වොල්ටි බයික් ගැන දැනගන්න

BSZyo

Member
Jul 12, 2018
111
8
0
වොල්ටි බයික් ගැන දැනගන්න

මචන්ලා මට වොල්ටි බයික් එක ගැන හැමදෙයක්ම දැනගන්න ඕනී.. :love:
පාවිච්චි කරන අයත් එළකිරියේ ඇතිනේ ගොඩක්..
බයික් එකේ මිල පරාසය, ලංකාවේ වොල්ටි බයික් වර්ග කීයක් තියෙනවද, දැන් බ්‍රෑන්ඩ්නිව් එනවද, එන්ජින් කැපෑසිටි වගේ උඹලා දන්න හැමදෙයක්ම කියහල්ලකො බයික් එක ගැන.. හැමදෙයක්ම කියහල්ලා, එක අකුරක්වත් අත අරින්න එපා ඈ:love::love::love::love:
 
Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    danna widihata volty wala leda enawalu bn.
    SHEHAN_GIWANTHA meyagen ahala blnda.voltyk use kala
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිටිය හිටිය, සුඅප්ර් කොල්ලෙක්, මටත් ගොඩක් විස්තර දුන්න එයා.... ත්‍රෙඩ් එක අප් කරලා තියා ගනින් දැක්කම රිප්ල්ය් දැවී, මට නම මතක නැ

    හොනට්, වෝල්ටි, ජපන් හොදට දන්නවා...
     
    Roach25

    Member
    May 11, 2018
    18
    4
    0
    ගොඩක් හොද "cruiser" බයික් එකක්! තෙල් 35-40 වගේ කරනවා! තනිකරම GN250 එකේ එන්ජින් එක තියෙන්නේ ඒ නිසා පාර්ට්ස් ඕනතරම් තියනවා! ලෙඩ කියලා තියෙන්නෙ අර GN වල එන හෙඩ් එකේ සද්දේ තමයි! හැබැයි මචන් පිටිපස්සෙ සීට් එකේ යන කෙනාට නම් සැප පහසුව අඩුයි! Rider සීට් එක ඒ පොසිශන් එක නියමයි! තනියෙන් යන්න සුපිරි!
     
    BSZyo

    Member
    Jul 12, 2018
    111
    8
    0
    බ්‍රෑන්ඩ්නිව් එන්නෙ නෑ නේද බන්? දැන් යන ගණන් කොහොමද?
     
    Roach25

    Member
    May 11, 2018
    18
    4
    0
    බ්‍රෑන්ඩ්නිව් එන්නෙ නෑ නේද බන්? දැන් යන ගණන් කොහොමද?

    මචන් fb group එකක් තියනවා volty club කියලා ඒකට සෙට් වෙයන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වොල්ටියක් සාමාන්‍යයෙන් ලක්ශ 2-3 වගේ පරාසයක මිලට ගන්න පුලුවන්.බ්‍රෑන්ඩ්නිව් බයික් නෑ.සේරම රීකන්ඩිශන් බයික් තියෙන්නේ.1994 ඉඳන් 2002 වෙනකම් බයික් හැදුවා.පොඩි පොඩි වෙනස් කම් තියෙන මොඩ්ල් හැටහුටහමාරක් තියෙනවා.

    මේ බයික් එක GN 250 බයික් එකේ ඩොමෙස්ටික් මාදිලිය.GN 250 එකේ පාට්ස් 90%ක් විතර මේකට හරි.ඇති තරම් පාට්ස් තියෙනවා.සාමාන්‍ය මිල ගනන්ම තමයි.

    බයික් එක ගැන කථාකලොත් 250 CC සින්ගල් සිලින්ඩර් වෑල් 4 වායු සිසිලන එන්ජිමක් තියෙන්නේ.ස්පාර්ක් ප්ලග් එකයි.හෝස් පවර් 20යි.ටෝක් පවර් එක 21.00Nm.ප්‍රධාන වශයෙන් එන්ජින් මාදිලි 2ක් ආවා.අන්තිම කාලේ ආපු බයික් ඔයිල් කූල් එන්ජින් කියනවා.ඒකේ ඉස්සරහා පොඩි බටයක් එන්ජින් එකේ යට ඉඳන් උඩට යනවා.ඉස්සරහ ඩිස්ක් බ්‍රේක්.පස්ස ඩ්‍රම්.ඉස්සරහ බ්‍රේක් කැලිපර් මාදිලි 2ක් එනවා.මේකට කාබ්‍යුරේටර් එකක් එන්නේ.1994 එකට වඩා 2002 වෙනකොට කාබ් එක ඩිවලොප් කරලා තියෙනෙවා.

    මෙකේ සාතිශය බහුතර බයික් වල පස්සේ සීට් එක එච්චර කම්ෆටබල් නෑ.තනියම යන්න නියම බයික් එක.බැලන්ස් උපරිමයි.මේකේ දෙන්නෙක්ට යන්න පුලුවන් තනි සීට් එක ආපු මාදිලියක් තියෙනවා.හැබැයි ඒකක් හොයාගන්න හරි අමාරුයි.මේ තියෙන්නේ ඒකක්

    14577123204_9ab960ee5b_b.jpg

    මේකේ තෙල් කෙරුවාව සාමාන්‍යයෙන් 30ක් වගේ තමයි.ෆුල් සර්විස් එකකට 4000ක් වගේ යනවා.ඔයිල්,ෆිල්ටර් සේරම දාලා.කි.මී 2500න් 2500ට සර්විස් කරන්න ඕනි.

    ඇඟට අමාරුවක් නැතිව ඕනි දුරක් පදින්න පුලුවන්.හැබැයි ට්‍රැෆික් එකේ පදිද්දී එන්ජින් එක සෑහෙන රත් වෙනවා.ට්‍රැෆික් නැති වෙලාවක යනවනම් ලොකුවට රත්වෙන්නේ නෑ.

    බයික් එකක් ගන්නකොට නම්බර් එක බලන්න එපා.එන්ජින් එකේ තත්වේ.නිකල් කෑලි වල තත්වේ,ඔර්ජිනල් කොටස් තියෙනවද බලන්න.ඕකේ ලස්සන තියෙන්නේ නිකල් කෑලි ටික හොඳට තියෙනවනම් විතරයි.ඒක නිසා ඔර්ජිනල්ම පාට්ස් තියෙන ලෙඩ නැති බයික් එකක් හොයාගනින්.නැත්නම් හදලා ඉවරයක් නැතිවෙනවා.
     
    මෙන්න මෙයා තමය මන් කිව්වේ..... එල එල සුපිරි තැන්ක්ස් බොක්ක,,,