වොක්ස්වැගන් කුලියාපිටියට නොඑන බව ඇමති මල

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    වොක්ස්වැගන් කුලියාපිටියට නොඑන බව ඇමති මල

    වොක්ස්වැගන් කුලියාපිටියට නොඑන බව ඇමති මලික් නිල වශයෙන් කියයි

    කුලියාපිටියේ ඉදිකෙරෙන බවට පැවසූ මෝටර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මින් මතුවට වොක්ස්වැගන් නාමය භාවිත නොකරන බවටත්, එහි ආයෝජකයා ඒ වෙනුවෙන් වෙනත් කීර්තිමත් සන්නාමක් භාවිත කිරීමට යෝජනා කර ඇති බවත් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු හා සංවර්ධන උපායමාර්ග අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    “තවදුරටත් වොක්ස්වැගන් නාමය භාවිතා නොකරයි. ආයෝජකයා විසින් වෙනත් කීර්තිමත් සන්නාමයක් භාවිත කිරීමට යෝජනා කර ඇති නමුත් මේ දක්වා තාක්ෂණික සහයෝගීතාව සඳහා ගිවිසුමක් ඉදිරිපත් කර නොමැත.“

    “මුලින්ම කුලියාපිටිය ලබුයාය මහනුගලන්ද වතුයාය තුළින් අක්කර 29.5ක් වෙන්කරන ලද අතර ගංවතුර වැළැක්වීම සඳහා අමතර අකකර 5ක් ආයෝජකයා විසින් හඳුනා ගෙන ඇත.“

    “මේ වන විට පුහුණු මධ්‍යස්ථානයක් පමණක් ආරම්භ කිරීමේ කටයුතු අරඹා ඇත.“

    “දැනට ඩොලර් මිලියන 5.7ක් ආයෝජනය කරලා තියෙනවා.“

    “මුල ඉඳලාම වොක්ස්වැගන් ගැන ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා තමයි අපිට වෙන සමාගමක් සමඟ වැඩ කරන්න කියලා කියලා තියෙන්නේ. එකඟ වෙනවා මේක හුඟක් ප්‍රමාද වෙලා තියෙනවා.“

    “මාස 2ක් තුළ මේක පටන් ගත්තේ නැත්තන් අපි මේක අහෝසි කරනවා. දැනට ට්‍රේනිං සෙන්ටර් එක හදලා තියෙනවා. එතන ට්‍රේන් කරන්නේ එතන වැඩ කරන අය පමණයි.“

    http://biz.adaderana.lk/වොක්ස්වැගන්-කුලියාපිටිය/
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ඊලඟ ඡන්දෙටත් ඒකම පාවිච්චි කරන්න හදන්නෙ...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ මන්ද එදා කීවෙනම් පහුවදාම පටන් ගන්න වගේ.... පොයිය විතරයි.... කිසි දෙයක් නොකර රට ආපස්සටම ඇරන් ගියපු අවුරුදු 4 ක්.....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,661
    113
    රූකඩ රාජ්ජේ
    “මාස 2ක් තුළ මේක පටන් ගත්තේ නැත්තන් අපි මේක අහෝසි කරනවා."

    තවත් යහපාලන ගොං ආතල් එකක්..යකෝ ඔකේ තිබුන පොල් ගස් ටික තිබුනා නම් මේ අවුරදු 4 ට පොල් හරි ගන්නවා...දැන් මෙලෝ ලබ්බක් නෑ...මහ කාලමකන්නි හැතිකරයක් මුන් නම්...

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    තවත් යහපාලන ගොං ආතල් එකක්..යකෝ ඔකේ තිබුන පොල් ගස් ටික තිබුනා නම් මේ අවුරදු 4 ට පොල් හරි ගන්නවා...දැන් මෙලෝ ලබ්බක් නෑ...මහ කාලමකන්නි හැතිකරයක් මුන් නම්...

    :lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    තවත් යහපාලන ගොං ආතල් එකක්..යකෝ ඔකේ තිබුන පොල් ගස් ටික තිබුනා නම් මේ අවුරදු 4 ට පොල් හරි ගන්නවා...දැන් මෙලෝ ලබ්බක් නෑ...මහ කාලමකන්නි හැතිකරයක් මුන් නම්...

    :lol::lol::lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Newest Volkswagen straight out of Kuliyapitiya Manufacturing Plant :love::love:

    eNM4LR4.jpg

    nf0eTMF.jpg

    nzPmeEU.jpg

    0hPaXJZ.jpg

    #I💚UNP
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,661
    113
    රූකඩ රාජ්ජේ

    මෙහෙම කොහොමද :

    වොක්ස්වැගන් කර්මාන්තශාලාව ජර්මනියේ හදලා ඉවරයි..ජර්මනියේ එකයි ලංකාවේ එකයි දෙකක් හදන්න බෑනේ.ඒ නිසා ලංකාවේ හදන එක නැවැත්තුවා..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙහෙම කොහොමද :

    වොක්ස්වැගන් කර්මාන්තශාලාව ජර්මනියේ හදලා ඉවරයි..ජර්මනියේ එකයි ලංකාවේ එකයි දෙකක් හදන්න බෑනේ.ඒ නිසා ලංකාවේ හදන එක නැවැත්තුවා..

    ඇඩෙනවා මුන්ගේ ආතල් වලට :lol::lol:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113

    තවත් යහපාලන ගොං ආතල් එකක්..යකෝ ඔකේ තිබුන පොල් ගස් ටික තිබුනා නම් මේ අවුරදු 4 ට පොල් හරි ගන්නවා...දැන් මෙලෝ ලබ්බක් නෑ...මහ කාලමකන්නි හැතිකරයක් මුන් නම්...

    Aulak na polgas tikwath kapagena wikunagaththane :lol::lol::lol::lol: