වෛද්‍ය වර්ජනයට පසු

obama2

Member
Apr 18, 2012
424
30
0
වෛද්‍ය වර්ජනයට පසු

වෛද්‍ය වර්ජනයට පසු

Posted: 10:45 pm, December 5, 2013
health-costs-money-stethoscope-570x320.jpg




සුගිය දිනවල වෛද්‍යවරුන් පිරිසක් විසින් සිය ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැඩ වර්ජනයක් දියත් කරන ලදි. ඒ වැඩ වර්ජනයට එරෙහිව නීතිඥයන් පිරිසකගේ මෙහෙයවීම මත රෝගීන් පිරිසක් සහ තවත් අය විසින් අධිකරණයෙන් මේ වර්ජනය තහනම් කරමින් වාරණ නියෝගයක් ගනු ලැබීය. ඒත් වෛද්‍යවරුන් පවසා සිටියේ තමන්ට වාරණ නියෝගය නීත්‍යයානුකූලව නොලැබුන නිසා වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. පසුව තත්ත්වය සන්සුන් විය. නමුත් මේ සිදුවීම අපට හිතන්නට කාරණා සමුදායක් ඉතිරි කර ඇත.


වෛද්‍යවරුන් වැඩ වර්ජනය කරනවා යන්නෙන් අදහස් කරන්නේ රජයේ රෝහල් වල ඔවුන්ට පැවරී ඇති වෘතීමය වගකීම් වලින් මුළුමනින්ම ඉවත් වීමයි. ඒ අනුව ඔවුන් බිල්ලට තබන්නේ පහළ පංතියේ අහිංසක අසරණ දුප්පත් ජනතාවගේ ජීවිතයි. නමුත් ඔවුන් තම පෞද්ගලික ඩිස්පැන්සරි වල සහ පෞද්ගලික රෝහල් වල සේවය වර්ජනය කරන්නේ නැත. ඒ අනුව රජයේ රෝහල් වල වර්ජනය කල් යන්න කල් යන්න මේ වෛද්‍යවරුන්ට තම පෞද්ගලික ආදායම් වැඩිකර ගැනීමේ අතිරේක අවස්ථාවක් හිමිවේ. සාමාන්‍යෙයන් පෞද්ගලික අංශයේ කම්කරුවන් පිරිසක් වර්ජනයකට මුලපිරීම හරහා ස්වාමියාට සේම සේවකයාටත් යම් අවධානමකට මුහුණ දෙන්නට සිදු වෙයි. මේ නිසා දෙපාර්ශවයම සිය කොන්දේසි ඉදිරිපත් කරන්නේ වඩාත් නම්‍යශීලීවය. ඒත් වෛද්‍යවරුන් වැනි වරප්‍රසාදීත වෘත්තිකයන් ගේ වර්ජනයක් නිසා අපහසුතාවයට පත් වන්නේ පුරවැසියන් මිස වෘත්තිකයන් නොවේ. ඒ නිසා වර්ජනය කල් යන්න යන්න එක් පාර්ශවයක් සම්පූර්ණයෙන් අසාධාරණයට ලක් වන අතර අනෙක් පාර්ශවය වරප්‍රසාදිත තත්ත්වයට පත්වෙයි. සාමාන්‍යෙයන් ජනතාවගේ බදු මුදලින් එක් වෛද්‍යවරයෙකුට අධ්‍යපනය ලබා දී පුහුණු කර වෛද්‍යවරයෙක් බවට පත් කරවන්නට රජය විසින් වියදම් කරන අවම මුදල රුපියල් ලක්ෂ පනහකට වඩා වැඩිය. ඒත් ජනතාවගේ බදු මුදලින් උගෙන වෛද්‍යවරුන් වූවාට පසු මේ මැට්ටන් සහ බයියන් හිතන්නේ එය තමන්ට ලැබුනේ පෙර පිනක් නිසා බවයි. පෙර ආත්මයේ කළ පිං වල ආනුභාවයෙන් තමන්ට දොස්තර මහත්තයෙක් හෝ නෝනා කෙනෙක් වන්නට පුලුවන් වුන නිසා හිටි අඩියේ ගමේ ඇසිලින් අක්කා ගේ දුව මධ්‍යම පාන්තික නෝනා කෙනෙක් බවට රූපාන්තරණය වී තමන්ට ඉගෙන ගන්නට මුදල් වියදම් කරන්නට පාන් රාත්තලයක් ගෙන ආණ්ඩුවට බදු ගෙවූ සිරිපාලට පාට් දමයි. මේ වගේ මැට්ටන්ට ග්ලැක්සෝ සමාගමෙන් වාර්ෂිකව විදෙස් සංචාරයක් සහ මෝටර් රථයක් තෑගි දුන් විට රෝගීන්ට හෙණ ගැහුවත් කමක් නැහැ යැයි කියා ඖෂධ සමාගම් පෝෂණය කරන්නට නැති ලෙඩ ඇති බව කියමින් රෝගීන්ට බලහත්කාරයෙන් ඖෂධ මිලට ගන්න යැයි බලපෑම් කරයි.


මේ වගේ මැට්ටන්ගේ වර්ජනයකට එරෙහිව වරණ නියෝගයක් ලබා ගත් නීතිඥයන් යනු ඊටත් වඩා මැට්ටන්ය. මන්ද යත් තමන් විසින් ලබා ගත් වාරණ නියෝගය නියමිත ආකාරයෙන් වර්ජනයේ නිරත වූවන්ට බාරදීමට මේ අය කටයුතු කලේ නැත. එසේ කලේ නම් අධිකරණ නියෝගයට පිටින් වෛද්‍යවරුන් කටයුතු කළා යැයි කියා ඔවුන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටත් නඩු පවරන්නට අවස්ථාවක් තිබුනි. ඒත් අවසානයේ වාරණ නියෝගය ලබා ගත් පසුත් රෝගීන්ට මිය ඇදෙන්නට සිදු විය. රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්නේ නූගත් මෝඩ දුප්පත් ගැමියන් නිසා ඔවුන් මිය ගියාට කමක් නැත. අඩුම තරමේ ඔවුන් මිනිසුන් ලෙස සිතන්නටවත් අවශ්‍ය නැත.





ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය