වෛද්‍ය ඒකාධිකාරය

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
වෛද්‍ය ඒකාධිකාරය

වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම සුදුසුකම් වෙනස් කිරීමට තීරණයක් ගෙන තිබෙනවා. එහෙත් එය තවමත් අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත වී නැහැ. රාජිත සේනාරත්න ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට යන බවක් කියැවෙනවා. සුපුරුදු පරිදි ප්‍රශ්නය කුමක් ද යන්න නිරවුල් ව පැහැදිලි කර දී නොමැති නිසා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජනමාධ්‍ය නිවේදකයන් හා ඊනියා විශ්ලේෂකයන් තම තමන්ට අවශ්‍ය දේ තම තම දේශපාලන න්‍යාය පත්‍ර අනුව ජනතාවට කියනවා. මෙහි දී ඉතා පැහැදිලිව දොස්තර ඒකාධිකාරයක් පවත්වා ගෙන යෑමට ඇති වුවමනාවත් පැහැදිලි වෙනවා.

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ බලය ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවට මිස සෞඛ්‍ය අමාත්‍යවරයාට නො වෙයි. පීඨාධිපතිවරයකු මෙන් ම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම්වරයකු හා සභාපතිවරයකු ලෙස මගේ අත්දැකීම් අනුව එහි දී ප්‍රතිපාදන කොමිසම විශ්වවිද්‍යාල සමග සාකච්ඡා කරනවා. මා ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම්/සභාපති ලෙස සිටියේ නම් විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමට ප්‍රතිපාදන කොමිසමට හා විශ්විද්‍යාලවලට ඇති අයිතිය වෙනුවෙන් සටන් කරනවා. සෞඛ්‍ය ඇමතිට මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න බැහැ. සෞඛ්‍ය ඇමතිට වෛද්‍ය පීඨවලට සිසුන් ඇතුළත් කිරීමේ කටයුතුවලට මැදිහත් වෙන්න පුළුවන් නම් වෙනත් ඇමතිවරුන්ටත් ඒ ඒ අමාත්‍යාංශවලට අදාළ පාඨමාලාවලට සිසුන් ඇතුළත් කිරීමේදිත් මැදිහත් වෙන්න පුළුවන් ද? මෙහි කෙළවර කුමක් ද? ඊනියා විචාරශීලී විශ්ලේෂණාත්මක ප්‍රවෘත්ති කතා ඉදිරිපත් කරන පඬි ජනමාධ්‍යවේදීන් විශ්වවිද්‍යාල පනත කියවා තිබේ ද? වෛද්‍ය සභාවටවත් (මෙඩිකල් කවුන්සිල්) විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ දී බලතල නැහැ.

වෛද්‍ය අධ්‍යාපනය සහ වෙනත් අධ්‍යාපන අතර මූලික වෙනසක් නැහැ. වෛද්‍යවරුන්ගේ අධ්‍යාපනය අපේ ජීචිතවලට බලපාන ආකාරයට ඉංජිනේරු අධ්‍යාපනය පමණක් නොව ශාස්ත්‍ර පීඨ අධ්‍යාපනයත් බලපානවා. පරිපාලන නිලධාරීන් ගුරුවරුන් අපේ ජීවිතවලට බලපාන්නේ නැත් ද? විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ බලතල විශ්වවිද්‍යාලවලට හා අවසානයේ දී ප්‍රතිපාදන කොමිසමට හිමිවිය යුතුයි. සංකල්ප හා ප්‍රවාදවල සංකීර්ණභාවය, ගැඹුර, වියුක්තය ආදිය වඩාත් ම වැඩි වෛද්‍ය අධ්‍යාපනයේ කියා හිතන්න එපා.

අද උසස් අධ්‍යාපනය රජයේ විශ්වවිද්‍යාලවලට පමණක් සීමා වී නැහැ. ඒ ඒ පෞද්ගලික ආයතනවලට සිසුන් ඇතුළත් කිරීමේ දී ප්‍රතිපාදන කොමිසම මැදිහත් වන්නේ නැහැ. එහෙත් ප්‍රතිපාදන කොමිසමට ඒ ඒ උපාධි (පිටරට උපාධිත් ඇතුළු) පිළිගැනීමේ දී බලතල හිමි වී තිබෙනවා. වෛද්‍ය සභාවටත් ඒ බලතල නැහැ. වෛද්‍ය සභාවට වෛද්‍ය ආඥාපනතින් හිමි වී තිබෙන්නේ වෛද්‍යවරුන් ලෙස තාවකාලික හා ස්ථිර ලියාපදිංචිය දීමේ බලතල. එහි දී ඔවුනට පිටරට උපාධිධාරීන් පිළිබඳවත් තීරණ ගැනීමට සිදුවෙනවා.

වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ව පමණක් පෞද්ගලික ආයතනවලට ඇතුළත් වීමේ අවම සුදුසුකම් තිබීමට විශේෂ හේතුවක් නැහැ. කොහොමටත් විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමේ දී ඒ ඒ විෂයවලින් අවම සුදුසකම් තිබිය යුතු යැයි මා නම් විශ්වාස කරන්නේ නැහැ. හැත්තෑවේ දශකයේ පේරාදෙණියේ දී අප ශාස්ත්‍ර පීඨයේ සාමාන්‍ය හා එවකට තිබූ ඒකාබද්ධ (කම්බයින්ඩ්) උපාධි සඳහා ගණිතය ඉගැන්වුවා. ඒකාබද්ධ උපාධියට තිබුණේ විෂය දෙකක් පමණයි. ඉන් එකක් ගණිතය වූවා. මේ උපාධි සඳහා ඉගෙන ගත් සිසුන් සාමාන්‍ය පෙළෙන් පසු ගණිතය හදාරා තිබූණේ නැහැ. එහෙත් ඔවුන්ගෙන් සමහරු පංති සාමාර්ථ සහිත ව උපාධි ලබා ගත්තා. සමහරු පරිපාලන තනතුරුවලට පත් වූවා. උසස් පෙළට විද්‍යා විෂය නොහදාරා වෛද්‍ය පීඨ මහාචාර්යවරුන් වූ අය ඉන්නවා. උසස් පෙළ රසායන විද්‍යාව අසමත් වී රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරුන් වූ අය ඉන්නවා. ගණිතය උගන්වන ඉගැන්වූ ආචාර්යවරු බොහෝ දෙනකු උසස් පෙළ ගණිත විෂයවලින් විශිෂ්ට සාමාර්ථ ලැබූ අය නො වෙයි. උසස් පෙළත් පහේ ශිෂ්‍යත්වය මෙන් තවත් විභාගයක් පමණයි. උසස් පෙළ ලකුණු කිහිපයක් වැඩියෙන් ගත් පමණින් යමකු බුද්ධිමතකු වන්නේ නැහැ.

කෙසේ වුවත් සෞඛ්‍ය ඇමති අවම සුදුසුකම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේ නම් එය පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට පමණක් විය යුතු යැයි මා සිතනවා (එවැන්නක් අවශ්‍ය යැයි මා සිතන්නේ නැහැ). රජයේ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ බලතල ප්‍රතිපාදන කොමිසමට පමණක් හිමි විය යුතු යැයි විශ්වවිද්‍යාල නිදහස (එවැන්නක් අධ්‍යාපන පාඨමාලා සකස් කිරීමේ දී නැති වුවත් - එය තීරණය වන්නේ බටහිර රටවලින්) අගයන අයකු ලෙස, ඒ සඳහා සටන් කළ අයකු ලෙස මා තරයේ විශ්වාස කරනවා.

වෛද්‍ය සභාව මෙතෙක් කල් අවම සුදුසුකම් තීරණය කර නැත්තේ එය ඔවුන්ගේ බල ප්‍රදේශය නොවන නීිසා. ඔවුන්ට වෛද්‍යවරුන් ලියා පදිංචි කිරීමේ දී වෙනත් ආකාරයකට උපාධියේ තත්වය මනින්න පුළුවන්. පිටරට වෛද්‍ය උපාධිධාරීන්ගේ ඇතුළත් වීමේ අවම සුදුසුකම් තීරණය කිරීමට වෛද්‍ය සභාවට හෝ සෞඛ්‍ය ඇමතිවරයාට හෝ පුළුවන් ද? මෙහි දී කිවයුතු කරුණක් තියෙනවා. අසූවේ දශකයේ අග හා අනූවේ දශකයේ මුල අප උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වූයේ ඔවුන් තම සිසුනට කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා දීමට සූදානම් වූ නිසා. එකල ආචාරය සමිති සම්මේලනයේ ලේකම්/සභපති වූයේ මා බව රාජිතත් වෛද්‍ය සභාවේ සභාපති කොල්වින් ගුණරත්නත් දන්නවා. එකල රාජීිත දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්. කොල්වින් කොළඹ හා රුහුණු විශ්වවිද්‍යාලවල භෞතවේදය ඉගැන්වුවා. ඔහු රුහුණේ භෞතවේදය පිළිබඳ මහාචාර්ය වූවා. අප ලංකාවේ විවිධ පළාත්වල උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ ව රැස්වීම් පැවැත්වුවා. ඒ පිළිබඳ ව දැන් විශේෂඥ වෛද්‍ය අරුණ මුණසිංහ දන්නවා. ඒ රැස්වීම් සංවිධානය කෙරුණේ එකල කොළඹ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ සභාපති වූ ඔහු අතින්.

