"වේයන්ගොඩ සමීර"

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    "වේයන්ගොඩ සමීර"

    557721_356673677707175_253092501398627_917960_921475999_n.jpg

    අවසන් ගම්න් ගිය සමීරගේ අවසන් වදන් බිද !!....:(:(:(:(
    Sameera : "ඩොක්‌ටර් අනේ ඩොක්‌ටර් මට වෙච්ච දේ දැන්ම අම්මට කියන්න එපා. අම්මට මේ දුක උහුලගන්න බැරිව මැරෙයි." ඔහු වෛද්‍ය ශාන්ත කුමාර අමරසිංහ මහතාගෙන් මුලින්ම ඉල්ලුවේ ඒ ඉල්ලීමය.
    "අනේ ඩොක්‌ටර්... මම අම්මට හරි ආදරෙයි. මට දැන් කකුල් දෙකත් නෑ. මාව ජීවත් කරවන්න බෑ කියලා මම දන්නවා" සමීර වෛද්‍යවරු හමුවේ කියන්නට වූහ.

    Sameera : "ඩොක්‌ටර් මට පොඩි උදව් දෙකක්‌ කරන්න."

    Doctor : "මොකක්‌ද කරන්න ඕනේ උදව්ව."

    Sameera : "මගෙ කොන්ද රිදෙනවා ඩොක්‌ට. ඒ වේදනාව නැතිවෙන්න ඉන්ජෙක්‌ෂන් එකක්‌ ගහන්න. තිබහයි දිව ගිsලෙන්න යනවා වතුර ටිකක්‌ දෙන්න" ඔහු ඉල්ලුවේ ඒ ඉල්ලීම් දෙකය. තරුණ වෛද්‍යවරිය දෙස බැලූ ඔහු කීවේ අබ්බගාත කෙනෙක්‌ව බඳින්න කවුද කැමැති නේද ඩොක්‌ටර් කියාය.​


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(


    දුම්රිය පා පුවරුවෙන් ඇදවැටි මරණයට පත්වූ සමීරගේ ශෝකනිය පුවත මෙයට පෙර අප ලිපියකින් ඔබ වෙත හෙළි කර සිටියා.

    සමීර අද අප අතර නැතත් අද "වේයන්ගොඩ සමීර" යනු බොහෝ හදවත් වල වීරයෙක් බවට පත්වී හමාරය.පහතින් දැක්වෙන්නේ සමීරගේ අවසන් පැය කිහිපය ගතවූ ආකාරය පිලිබඳ තැබෙන සටහනකි.

    සමීර ප්‍රසාද් අසුරමාන්න විසිහතර හැවිරිදිය. ඔහු පාසල් දිවියට ආයුබෝවන් කීවේ අපොස සාමාන්‍ය පෙළ මෙන්ම උසස්‌ පෙළ ද හොඳින් සමත් වූ පසුවය. සමීර කුඩා කල සිටම යන්ත්‍ර සූත්‍ර හැදීමට කැමැත්තක්‌ දැක්‌වීය. ඒ අනුව පාසල් දිවියෙන් පසු ඔහුගේ සිත ඇදී ගියේ වායුසමීකරණ පාඨමාලාවක්‌ වෙතය. හරි ඉක්‌මනින්ම ඒ තාක්‌ෂණය ඔහු හඳුනාගත්තේය. මල්වාන ප්‍රදේශයේ වාසුසමන යන්ත්‍ර ආයතනයක රස්‌සාවක්‌ ලැබුණේ ඊට පසුවය. වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාකරුවෙකු වූ සමීර ඒ රස්‌සාව හරි ආශාවෙන් කරන්නට පටන් අරන් වැඩි කාලයක්‌ ද නැත.

    සමීරලා ජීවත්ව සිටියේ වේයන්ගොඩ එළුවාපිටියේය. වේයන්ගොඩ නගරය සමීරට ගම බඳුය. පාරට බැස්‌ස විට මිතුරන් ඔහු වටා රොක්‌වන්නේ සැබෑ මිතුරෙකු ලෙස ඔහු කීර්තියක්‌ දිනා සිටි නිසාය.

    සමීර බොහෝ විට ගමන් බිමන් ගියේ දුම්රියෙනි. දුම්රියේ යැම ඒම ඔහුට හොඳ හැටි පුරුදුය.

    පසුගිය සෙනසුරාදා (17 වැනිදා) සමීර දුම්රියේ නැගී ගමනක්‌ ගියේය. ආපසු එනවිටත් ඔහු පැමිණියේ දුම්රියෙනි. මහව දුම්රිය ස්‌ථානයට දුම්රිය පැමිණි පසු දෙපාර්තමේන්තුවේ සේවකයන් පැමිණ දුම්රිය පාපුවරුවේ ගැලවී තිබූ ඇණ සවිකරන්නට වූහ.

    "අපිට ගෙවල්වලට යන්න ඕනේ. කැඩිච්ච ඒවා හදනකම් අපට ඉන්න බෑ. ඕවා කලින් හදලා තියන්න එපැයි" දුම්රියේ සිටි මගීන් විරෝධය පළ කළේ එලෙසින්ය.

    පාපුවරුවක ගැලවී තිබූ ඇණ හතරෙන් දෙකක්‌ පමණක්‌ සවිකළ පසු දුම්රිය ධාවනය කළේය.

    දුම්රිය වේයන්ගොඩට කිට්‌ටුවනවාත් සමඟ දුම්රිය ඇතුළේ සිටි සමීර දොරටුව කිට්‌ටුවට පැමිණියේ වේයන්ගොඩින් බැසීමටය. ඒ වනවිට දුම්රියේ වේගයද අඩාල කර තිබිණි. වේයන්ගොඩ, දුම්රිය ස්‌ථානය පෙනෙන මානයේය.

    සමීර පාපුවරුවට පය තිබ්බා පමණි. ඇණ දෙකකින් සවි කර තිබූ පාපුවරුවත් කඩාගෙන ඔහු ඇද වැටිණි. ඔහුගේ දෙපා ඒ වනවිටත් දුම්රියේ රෝද අතරට ගොස්‌ තිබිණි. සමීරට ජීවිතයේ කිසි දිනක නොදැනෙන වේදනාවක්‌ දැනෙන විට යකඩ යකා ඉදිරියට ඇදි ඇදී ගොස්‌ නතර විය. සමීරට වූ දේ දුටු මගීහු කෑ ගසද්දී, අසල සිටි ජනයා ලතෝනි තබන්නට වූහ.

    යකඩ රෝදවලට හසුවූ සමීරගේ උදරයෙන් පහළ කොටස දෙකට වෙන්වී ගොස්‌ තිබිණි. නමුත් සමීර තවමත් ජීවතුන් අතරය.

    "මල්ලියේ මගෙ කකුල් දෙක කෝ. කකුල් දෙක කැඩිලා වෙන්වෙලා නේද? " ළඟට පැමිණි තරුණයකුගෙන් සමීර විමසද්දී ඒ තරුණයාට පුදුම සිතිණි. ඒ තරුණයාට පමණක්‌ නොව දුම්රියේ පැමිණි මගීන්ද අහල පහල සිටි උදවියද මේ තරුණායට වූ දේ බලන්නට රොක්‌ වෙද්දී, තරුණයා කෑලි දෙකට වෙන්ව තිබියදීත් කතා කරනවා දුටු පසු විමතියට පත්වූහ.

    පැය භාගයක්‌ තිස්‌සේ සමීර එක එක දේවල් විමසන්නට විය. නමුත් කිසිවකු ඔහුව රෝහල්ගත කරන්නට උත්සාහ ගත්තේ නැත. පසුව දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් හා තවත් තරුණයන් කිහිප දෙනකු වෙන්ව තිබූ සමීරගේ උදරයෙන් පහළ කොටස හා උදරයෙන් ඉහළ කොටස වෙන වෙනම වතුපිටිවල රෝහල වෙත රැගෙන ආහ.

    ඒ වනවිටත් සමීර සිහියෙන්ය. හොඳ සිහියෙන්ය. වතුපිටිවල රෝහලේ වෛද්‍ය ශාන්ත කුමාර අමරසිංහ මහතා වෙත රෝගියා ගෙන එනවිට සවස 3.30 පමණ වී තිබිණි.

    "ඩොක්‌ටර් අනේ ඩොක්‌ටර් මට වෙච්ච දේ දැන්ම අම්මට කියන්න එපා. අම්මට මේ දුක උහුලගන්න බැරිව මැරෙයි." ඔහු වෛද්‍ය ශාන්ත කුමාර අමරසිංහ මහතාගෙන් මුලින්ම ඉල්ලුවේ ඒ ඉල්ලීමය.

    "මොකද වුණේ. ඔයා දුම්රියට පැන්නද?"

