recovery විසදුමකුත්. මෙතනින් ඔබට පුළුවන් මෙය බාගත කරගන්න.
    ExetremeCopyUI.jpg


    Minicopier
    මේකත් අපේ වැඩේට පට්ටම මෘදුකාංගයක්. :P මේකේ අනෙත්වයේ නැති වැඩකෑලි කීපයක් තියෙනවා.කොපි වෙන වේගය අපිට manual හදාගන්න වගේ තව තවත් options තියෙනවා. මේක අපේ professional අයට ගොඩක් වැදගත් වෙයි. මෙය වින්ඩෝස් වලට වගේම Mac, Linux මෙහෙයුම් පද්දති වලටත් සහය දක්වනවා. බාගත කරගන්න මෙතන ක්ලික් කරන්න.
    minicopier-0.5-screen2.png


    Supercopier
    මෙයත් හොද ෆයිල් copy සහ move කරගන්න සහය වෙන මෘදුකාංගයක්. තවමත් beta version එකක් තමයි නිෂ්පාදකයින් හදුන්වාදිලා තියෙන්නේ. මෙතන ක්ලික් කරලා ඔබට පුළුවන් ඔවුන්ගේ download Page එකට යන්න.

    හොදයි Files copy කරගන්න සහ move කරගන්න හොද ප්‍රයෝජනවත් මෘදුකාංග 5 ක්, මම මගේ ලිපියෙන් ඔබට හදුන්වලා දුන්නා.