පසුගිය වසරේ රජයේ විශ්වවිි්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අවම සුදූුසුකම වූයේ ඒ ඒ අදාළ විෂයවලින් එස් සාමාර්ථ තුනක් පමණයි. වෛද්‍ය පීඨවලටත් එසේමයි. එහෙත් විශ්වවිද්‍යාල ප්‍රවේශයේ තරගය නිසා වෛද්‍ය පීඨවල එය බී තුනක් වූවා. එය නිර්ණායකයක් නො වෙයි. හුදෙක් තරගය මත තීරණය වූවක්. රජයේ වෛද්‍ය පීඨ තව කිහිපයක් ඇරඹුවහොත් මෙය බී තුනට වඩා අඩුවේවි. අවම සුදුසුකම යනු එකක් බවත් තරගය මත තීරණය වන සුදූසුකම තව එකක් බවත් ඇතැම් දොස්තරලාට තේරෙන්නේ නැහැ. ඔවුන ඒ දෙක පටළවා ගෙන ජනතාව මුළා කරනවා. ඒ ඔවුන්ගේ අධ්‍යාපනයේ වරදක් කියා මා කියන්නේ නැහැ. ඉතා පැහැදිලිව ඇතැම් දොස්තරලා වෛද්‍ය ඒකාධිකාරයක් පවත්වාගෙන යෑමට උත්සාහ කරනවා. ඔවුන් විවිධ කරුණු ගෙන පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධ වෙනවා. වෛද්‍යවරුන් වැඩියෙන් බිහිවීම ඔවුන්ගේ ඒකාධිකාරයට තර්ජනයක්. ඇතැම් රෝගීන්ටත් මේ ක්‍රමය යටතේ ඊනියා තොරාගැනීමක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඇතැමුනට වෛද්‍යවරුන් වැඩිවන තරමට හොඳයි. එවිට තෝරාගැනීමට ඇති වෛද්‍යගහනයත් වැඩි වෙනවා. එහෙත් මේ සියල්ල තව අවුරුදු ගණනකින් නැතිවේවි. කෘත්‍රිම බුද්ධිය යටතේ කෘත්‍රිම වෛද්‍යවරු බිහිවේවි. දැනටත් ඉන්නෙ කෘත්‍රිම දොස්තරලා කියා කිසිවකු කීවොත් මා වාද කිරීමට යන්නේ නැහැ.


http://www1.kalaya.org/2017/12/blog-post_14.html
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනිත් වෘත්තිකයොන්ට කොන්දක් නැතුවට මොකක් කරන්නද...
    වෘත්තිමය ආචාරධර්ම කැඩෙනවට විරුද්ධයි.
    ඒත් ඔය රාජිතයට ඔහොම ෆේස් ටු ෆේස් ගේමක් දෙන්න පුලුවන් උනේ මුන්ට විතරයි...
    ලෝඩ් පකීර්ලා වගේ ඉන්න කිසිම වෘත්තිකයෙකුට පුලුවන් උනාද වෘත්තිමය ගරුත්වය වෙනුවෙන් ඉන්න මුන්ට හැර?

    දේශපාලකයින්ට දිරවගන්න බැරිවුනේ දොස්තරලට හරියට ගේමක් දීලා කඩාගන්න බැරි උනු එකට. දැන් බළල්ලු ලවා කොස් ඇට බාවනවා.. අපේ උන් ඇම ගිලිනවා..
    මුන් හින්දා තම එට්කා කේස් එක යටපත් උනේ. වෘත්තියක් විදියට වෙනත් එකමුතු කණ්ඩායමක් වෙන නෑ...
    කාලය.ඕර්ග් එක නලින්ද සිල්වාගෙ කාලෝ එක්ක ගේමට සපෝට් කරනවා විතරයි.

    මොකා උනත් තමන්ගෙ ජොබ් එකේ ගරුත්වයට කැමතියි. :dull:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපෝ ඕවා ගෑන කතා කරන්න අපි වගේ මෝඩයන්ට අයිතියක් නෑ. ඒවා දන්නේ දොස්තර මහත්වරු විතරයි
     
    • Like
    Reactions: CONCORDE777

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිදහස් අධයාපනේ මුදලට විකුනන දිනේට...ගොඩාක් අයට රිදෙයි....හරියට අර පොල් බූරුවො රැලක් 2015 වෙනස උදාකරගත්ත වගේ තියෙයි..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෛද්‍ය ඒකාධිකාරය 2