    වෛද්‍ය නිලධාරිතුමා රෝගියාගෙන් විමසුවේ මිත්‍රත්වය ඇතිවන ලෙසිනි.

    "නෑ ඩොක්‌ටර් මට දුම්රියට පැනලා මැරෙන්න තරම් ප්‍රශ්න නෑ. මම පාපුවරුව ළඟට ආවා. ඒ එක්‌කම පාපුවරුව කඩාගෙන මාව වැටුණා." ඔහු කියා සිටියේය.

    වෛද්‍යවරයාට හරි පුදුමය. උදරයෙන් පහළ කොටස සම්පූර්ණයෙන් ගැලවී ගොස්‌ තිබියදීත් මේ තරුණයා ඉතා හොඳ සිහියෙනි.

    "බයවෙන්න එපා" වෛද්‍යවරයා අවශ්‍ය ක්‍ෂණික ප්‍රතිකාර ලබා දෙන්නට පටන් ගත්තේය.

    ඒ වනවිටත් විශේෂඥ ශල්‍ය වෛද්‍ය නිහාල් නුගදූව මහතාද රෝගියා අසලට පැමිණියේ හදිසි කැඳවීමෙනි. රෝගියාගේ තත්ත්වය දුටු සැණින් මොහුව ජීවත්කරවීමට අපහසු බව විශේෂඥ වෛද්‍යවරයා නිගමනය කළේය.

    "අනේ ඩොක්‌ටර්... මම අම්මට හරි ආදරෙයි. මට දැන් කකුල් දෙකත් නෑ. මාව ජීවත් කරවන්න බෑ කියලා මම දන්නවා" සමීර වෛද්‍යවරු හමුවේ කියන්නට වූහ.

    "ඩොක්‌ටර් මට පොඩි උදව් දෙකක්‌ කරන්න."

    "මොකක්‌ද කරන්න ඕනේ උදව්ව."

    "මගෙ කොන්ද රිදෙනවා ඩොක්‌ට. ඒ වේදනාව නැතිවෙන්න ඉන්ජෙක්‌ෂන් එකක්‌ ගහන්න. තිබහයි දිව ගිsලෙන්න යනවා වතුර ටිකක්‌ දෙන්න" ඔහු ඉල්ලුවේ ඒ ඉල්ලීම් දෙකය. තරුණ වෛද්‍යවරිය දෙස බැලූ ඔහු කීවේ අබ්බගාත කෙනෙක්‌ව බඳින්න කවුද කැමැති නේද ඩොක්‌ටර් කියාය.

    සමීර දුම්රියට හසුවූ පසු දෙකට වෙන්ව යැම මහ අවාසනාවන්ත සිද්ධියකි. එවැනි විටක රෝගියාගේ දෙකඩ වූ තැනින් ලේ වහනය වන්නේ නැත. හේතුව රුධිර ගෙනයන ධමනි තැලී යැමය. සේලයින් හෝ වෙනත් බෙහෙතක්‌ ලබා දුන් සැණින් ධමනි විවර වේ. ලේ වහනය පටන් ගනී. සමීර රෝහලට ගෙන එනවිට ඔහුගේ සිරුරෙන් ලේ වහනය නොවූ බව දුම්රිය සේවකයන් හා සෙසු අය දුටුවේ එනිසාය.

    සමීරට සොයුරියකද සිටී. ඔවුනගේ පියා සමීරට අවුරුදු හතරක්‌ පිරන විට මිය ගියේ පවුලේ සියලු බර මවට දෙමිනි. සමීරත්, ඔහුගේ නංගීත් දහසක්‌ ප්‍රශ්න මැද හැදුවේ ඒ දිරිය මවය. ඒ මව මේ දුක කෙලෙස වාවනු ඇද්ද? අවුරුදු විසිහතරක්‌ තිස්‌සේ දෑස මෙන් රැකගත්, හදාවඩාගත් දරු දෙදෙනාගෙන් වැඩිමල් දරුවා මරු රැගෙන ගොස්‌ය. මවකට මෙවන් දුකක්‌ ඉහිලිය හැක්‌කේ කෙලෙසද?

    මෙම සිදුවීම පිලිබඳ අදහස් දක්වන සමීරගේ මාමා වන ඉන්දික නිශාන්ත මහතා

    ගයාන්ගේ දුරකථන ඇමතුම අනුවයි මම රෝහලට ගියේ.එවෙලේ මමත් ඔපරේෂන් කාමරේට ගියාම "ලොකු මාමේ ලොකු මාමේ "කියල මගෙන් දෙවතාවක් වතුර ඉල්ලගෙන සමීර පුතා බීවා.මන් සමීරට ලංවෙලා පුතා මොකද වුනේ කියල ඇහුවා.

