වෛද්‍යවරයා සහ රෝගී දරුවා

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    වෛද්‍යවරයා සහ රෝගී දරුවා

    480886_209580669154196_170225943089669_319987_13301542_n.jpg


    හදිසි ශල්‍යකර්මයකට රෝහලට කැඳවුණු වෛද්‍යවරයා ශල්‍යාගාරයට ඇතුළුවුනේ කඩිනමින්. සැත්කමට භාජනය වීමට නියමිත දරුවාගේ පියා, වෛද්‍යවරයා පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් බලා හිටියා. වෛද්‍යවරයා දුටු ගමන් එයා වෛද්‍යවරයා වෙත කඩා පැන්නා. "ඇයි ඔයා එන්න මෙච්චර වෙලා ගත්තේ? මගේ පුතාගේ ජීවිතය අනතුරේ බව දන්නෙ නැද්ද? කිසිම වගකීමක් නැති හැටි!"

    වෛද්‍යවරයා සිනහමුසුව මෙහෙම කිව්වා. "මම හිටියේ රෝහලේ නෙවෙයි. පණිවිඩේ ලැබුණු ගමන් තමයි මම ආවේ. දැන් ඉතින් කලබල නොවී ඉන්නකෝ...!"

    "කලබල නොවී ඉන්න?! කලබල නොවී ඉන්නෙ කොහොමද?! ඔයාගේ පුතාට මෙහෙම දෙය වුනොත් ඔයා කලබල නොවී ඉන්නවද?!" පියා තරහින් කෑ ගහුවා.

    තවමත් සිනහමුසුව ඉන්න වෛද්‍යවරයා පියාට උත්තර දුන්නේ මෙහෙම. "මිනිස්සු ඉපදෙනවා. ඒ වගේම මැරෙනවා. වෛද්‍යවරයෙකුට ඒක නවත්තන්න බැහැ. ඒත් ඔයා ඔයාගේ පුතාට කරදරයක් වෙන්න එපා කියලා අධිෂ්ඨාන කරන්න. අපි එයාව බේරගන්න හැම දෙයක්ම කරනවා."

    "මහ ලොකුවට උපදෙස් නම් දෙනවා" පියා තමාටම කියා ගත්තා.

    සැත්කමට පැය කිහිපයක් ගත් වුනා. වෛද්‍යවරයා ශල්‍යාගාරයෙන් පිටතට ආවේ සතුටින්…
    "ඔයාගේ පුතාගේ වෙලාව හොඳයි. එයාගේ ජීවිතය බේරුණා!" වෛද්‍යවරයා එයාගේ වාහනය වෙත දුවමින් කිව්වා. "ඔයට දැනගන්න දෙයක් තියනවා නම් නර්ස්ගෙන් අහන්න." එහෙම කියලා වාහනයට නැගපු එයා හදිස්සියෙන් වගේ පිටත් වුණා.

    "ඇයි එයා එච්චර ආඩම්බර? මගේ පුතාගේ තත්වය ගැන අහන්කන්වත් ඉන්නේ නැතුව එයා යන්න ගියා." පියා වෛද්‍යවරයා ගැන හෙදියට කිව්වේ එහෙම.

    හෙදිය ඔහුට පිළිතුරු දුන්නේ හැඬුම්බර මුහුණින්. "එයාගේ පුතා ඊයේ සිද්ද වෙච්ච ඇක්සිඩන්ට් එකකින් මැරුණා. ඒ පුතාගේ අවසන් කටයුතු අද. ඔයාගේ පුතාගේ ජීවිතේ බේරගත්තට පස්සේ එයා ඉක්මනට ගියේ එයාගේ පුතාගේ ආදාහන කටයුතු ඉවර කරන්න"

    ******
    කවදාවත් කිසිකෙනෙකුට චෝදනා කරන්නවත් බණින්නවත් උත්සුක වෙන්න එපා. ඒ, ඔබ ඒ පුද්ගලයාගේ ජීවිතය ගැන හෝ එයාගේ කරදර බාධක ගැන දන්නේ නැති නිසා.


    රීපොස්ට් නම් සොරි
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Me kathaawama eeye ekkenek daala thibba neda?? Dekke nedda?

    ඇයි බන් එකෙක් දාපු එකක් තව එකෙක් දැම්මම හෙන ගහනවද? repost kiyanne hire danna deyak neme
     

    abeweera

    Active member
  • Dec 29, 2008
    910
    32
    28
    ow machan ewagema thamai api minissu hondaida narakaida kiyala thiranaya karanawa ikman wenna hondane kawada hiri minihek marichcha dawasata thamai apita hithaganna puluwan wenne eya hondaida nathnam narakaida kiyala