    වෛද්‍ය ඒකාධිකාරය මැයෙන් මා ලියූ ලිපිය කෙසේ නමුත් දැක ඇති බටහිර වෛද්‍යවරුන් කිහිප දෙනකුට ම කේන්ති ගිහිල්ලා. ඒ අයට තරමක දීර්ඝ පිළිතුරක් දිය යුතුයි. ඒ ඔවුන්ට පමණක් නොව වෙනත් අයටත් දැන ගැනීම සඳහායි. අපි ඔවුන්ට දොස්තරලා කියමු. වෛද්‍යවරයා යනු ගෞරවනීය පුද්ගලයෙක්. ඔවුන් මුදල් හඹා ගියේ නැහැ. එහෙත් දොස්තරලා පොදුවේ ගත්තොත් මුදල් හඹා යනවා. නිදහස් වෛද්‍ය අධ්‍යාපනයක් ගැන කතා කරන දොස්තරලාත් පෞද්ගලික රෝහල්වල රෝගින්ගෙන් දහසින් මුදල් අය කරනවා. අද නිදහස් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රධාන ආරක්‍ෂකයා ලෙස පෙනී සිටින්නාත් කුඩා ළමුන්ට බෙහෙත් නියම කර මුදල් ගන්නවා. ඒ අතර තම දරුවන්ට දෙවියන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නවා.

    මට ප්‍රතිචාර දැක් වූ දොස්තරලා ලිපියේ හරය තේරුම් ගෙන නැහැ. දොස්තරලා මෙන් ම කොන්දොස්තරලාත් රියැදුරනුත් අපේ ජීවිතවලට බලපානවා. රියැදුරන් නිසා කී දෙනකුගේ ජීවිත දිනපතා නැති වෙනවා ද? කොන්දොස්තරලාගෙන් මගීන්ට කෙතරම් හිරිහැර සිදු වෙනවා ද? හදිසි අවස්ථාවකට මුහුණ දෙන හොඳ රියැදුරකුට ජීවිත කීයක් බේරා ගන්න පුළුවන් ද? මට ප්‍රතිචාර දැක් වූ එක් දොස්තර කෙනකුට අනුව ශාස්ත්‍ර පීඨයේ උපාධිධාරීන් ද අපේ ජීවිතවලට බලපානවා යැයි කීම විහිළුවක්. ඔහු ශාස්ත්‍ර පීඨ උපාධියට දක්වන්නේ එවැනි සැලකිල්ලක්. ඔහුට දර්ශනය විෂය හැදෑරුවොත් කොපමණ ලකුණු සංඛ්‍යාවක් ගැනීමට පුළුවන් ද? ඔහුට පාසලේ දිගට ම උගන්වා ඇත්තේ විද්‍යා උපාධිධාරීන් ද දන්නේ නැහැ. ඔහුගේ ජීවිතයට වෙනත් උපාධිධාරී හා උපාධිධාරී නොවන ගුරුවරුන් කෙතරම් දුරට බලපා ඇත් දැයි මා දන්නේ නැහැ.


    මෙරට පමණක් නොව බටහිර සංස්කෘතික ආධිපත්‍යය ඇති වෙනත් රටවල ද දොස්තරලාට වෙනත් අයට නැති සමාජ බලයක් තියෙනවා. එය බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ම ප්‍රතිඵලයක්. බටහිරයන් සදාකාලික ව සැප විඳින්න බලාපොරොත්තු වෙනවා. ස්වර්ග සංකල්පය පසුපස ඒ බලාපොරොත්තුව තියෙනවා. අවාසනාවකට අද සිංහල බෞද්ධයන් ද නිවන ස්වර්ගයක් කර ගෙන. බෞද්ධයන්ගේ සුවය දුක නැති කිරීම මිස සැප විඳීම නො වෙයි. අප නිවන් සැප ගැන හිතන්නේ සැප විඳීමක් යන අරුතෙන් නො වෙයි. විඳින්නට උපදින්න ඕන. උපදින්නෙ නැතිව මොන විඳිල්ලක් ද? බටහිරයන්ගේ බලාපොරොත්තුව හැකි නම් නොමැරී සිටීම.

    නොමැරී ඉන්න බැරි නම් මැරි මැරී හරි හුඟක් කල් ජීවත්වීම. ඒ සඳහා වඩා වැදගත් ම පුද්ගලයා දොස්තර. තාක්‍ෂණයෙන් සිදු වන්නේ බටහිරයන් සිතන විධියට ජීවිත පහසු කිරීම. ඒ නිසා දොස්තර ළඟට වැදගත් වන්නේ තාක්‍ෂණ ශිල්පීන්. තාක්‍ෂණය නිසා දොස්තරලාට අවයව කෑලි පාස්සන්න පුළුවන් වෙලා තියෙනවා. මේ නිව්ටෝනීය සුසමාදර්ශයෙන් ගලා එන්නක්. මෝටර් රියකට අමතර කොටස් සවි කරන්නාක් මෙන් මිනිස් සිරුරටත් අමතර කොටස් සවි කරනවා. මේ දිනවල මොළය බද්ධ කිරීමට ඇතැම් දොස්තරලා ඊනියා පර්යේෂණ කරනවා. මේ සියල්ල පසුබිමෙහි ඇත්තේ සමස්තය යනු කොටස්වල එකතුවක් යන්නයි. සමස්තය සමස්තය ලෙස දැකීමට ලංකාවේ බටහිර වෛද්‍යවරුන් ඉතා අතළොස්සක් පමණක් දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ගැන නම් මට පොඩි සතුටක් තියෙනවා.

    නොමැරී ඉඳීම, බැරි නම් මැරි මැරී බොහෝ කල් ජීවත් වීමේ වුවමනාව නිසා බටහිර ක්‍රමය අනුගමනය කරන රටවල දොස්තරලාට සමාජ ආධිපත්‍යයක් තියෙනවා. ඒ ඒකාධිකාරයක් කිරීමත් සිදුවෙනවා. දොස්තරලා සංඛ්‍යාව හැකි තාක් අඩු කිරීම ඒකාධිකාරයට අවශ්‍යයයි. බටහිර ක්‍රමය විකෘත කෙරී අනුකරණය කෙරෙන මෙරට එය තදින් ම බලපානවා. කිසිම රටක නැති විධියට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට මෙරට විරෝධතාවක් ඇත්තේ මේ ඒකාධිකාරය හා ව්‍යාජ සමාජවාදය නිසයි. වෙනත් ක්‍ෂෙත්‍රවල පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ නොවී බටහිර වෛද්‍ය ක්‍ෂෙත්‍රයෙහි පමණක් පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ වන්නේ ඇයි.

    එහි දී කියන්නේ අර ජීවිතයට බලපාන කතාව. ඒ අර මැරී මැරී හරි බොහෝ කල් ජීවත් වීමට ඇති අශාව. අපට හොඳ ප්‍රමිතියක් ඇති දොස්තරලා වුවමනා ය කියා කියනවා. මට නම් හිතෙන්නේ අපට වඩාත් වුවමනා කරන්නේ හොඳ ප්‍රමිතියක් ඇති රියැදුරන්, විශේෂයෙන් ම බස් රියැදුරන් කියලා. රෝග වැළැක්වීමට සුදුසු ජීවන ක්‍රමයක්, පරිසරයක් ආදියත් වැදගත්. බටහිරයන් කරන්නේ ප්‍රශ්න ඇති කර ඒවාට විසඳුම් සෙවීම. ප්‍රශ්න ඇති නොකර සිටීම වඩා හොඳයි. ප්‍රමිතිය, කවුදෝ කියා තිබුණු විධියට ක්වොලිටිය, ඇතැම් රජයේ වෛද්‍ය පීඨවලත් නැහැ. ඒ දවස්වල වගේ එංගලන්තෙන් ප්‍රමිති බලන්න ආවොත් මේ පීඨවල ඉගෙන ගන්න අයට මොනව වෙයි ද? මේ බොරු තර්ක. ලාභ උපයන අධ්‍යාපන ආයතනවලටත් ඇතැමුන් විරුද්ධයි. එහෙත් අද ලාභ උපයන උසස් අධ්‍යාපන ආයතන, ඔවුන් කියන විධියට උපාධි කඩ, අනෙක් හැම ක්‍ෂෙත්‍රයක ම තියෙනවා. ඒත් ඔවුන් ඒවාට විරුද්ධ නැහැ. එහි අයිතිකරුවන් ලාභ ලබන්නෙ නැතුව ඇති.

