වේගවත්ම සුපිරි පරිගණක කිරුළ යලිත් චීනයට?

roshan7917

Member
Jun 14, 2012
765
83
0
piliyandala
වේගවත්ම සුපිරි පරිගණක කිරුළ යලිත් චීනයට?

ටියාන්හේ-2 සුපිරි පරිගණකය | ටියාන්හේ යන්නේහි තේරුම ක්ශීරපථය (milky-way) යන්නයි. දැනට ක‍්‍රියාත්මකව පවතින ඇමරිකානු සහ ජපාන සුපිරි පරිගණක වලට වඩා දෙගුණයක වේගයෙන් ක‍්‍රියා කළ හැකි නවතම සුපිරි පරිගණකයක් චීනය විසින් නිපදවා තිබේ. ටියාන්හේ-2 ලෙස නම් කර ඇති මෙහි වේගය නිල අත්හදා බැලීම් වලට පෙරදීම තත්පරයට පෙටාෆ්ලොප් 30.7ක් (ගණනය කිරීම් ක්වොඩි‍්‍රලියන) බවට වාර්තාවී ඇත. ටියාන්හේ-2 පරිගණකයේ සැබෑ වේගය, මීටත් වඩා වැඩිවිය හැකි බව ට බටහිර විද්‍යාඥයින් සැක පහල කරන්නේ මෙම වේගය ලබාගැනීම සඳහා පරිගණකයේ ධාරිතාවෙන් 90%ක් පමණක් භාවිතා කොට ඇති බැවිනි.

දැනට ලොව වේගවත්ම සුපිරි පරිගණකය ලෙස කිරුළු පැළඳගෙන සිටින්නේ අමෙරිකාවේ ඕක් රිජ් ජාතික පර්යේෂණායතනයේ "ටයිටන්" නම් සුපිරි පරිගණකයයි. 2010 වසරේදීද චීනයේ කෙටි කාළයකට ලොව වේගවත්ම සුපිරි පරිගණක කිරුළ හිමිකරගත්තේ ඔවුන් නිර්මාණය කල ටියාන්හේ-1 ලොව වේගවත්ම පරිගණකය වීමෙනුයි.

ඉන්ටෙල් සමාගමේ ප්‍රොසෙසර් හා චීන තාක්ශණයෙන් නිර්මිත පරිපථ තාක්ශණ මුසුවකින් නිමැවී ඇති ටියාන්හේ-2 චීනයේ ජාතික ආරක්ශක තාක්ශණ විශ්වවිද්‍යාලයේ (National University of Defense Technology) නිර්මාණයකි. ටියාන්හේ සුපිරි පරිගණකය නිර්මාණය කොට ඇත්තේ ඉන්ටෙල් සමාගමේ අලුත්ම අධිවේගී ප්‍රොසෙසරය වන Xeon Phi ප්‍රොසෙසර් 48,000ක් හා තවමත් වෙළඳපොලට නිකුත් නොවූ අලුත් ආකෘතියක Xeon ප්‍රොසෙසර් 32,000කිනි. මේ ප්‍රොසෙසර් මගින් ටියන්හේ-2 සුපිරි පරිගණකයට ගණන කේන්ද්‍ර (computing cores) 3,120,000ක සංඛයාවක් ලැබී තිබේ


 
Last edited:

009008

Active member
  • Aug 18, 2011
    527
    95
    28
    1075707_3266711962264_1869106761_n.jpg