වෛද්‍යවරයෙක් පිළිබද දැනගැනීමට

index404

Active member
  • Dec 16, 2017
    250
    108
    43
    මචන්ලා
    මට දැන් මාස 10 වගේ ඉදන් උගුරේ සහ බඩ අතර මොකක් හරි දෙයක් තියනව වගේ දැනෙනවා.. රැට ඒ මොකක් හරි උගුරට එනව වගෙත් දැනෙනවා.. සාමාන්‍යයෙන් මොන දෙයක් ගිලුනත් බඩට යන්න ඕන නේ.. මේක එහෙම දෙයක් නෙමේ... නිකන් කෙල ගිලින කොට දෙයක් කාල ගිලිනවා වගේ දෙයක් යනවා වගේ හැම වෙලේම දැනෙනවා... කිසිම රිදීමක් එහෙම මොකවත් නැ.. එතරම් ගණන් ගත්තෙත් නැ,, දැන් එක වැඩි වගේ.. මන් දෙපාරක් වගේ බෙහෙත් ගත්ත.. ඒ දෙපාරම දුන්නේ gastritis වලට කියල... ඒ උනාට මට දැනෙන විදිහට එහෙම එකක් නම් නෙමේ..ඒ බෙහෙත් වලට කිසිඅඩු වීමකුත් නැ....
    මට මේකට යමක් දැන ගන්න හොද doctor කෙනෙක් කියන්න පුලුවන්ද...... මේ සම්බන්දව දන්නා දෙයක් තියනව නම් එකත් කියන්න
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    හොර කරි බොරු වෙද්දු පස්සේ යන්න නම් එපා..

    බොරු කියන කට විතරක් තියෙන නුගත් හැත්ත
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මට වෙච්ච සීන් එකක් කියන්නන්.
    මටත් තිබ්බ ඔහොම සීන් එකක්, කෙල ගිලින් කොට නිකන් මොකද්ද වදිනවා වගේ එකක්, උගුරෙ පැත්තක් පිම්බෙනවා වගේ එහෙකුත් තියනවා, මන් ඉතින් හෙනට බය වෙලා ඊ එන් ටී 2-3නෙක් හම්බුනා, එක එක ටෙස්ට් කලා, බෙරියම් ටෙස්ට් කියයි, අරකයි මේකයි, ඒ වගෙ අවුලකුත් නෑ. මේක දැන් රිදෙනවා වගෙත් දැනෙනවා. අනාත වෙලා, බය වෙලා ඉන්නකොට නාකි දොස්තර කෙනෙක් කිව්ව , මොහාන් ඩි සිල්වා කියල සර්ජන් කෙනෙක් ඉන්නවා ගිහින් හම්බෙන්න කියලා, මන් ගියා, පොර මාව බලල, උගුර බලලා, බෙල්ල මිරිකලා බලලා කීවා, මොකද්ද වෑල් එකක් උපතින් පිහිටන්න ඔනෙ විදියට නෙවෙය්ලු තියෙන්නෙ මගෙ උගුරෙ, ෆැකටරි ෆොල්ට් එකක් කීවා, මිලියන ගානකට 1ක්ලු වෙන්නෙ. ඒ ගැන හිතන්න එපා, වෙන කාටවත් පෙන්නන්නත් එපා, හිතුවොත් ලෙඩ වෙයි, පෙන්නුවොත් වටේ යවයි, අමතක කරල ගෙදර යන්න කියල, මන් ආවා, දැන් වෑල් දිහා බලන්නෙ නෑ, හිතන්නෙත් නෑ. අවුරුදු 8ක් දැන්.

    ගිහින් බලපන්, ආසිරි එකේ ඉන්නවා