    ව්‍යාජ සමාජවාදයට මතවාදී ව බලයක් නැති වුවත් මෙරට සංස්කෘතික වශයෙන් එයට බලයක් තියෙනවා. එය සමාජ අසාධාරණයකට විරුද්ධව ඇති එකක් නො වෙයි. එය ඊනියා සභ්‍යත්ව රාජ්‍යයකින් ගලා එන්නක්වත් නො වෙයි. සභ්‍යත්ව රාජ්‍යය යන්න චීනයේ ඒකීය නොවන රාජ්‍යය තේරුම් ගැනීමට බටහිරයන් තනාගත් සංකල්පයක් පමණයි. බුදුහාමුදුරුවන්ගෙ ශ්‍රාවකයන් අතර රජවරුන් සිටුවරුන් විශාල සංඛ්‍යාවක් හිටියා. මෙරට ඇති ප්‍රශ්නය සංකීර්ණයි. එය පසු දවසක සාකච්ඡා කළ යුතුයි. ඒ අතර තවත් ප්‍රශ්න තියෙනවා. විශ්වවිද්‍යාල පනත, වෛද්‍ය ආඥා පනත ආදිය ද මෙහි දී බලපානවා. එමෙන් ම මෙරට වෛද්‍ය පීඨවල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් එක් පැත්තකින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස විශ්වවිද්‍යාල පනතින් බැඳී සිටින අතර දොස්තරලා ලෙස වෛද්‍ය සභාවට බැඳී ඉන්නවා. ඒ ගැන මට කොළඹ විශ්වවිද්‍යාලයේ සිටිය දී හොඳ අත්දැකීමක් තියෙනවා. අපි එයත් සාකච්ඡා කරමු. ඒ වගේ ම ඇතැමුූනට ප්‍රශ්නයක් වී ඇති මගේ හදවත් සැත්කම ගැනත් කතා කරමු (මතු සම්බන්ධයි).
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අනිත් වෘත්තිකයොන්ට කොන්දක් නැතුවට මොකක් කරන්නද...
    වෘත්තිමය ආචාරධර්ම කැඩෙනවට විරුද්ධයි.
    ඒත් ඔය රාජිතයට ඔහොම ෆේස් ටු ෆේස් ගේමක් දෙන්න පුලුවන් උනේ මුන්ට විතරයි...
    ලෝඩ් පකීර්ලා වගේ ඉන්න කිසිම වෘත්තිකයෙකුට පුලුවන් උනාද වෘත්තිමය ගරුත්වය වෙනුවෙන් ඉන්න මුන්ට හැර?

    දේශපාලකයින්ට දිරවගන්න බැරිවුනේ දොස්තරලට හරියට ගේමක් දීලා කඩාගන්න බැරි උනු එකට. දැන් බළල්ලු ලවා කොස් ඇට බාවනවා.. අපේ උන් ඇම ගිලිනවා..
    මුන් හින්දා තම එට්කා කේස් එක යටපත් උනේ. වෘත්තියක් විදියට වෙනත් එකමුතු කණ්ඩායමක් වෙන නෑ...
    කාලය.ඕර්ග් එක නලින්ද සිල්වාගෙ කාලෝ එක්ක ගේමට සපෝට් කරනවා විතරයි.

    මොකා උනත් තමන්ගෙ ජොබ් එකේ ගරුත්වයට කැමතියි. :dull:

    රිදෙන්නම ස්ට්‍රයික් කරන්න පුලුවන් මේ වෘතිකයින්ට පමණයි. එක දවසක් සියලුම සේවාවන් නවතල ස්ට්‍රයික් කරොත් කීදෙනෙක් මැරෙයිද. අන්නේකයි ප්‍රශ්ණෙ. නැතිව අනිත් වෘතිකයින්ට කොන්දක් නැතිකම නෙමෙයි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    නිදහස් අධයාපනේ මුදලට විකුනන දිනේට...ගොඩාක් අයට රිදෙයි....හරියට අර පොල් බූරුවො රැලක් 2015 වෙනස උදාකරගත්ත වගේ තියෙයි..

    ගොඨා ජනපති කරවමු
    වීරවංශ අගමැති කරවමු.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රිදෙන්නම ස්ට්‍රයික් කරන්න පුලුවන් මේ වෘතිකයින්ට පමණයි. එක දවසක් සියලුම සේවාවන් නවතල ස්ට්‍රයික් කරොත් කීදෙනෙක් මැරෙයිද. අන්නේකයි ප්‍රශ්ණෙ. නැතිව අනිත් වෘතිකයින්ට කොන්දක් නැතිකම නෙමෙයි.


    ඊට වඩා රිදවන්න බැහැ කියලද කියන්නේ?
    දොස්තරලා තමා වැඩිම ප්‍රතිශතයක් රාජ්‍ය සේවයේ ඉන්නේ...
    ඒක නිසාම ඒ අයගේ තෝරාගැනීම තියෙන්නේ රාජ්‍ය සේවය, රාජ්‍ය දේපොල, රාජ්‍ය ප්‍රතිපත්ති වල වර්ධනය...
    ඒ නිසාම රාජ්‍ය දේපොල කුණුකොල්ලෙට යන ප්‍රතිපත්තිකරුවන්ට රිදිලා තියෙන්නේ...

    ඔය දොස්තර යූනියන් කරන කියන දේවල් හැමදේම අනුමත කරන්නේ නෑ.. කරන්නත් බෑ...
    උදාහරණෙකට ඇම්බියුලන්ස් සර්විස් එක. මට ඒකේ ඉන්දියන් මැදිහත්වීම තේරුණේ නෑ තාමත්.
    හැබැයි දොස්තරලා ගේ එකමුතුව හින්දයි උන්ගේ විරෝධය නිසයි එට්කා පසුබැස්සේ...
    ප්‍රොෆයිල් පික් කලු කලාට දැනෙන්නේ නෑ...