    "ලොකු මාමේ මම කෝච්චියට පැන්නේ නැහැ.කෝච්චියෙන් බහින්න හැදුව.තරප්පු පෙලට ගොදවෙනකොටම එකත් කඩාගෙන ඇතුලට වැටුනා..අනේ මාමේ මට එහම උනා කියල අම්මටනම් කියන්න එපා.." එහෙම කතා කරලා ආපහු වතුර ඉල්ලන් බිව්වා.."ලොකු මාමේ මාමා එලියට යන්න එපා..මගේ ලගින්ම ඉන්න "දොස්තර මහත්තයට එක ඇහිලා මට පුතා ලගින් ඉන්න කිව්වා.

    "ලොකු මාමේ මගේ කකුල් දෙක තියෙනවද?" ඔව් පුතේ ඔයා බය නැතුව ඉන්න කියල මම කිව්වා..සමීර පුතාගේ ඇඟට සුදු රෙද්දක් දාල තිබ්බ හින්ද මම හිතුවේ සුළු තුවාල ඇති කියල.ඉතින් පුතා විනාඩි 20 ක් විතර කතා කළා..මටත් වාවගන්න බැරි භින්දා පුතා කියන දේ විතරක් අහගෙන හිටියා..එතර සමීර පුතා මගේ ලඟදි එක පාරටම ඇස දෙක පියා ගත්ත.මෙම සිද්ධියට දුම්රිය දෙපාර්තමේන්තුව වගකිවයුතු බව අප එකහෙලාම කියනවා."

    හේටදවස බාරගන්න හිටපු අංහිසක තරැණයේක්.. කාගේහෝ වරදට වන්දිගේවන්න වීම ලොකු අභාගයක් ඔබට නිවන් සුව සහොදරයා!!! මතු ජාති ජාතිත් මේවන් අංකල් මරණ අත්නොවේවා...:(:(:(:(:(:(

    - නන්දන දී. කෙහෙල්ගමුව (මව්බිම ) හා ශිරාන් රණසිංහ (දිවයින) ගේ ලිපි ඇසුරින් සැකසුණි
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    නිවන් සුව ප්‍රර්තනා කරන ගමන් ඔහු මේ සසර වසන තුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවෙවා කියලා ප්‍රර්තනා කරනවා...........
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    saahena parana story ekak ne
    lANKAWE UNTA MEKA THAMA WELA THIYENNE. SATHI DEKEN OKKOMA AMATHAKAI.............. PODDAK HITHAPAN.............. MEKA HEMA APITA.........APE MALLI KENEKUTA WENNA PULUWAN...... rASTIYADU KAMATA, sHOW EKATA FOOTBOARD EKE GIHIN MERUNA NAM KAMAK NEHE KIYANNA PULUWAN. :(:(:(:(:(:( ETH EHEMA DEYAK NEME METHANA WELA THIYENNE NEDA???:(:(:(:(
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    නිවන් සුව ප්‍රර්තනා කරන ගමන් ඔහු මේ සසර වසන තුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවෙවා කියලා ප්‍රර්තනා කරනවා...........

    ඇත්තටම ඔවු සහෝ.. සසර වසනා තුරාවට මෙවන් අකල් මරණයක් නොවේවා කියල සමීර වෙනුවෙන් ප්‍රර්ථනා කරමු.

    photo110.jpg


    ඒ වගේම සමීර ට මේ විපත සිදු උන වෙලාවෙ සයිඩ් එකෙන් ඉඳල මොබයිල් එකෙන් පොටෝ ගන්නව වෙනුවට, ජීවිතේ කවදාවත් දැක්කෙවත් නැති උනත්, මිය යන සමීර ලඟින් වාඩිවෙලා, සහෝදරත්වයෙන් සුරත තදකරල අල්ලගෙන උඹත් මම වගේ කොල්ලෙක් මචන් කියල හිත හදපු මෙන්න මේ උත්තම මනුශ්‍යයා ගැනත් මොනව හරි දන්නව නම් ලියන්න. සුරතේ බැඳි පිරිත් නූලෙන් ඔහු කවුද කියල හිතා ගන්නට පුළුවන් ... මෙහෙම උතුම් හිත් ඇති අය අද හොයාගන්න බෑ.