වෛද්‍යවරියක් වූ පෙම්වතිය
අනුරාධපුර තිසාවැව ප්‍රදේශයේ තරුණයෙකු විසින් වෛද්‍යවරියක වීම සඳහා අධ්‍යාපනය ලබමින් සිටි සිය පෙම්වතිය වෙනුවෙන් මුදල් වියදම් කර ඇයට අධ්‍යාපන කටයුතු සඳහා සහය ලබා දී තිබෙනවා. වෘත්තියෙන් පෑස්සුම් ශිල්පියෙකු වූ මෙම තරුණයා මීට වසර කිහිපයක සිටම එම තරුණිය සමඟ සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර ඒ සඳහා තරුණියගේ දෙමාපියන්ගේද ආශීර්වාදය ලැබී තිබුණු බවයි සඳහන් වන්නේ.
කෙසේ නමුත් අදාළ තරුණිය මේ වනවිට අධ්‍යාපනය අවසන්කර සීමාවාසික වෛද්‍යවරියක ලෙස කටයුතු කරන අතර සිය පෙම්වතාට ලබා දුන් විවාහ පොරොන්දු කඩකර දමා ඇය හා ඇගේ දෙමාපියන් විසින් පෑස්‌සුම් ශිල්පී පෙම්වතා සිය පවුලට නොගැලපෙන බව පවසමින් මගහැරීමට කටයුතු කර තිබෙනවා.
මේ හේතුවෙන් අදාල තරුණයා මානසික පීඩාවට ලක්ව කටයුතු කර ඇති අතර මේ හේතුවෙන් වෛද්‍යවරියකගේ දෙමාපියන් විසින් සිය දියණියගේ පෙම්වතා වූ පෑස්‌සුම් ශිල්පියාගෙන් බොහෝ කරදර හා මරණ තර්ජන ඇතිබව කියමින් අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
පසුව අදාල තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට තරයේ අවවාද කර පෙම්වතියට වෛද්‍යවරියක් වීම සදහා වියදම් කළ මුදල් අයකර ගැනීමට අවශ්‍ය නම් අනුරාධපුර දිසා අධිකරණයේ නඩු පවරන ලෙස දන්වමින් තරුණයා මුදා හැර තිබෙන බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් වෛද්‍යවරියක වූ තරුණියට අධ්‍යාපනය ලැබීම සඳහා ඔහුගේ පෙම්වතා විසින් ලක්ෂ 06 ක පමණ මුදලක් වියදම් කර ඇති බව සඳහන් වන අතර ඇය වෛද්‍යවරියක වූ පසුව පෙම්වතා ප්‍රතික්‌ෂේප කිරීම නිසා දෙපාර්ශ්වය අතර විවිධ ආරවුල් හටගෙන තිබූ බවයි පොලිසිය අධිකරණයට ප්‍රකාශ කර තිබුණේ.