වෛරස

farcry919

Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    වෛරස් ගැන


    ලංකාවටත් මේ වසංගත රෝග එයිද? සිකා වෛරසය සහ තවත් ඔබ දැනගත යුතු පැතිරෙන රෝග කිහිපයක්.



    1. සිකා වෛරසය



    image08-1.jpg



    සිකා වෛරසය පැතිරෙන්නේ වැඩිවශයෙන්ම මදුරුවන් මාර්ගයෙන්ම තමයි. රෝග ලක්ෂණ විදිහට රතු ඇස් පැවතීම, හන්දිපත් වේදනාව, උණ වගේ සාමාන්‍ය උණ රෝගයක ලක්ෂණ පෙන්නුම් කලත් මෙහි භයානක තත්ත්වය වන්නේ ගැබිණි සමයේ සිකා වෛරසය ශරීර ගත වීමෙන් උපදින දරුවාගේ මොලය හැකිලීමකට ලක් වන බව සොයා ගැනීමයි.
    පළමු වැනි සිකා ආසාධිතයා බ්‍රසීලයෙන් සොයා ගැනීමත් සමඟම ලොව පුරා සිකා වෛරසය ගැන මත පලවෙන්නට පටන් ගත්තත් මේ වෙන විට රටවල් 20ක පමණ වෛරසය ගැන අනතුරු හඟවා තියෙනවා, මේ රටවල් අතරට ශ්‍රී ලංකාව නැති වුනත් මේ වන විට බණ්ඩාරනායක ගුවන් තොටුපලේ සිකා වෛරසය ආසාදිතයින් පැමිණෙනවාදැයි සොයා බැලීම් කරන බව පසුගියදා පුවත් පත් වල පළවුනා.




    2. එබෝලා වෛරසය.



    image01-1.jpg




    1976 වසරේදී කොන්ගෝ ගංගාව ආශ්‍රිතව පැතිරුණු උණ රෝගයක ලෙස එබෝලා වෛරසය මුලින්ම ලෝක හඳුනාගත්තා. රෝගයේ ප්‍රබේද 5 පවතින අතර ඉන් හතරක්ම (Bundibugyo virus (BDBV), Sudan virus (SUDV), Taï Forest virus (TAFV), Zaire Ebola virus (ZEV)) මිනිසාට වැළඳෙන සුළු ඒවා නිසා මේවා භයානක බෝවන රෝගයක් ලෙස හැඳින්වනු ලැබුවා. මානය, ශාරීරික වේදනාව, උගුර බැරැන්ඩි ගතිය සහ සමේ ආසාධන මෙහි රෝග ලක්ෂණ ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.




    image04.png




    වසංගතය ආරම්භ වී ඇත්තේ බටහිර අප්‍රිකානු රටක් වන ගිනී රාජ්‍යයේ. 2013 දෙසැම්බරයේ ව්‍යාපතිය පටන් ගෙන ඇති මේ ලෙඩේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් වන්නේ 2014 මාර්තුවේදී. එතකොටත් වසංගතය ලයිබීරියාව, සියෙරා ලියෝන් හා නයිජීරියාව දක්වා පැතිර ගිහින්. 1976දී එබෝලා වෛරස් රෝගය හඳුනාගැනීමෙන් පස්සේ ඇතිවුන විශාලතම එබෝලා වසංගතය තමා මේක. 2014 අගෝස්තුව වෙනකොට මේ වසංගතයෙන් 1229 මියගිහින් ඇති බව වාර්තා වුනා. ලංකාවට මේ රෝගය මේ වෙනතුරු ආසාදිතයෙකු සොයා ගන්නට නොහැකි වුවත් ලංකාවේ ගුවන් තොටුපලේ තවමත් රෝගී ආසාදිතයින් ගැන සොයා බැලීම නැවතිලා නැහැ. ඒ වගේම විවිධ රාජ්‍ය නොවන සංවිධාන සහ ලංකාවේ ජනමාධ්‍ය මේ ගැන නිතර දැනුවත් කරන නිසා, ජනතාව තුල ඉතා ඉහලමට්ටමක අවබෝධයක් මේ වෛරස ගැන තිබෙනවා. අප්‍රිකානු රටවල් කිහිපයක විතරක් නොවෙයි බටහිර රටවල් කිහිපයකත් එබෝලා වෛරසය වාර්තා වුනා. ඊට අමතරව මෙයින් වුන මරණ සංඛ්‍යාව ඒ රටවල් වලින් පිටතට නිරාවරණය කලේ නැහැ, එයට හේතුව මේ නිසා එම රටවල් වලට වෙන ආර්ථිකමය පාඩුව ඉතා ඉහල නිසයි.


    3. කුරුළු උණ හෙවත් H5N1




    image00-1.jpg




    කුරුළු උණ යනු කුකුළන් හා කුරුල්ලන් අතර පැතිරෙන බෝවන වසංගත රෝගයක්. මේ ලෙඩේ ඉන්ෆ්ලුවන්සා A වෛරසයේ H5N1 කාණ්ඩයෙන් සෑදෙන්නේ. එය පක්ෂීන්ගෙන් මිනිසුන්ටද බෝවෙනවා. එහෙත් මිනිසුන්ගෙන් මිනිසුන්ට කුරුළු උණ පැතිරීම ඉතාමත් විරලයි. 2009 දෙසැම්බර් මස වන විට ලෝකයේ කුරුළු උණ රෝගීන් 474 ක් සිටින අතර ඉන් මරණ 282 ක් සිදු වෙලා තියෙනවා.
    වයිරස ශරීර ගත වූ පසු දින 3-5 ක් අතර කාලයකින් පසු රෝග ලක්ෂණ පහළ වේ. මූලික රෝග ලක්ෂණ සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා, රෝග ලක්ෂණ වලට සමාන වේ. උණ, කැස්ස, උගුර අමාරුව, ඇඟ පත අමාරුව හා සමහර අවස්ථා වලදී පාචනය ද පැවතිය හැක. සාමාන්‍යයෙන් මෙම රෝග ලක්ෂණ ඉක්මණින් නරක අතට හැරෙන අතර දරුණු නියුමෝනියා රෝගයෙන් මරණයට පත් වේ.



    4. H1N1 වෛරසය



    image06-1.jpg




    H1N1 ඉන්ෆ්ලුවන්සා රෝගය ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයක් වන මේ ලෙඩේ මිනිසාගෙන් මිනිසාට බෝවිය හැකි රෝගයක්. රෝගියකු කහින විට හෝ කිවිසුම් අරින විට පිටවන ශ්වසන බිඳිති නිරෝගී කෙනෙකුට යාමෙන් රෝගය බෝවෙන්න පුළුවන්. අළුත් ‍වෛරසයක් නිසා සමාජය තුළ ප්‍රතිශක්තිය අල්පය වීම නිසා මෙම රෝගය සීඝ්‍රයෙන් පැතිරෙන්න පුළුවන්. ශ්‍රී ලංකා වසංගත රෝග මර්දන ඒකකයේ වාර්තා වලට අනුව H1N1 ඉන්ෆ්ලුවන්සාව වැළඳුනු රෝගීන් ගණන (දෙසැම්බර් 2009 වන විට) 557 වන අතර, මරණ සංඛ්‍යාව 36 වෙනවා.
    මේ වෛරසය සිරුර තුළට ඇතුල් වන්නේ ශ්වසන පද්ධතිය හරහා යි. එනම් නාසය හා මුඛය තුළින් ඇතුල්වන වෛරසය, සංඛ්‍යාවෙන් ප්‍රගුණ වෙමින් වර්ධනය වී ශ්වසන පද්ධතියට හානි කරනවා. මේ වෛරසයේ රෝග ලක්ෂණ විදියට උණ, හිසරදය, ඇඟපත අමාරුව, උගුරේ අමාරුව, කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම. කිවිසුම සමහර විට වමනය හා පාචනය හඳුනා ගන්නට පුළුවන්.




    5. චිකුන්ගුන්යා



    chikungunya02.jpg




    ඩෙංගු රෝග ලක්ෂණ පහල කරන තවත් එක වෛරසයක් වන චිකුන්ගුන්යා රෝගය ඊඩිස් නම් මදුරු විශේෂය තුලින් තමා බෝවෙන්නේ. මෙහි විශේෂත්වය වන්නේ රෝග ලක්ෂණ බොහෝ වෙලාවට ඩෙංගු වලට සමාන වීම ම තමා. සති ගණනාවක් පවතින හෝ මාස ගනනක් පවතින හන්දිපත් රුදාව සහ ශාරීරික වේදනාව මුල් කරගත් මේ වෛරසය, ඩෙංගු තරම්ම භයානක නැති වුනත් මේ රෝගයෙනුත් මිනිසුන් මියගිහින් තියෙනවා. මීට වසර කිහිපයකට පෙර අපේ රටෙත් සමහර ප්‍රදේශ වල මේ රෝගය පැතිරුනා ඔබට මතක ඇති. වැඩිපුරම පැතිරුනේ රත්නපුර වගේ දිස්ත්‍රික්ක වල තමා, 2008 වර්ෂය වනකොට දිනකට 1000-1200 අතර රෝගීන් ප්‍රමාණයක් රෝහල් ගත වනබව වාර්තා වල මෙසේ දැක්වෙනවා.






     
    Last edited:
    • Like
    Reactions: dasanayake dmas