වෛරස

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    පරිගණක වෛරස ගැන වදවන ඔබ දුරකථන වෛරස ගැන දන්නවාද? දන්නේ නැත්නම් මේ‍ පොස්ට් එක බලන්න. අපි දැන් යන්න හදන්නේ දුරකථන වෛරස ඉතිහාසයටයි..





    මුලික වශයෙන් ගත්තාම දුරකථන වෛරස පරිගණක වෛරස වලට සමානයි. මේ දෙවර්ගයම කරන්නේ ඔබේ උපකරණයට හානි කිරිමයි. ජංගම දුරකථනයකට වෛරස පැමිණෙන්නේ බ්ලුටුත්, එම්.එම්.එස් වලින්ය. දැනට සිදුකර ඇති අධ්‍යන වලින් ඔප්පු වි තිබෙන්නේ දුරකථන වෛරස වැඩියෙන් බලපෑම් කර තිබෙන්නේ Symbian මෙහෙයුම් පද්ධති සහිත දුරකථන වලටයි.


    දුරකථන වෛරසයක් ගැන මුල්වරට සදහන් වුයේ 2004 ව‍සරේ ජුනි මා‍සයේදිය. එතැන් සිට අද දක්වා හදුනාගෙන ඇති වෛරස 05කි. එනම් Cabir, Skulls, Commwarrior, Locknut, Fontal මෙම වෛරස වේ.


    Cabir වෛරසය


    මුල්වරට වාර්තාවිම - 2004 වසරේ ජුනි මාසය
    වෛරසයේ බලපෑම - Symbian Series 60 මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන
    පැතිරිම - බ්ලුටුත් හරහා
    හානිය - කිසිදු හානියක් නැත


    Skulls වෛරසය



    මුල්වරට වාර්තාවිම - 2004 වසරේ නොවැම්බර් මාසය
    වෛරසයේ බලපෑම - Symbian මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන
    පැතිරිම - අන්තර්ජාල ඩවුන්ලෝඩ්ස් හරහා
    හානිය - දුරකථන පණිවිඩ ලබාගැනිම හා කෙටි පණිවිඩ යැවිම හැර අන් සියලුම ක්‍රියාකාරකම් අක්‍රිය විම


    Commwarrior වෛරසය



    මුල්වරට වාර්තාවිම - 2005 වසරේ ජනවාරි මාසය
    වෛරසයේ බලපෑම - Symbian Series 60 මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන
    පැතිරිම - බ්ලුටුත් හා එම්.එම්.එස් හරහා
    හානිය - Phone Book හි ඇතුලත් සියලුම අංක වලට එම්.එම්.එස් පණිවිඩ යැම.


    Locknut වෛරසය



    මුල්වරට වාර්තාවිම - 2005 වසරේ මාර්තු මාසය
    වෛරසයේ බලපෑම - Symbian Series 60 මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන
    පැතිරිම - අන්තර්ජාල ඩවුන්ලෝඩ්ස් හරහා
    හානිය - දුරකථනයේ සියලුම ක්‍රියාකාරකම් අක්‍රිය වේ


    Fontal වෛරසය



    මුල්වරට වාර්තාවිම - 2005 වසරේ අප්‍රේල් මාසය
    වෛරසයේ බලපෑම - Symbian Series 60 මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන
    පැතිරිම - අන්තර්ජාල ඩවුන්ලෝඩ්ස් හරහා
    හානිය - දුරකථනයේ සියලුම ක්‍රියාකාරකම් අක්‍රිය වේ


    මේවා වලින් බේරිය හැකි ක්‍රම කතා කොළොත්,
    නාදුනන ෆයිල්ස් හදුනාගෙන ඒවා අයින් කිරිම, ප්‍රතිවෛරස මෘදුකාංගයක් දුරකථනය ඉන්ස්ටොල් කිරිම..


    මොකෝ හිතන්නේ මේ ලිපිය ගැන? ඔබේ අදහසත් ලියලාම යන්න.


    ඉ-මේල් එකකින් අවේ...