    දොස්තරලා ස්ට්‍රයික් කරන එක උන්ගේ එතික්ස් වලට කිසිසේත් ගැලපෙන්නේ නෑ. හැබැයි උන් ස්ට්‍රයික් කරන්නේ ඕ.පී.ඩී විතරයි. වාට්ටුවල වැඩ...
    පෞද්ගලික අංශයේ අයට කොන්දක් නෑ තමා ස්ට්‍රයික් කරන්න.. ඒක කොන්දක් නෑ කියනවට වඩා එකමුතුවක් නෑ.. එකෙක් ස්ට්‍රයික් කලොත් අනිත් උන් බොසාගේ ෆේවරිට් වෙලා තැන ගන්නවා... ලංකාවේ අයි.ටී. ඔක්කොමලා දවස් භාගයක් ස්ට්‍රයික් කරවන්න නම් බෑ පුටේ... ජොබ් සිකුරුටි නෑ අනික.

    දැන් පාලකයොන්ට තියෙන එකම අවුල ලෙඩ්ඩු මැරෙන එක නෙවෙයි. උන්ගේ කෑගැහිල්ල..විරෝධේ... කොහෙන්හරි අවුලලා තව කොහේ හරි සෙල් කරයි.. ඡන්ද වලට සල්ලිත් එපැයි
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    රිදෙන්නම ස්ට්‍රයික් කරන්න පුලුවන් මේ වෘතිකයින්ට පමණයි. එක දවසක් සියලුම සේවාවන් නවතල ස්ට්‍රයික් කරොත් කීදෙනෙක් මැරෙයිද. අන්නේකයි ප්‍රශ්ණෙ. නැතිව අනිත් වෘතිකයින්ට කොන්දක් නැතිකම නෙමෙයි.

    උඹ හරි බන්.
    එත් එකට හෙතුව මොකකද් ?
    මිනිස්සු මැරෙන්නෙ එක්කො ලෙඩක් හැදිලා නැත්තම් අනතුරක් වෙලා.
    ලෙඩ හැදිලා නම් හැදෙන ලෙඩෙ මොකක්ද හෙතු මොනවාද ?
    න්තුරක් වෙනවානම් අනතුරට හෙතු මොනවාද ?
    අන්න එව්වා බලලා ප්‍රතිකර්ම කරන්න ඕනෙ.
    එතකොට තෙරෙවි මිනිස් ජීවිතයකට පාරෙ චූ කරන බල්ලෙක් උනත් බලපානවා කියලා .
    ප්ෙ තියෙන අහංකාර කම නිසා අපි අනෙකුත් වෘතීන්ගෙන් වෙන බලපෑම් ගැන අවබොධයක් නැහැ.
    ඉතිං ඩොකාලා පොරවල් වෙනවා නිකන්ම.
    අනක්ෙ වෘතීන්ගෙනුත් සුළුවෙන් හො ජීවිතයට වෙන බලපෑම සලකලා ඒ අනුව නිසි ගෞරවය සමාජෙන් දුන්නොත් ඩොකාලාගෙ සැල් නිකන්ම බහිනවා
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka

    ඊට වඩා රිදවන්න බැහැ කියලද කියන්නේ?
    දොස්තරලා තමා වැඩිම ප්‍රතිශතයක් රාජ්‍ය සේවයේ ඉන්නේ...
    ඒක නිසාම ඒ අයගේ තෝරාගැනීම තියෙන්නේ රාජ්‍ය සේවය, රාජ්‍ය දේපොල, රාජ්‍ය ප්‍රතිපත්ති වල වර්ධනය...
    ඒ නිසාම රාජ්‍ය දේපොල කුණුකොල්ලෙට යන ප්‍රතිපත්තිකරුවන්ට රිදිලා තියෙන්නේ...

    ඔය දොස්තර යූනියන් කරන කියන දේවල් හැමදේම අනුමත කරන්නේ නෑ.. කරන්නත් බෑ...
    උදාහරණෙකට ඇම්බියුලන්ස් සර්විස් එක. මට ඒකේ ඉන්දියන් මැදිහත්වීම තේරුණේ නෑ තාමත්.
    හැබැයි දොස්තරලා ගේ එකමුතුව හින්දයි උන්ගේ විරෝධය නිසයි එට්කා පසුබැස්සේ...
    ප්‍රොෆයිල් පික් කලු කලාට දැනෙන්නේ නෑ...

    දොස්තරලා ස්ට්‍රයික් කරන එක උන්ගේ එතික්ස් වලට කිසිසේත් ගැලපෙන්නේ නෑ. හැබැයි උන් ස්ට්‍රයික් කරන්නේ ඕ.පී.ඩී විතරයි. වාට්ටුවල වැඩ...
    පෞද්ගලික අංශයේ අයට කොන්දක් නෑ තමා ස්ට්‍රයික් කරන්න.. ඒක කොන්දක් නෑ කියනවට වඩා එකමුතුවක් නෑ.. එකෙක් ස්ට්‍රයික් කලොත් අනිත් උන් බොසාගේ ෆේවරිට් වෙලා තැන ගන්නවා... ලංකාවේ අයි.ටී. ඔක්කොමලා දවස් භාගයක් ස්ට්‍රයික් කරවන්න නම් බෑ පුටේ... ජොබ් සිකුරුටි නෑ අනික.

    දැන් පාලකයොන්ට තියෙන එකම අවුල ලෙඩ්ඩු මැරෙන එක නෙවෙයි. උන්ගේ කෑගැහිල්ල..විරෝධේ... කොහෙන්හරි අවුලලා තව කොහේ හරි සෙල් කරයි.. ඡන්ද වලට සල්ලිත් එපැයි

    අනිවා මචන්. ඔය එට්කා එකට විරුද්ධව තියෙන සියලු වෘතිකයන්ගෙ සංගමේ ලීඩ් කරන්නෙ ඩොක්ටර්ස්ල. ඉංජිනේරුවො, නීති වේදියො වගේ ගොඩක් අය ඉන්නව. ඒත් වැඩිපුරම ඩොක්ටර්ස්ල ඉන්නෙ. ඕක රැස්වීම් තියෙනව OPA එකේ. මමත් ගිහින් තියෙනව අපේ බොස්ල එක්ක ඕකට. ගොඩක් එවුන්ට තෙරෙන්නෙ නෑ ආන්ඩුව ගහන ගේම ETCA ගේන්න. මේ තියෙන චන්දෙ ඉවර උනහම ආයෙත් ඕක එලියට ඇදල ගන්නව. ගොඩක් එවුන් උඹ කිව්ව වගේ profile pictures කලු කරනව විතරයි. තියෙන මීටින් වලට එන්නෙ නෑ. එහෙම එකක් තියෙනව කියල දන්නෙත් නෑ. ඔය සෙට් එකේ කට වහපු ගමන් ආන්ඩුව ETCA sign කරනව
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Apee Badu walin igenagena apitama kokaaa pennana kaaalakanni haththa Dostharala. Okunta gahanna one hena hena. :angry: Ape salli walin pinata igenagena apita beheth karala apenma salli gannawa kaalakanni haththa :growl:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    වෛද්‍ය අධ්‍යාපනය සහ වෙනත් අධ්‍යාපන අතර මූලික වෙනසක් නැහැ. වෛද්‍යවරුන්ගේ අධ්‍යාපනය අපේ ජීචිතවලට බලපාන ආකාරයට ඉංජිනේරු අධ්‍යාපනය පමණක් නොව ශාස්ත්‍ර පීඨ අධ්‍යාපනයත් බලපානවා. පරිපාලන නිලධාරීන් ගුරුවරුන් අපේ ජීවිතවලට බලපාන්නේ නැත් ද?

    UBA 100% HARI MACHAN MAGE LOGIC EKATH OKAMAI, DAN ANITH DEGREE DENNA PULUWAN NAM MEKA WITHARAK MOKADA? BANGALADESH HARI WENA GUBBAYAMAKIN ENA DOCTRS LA WITRHADA HODA? APE RATE CAMPUS EPA DA?
    MUNGE KUHAKA KAMA TIYENNE
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නලියා බොර දියේ මාලු බානවා. පොරට ඇත්තම ඕනෙකම තියෙන්නෙ දොස්තරල ගැන කතාවක් නෙවෙයි, ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි අධ්‍යාපන ක්‍රමය කියල එකක් එක්ක ගේමක් අල්ලන්න
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    හුටා, දෙවෙනි ලිපියේ මටත් බැනල....:rolleyes:

    හොඳ වෙලාවට මේකෙන් දැක්කෙ... හැබැයි මේ මනුස්සයට උත්තර දීල වැඩක් නෑ. ඒවා ඇහුනේ නෑ වගේ ඊළඟ එක ලියනවා.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දේශපාලකයින්ට දිරවගන්න බැරිවුනේ දොස්තරලට හරියට ගේමක් දීලා කඩාගන්න බැරි උනු එකට.
    :rolleyes:
    ඕර්ග් එක නලින්ද සිල්වාගෙ කාලෝ එක්ක ගේමට සපෝට් කරනවා විතරයි.

    :baffled::baffled: