මට හමුවූ අවසාන හේතුවාදියා.
(හඳුනා ගැනිම සඳහා ඔහු වොලස් යන අනවර්ථ නාමයෙන් නම්කරමි)
වොලස් අයිරිස් ජාතික බටහිර සම්බවයක් සහිත තාක්ෂණවේදියෙක්.
ඔන්න එක දවසක් අපේ සේවා ස්ථානයේ සංවාදයක් ඇතිවුනා, බටහිර ඕස්ට්‍රේලියාවේ එක් ගමක කතෝලික පල්ලියක මරියතුමියගේ ප්‍රතිමාවක දෑසින් කඳුළු ගැලීම සම්බන්ධව. බොහෝ තාර්කික මිනිසුන් මෙය ප්‍රතික්ෂේප කලත් ඒ පිළිබඳ කතාකලේ එය ඇසින් දුටු පුද්ගලයෙක්. මට අනුව නම්, තාක්ෂනික කටයුතු වලදී අන් සියළු දේ හිදීත් එම පුදගලයා තමයි වඩාත්ම තාර්කික. රැකියා ක්ෂේත්‍රයට අදාල තාක්ෂණයේ යාවත්කාලීන බවින් ඉතා ඉහලම පුද්ගලයා. ඔහුත් බටහිරයෙක්. කතෝලිකයෙක් වන ඔහු ඔහුගේ දරුවන් බව්තීස්ම කලා. ඔහුගේ වචනයෙන් මෙන්න ඔහුගේ අත්දැකීම විස්තර කල ආකාරය. "I don't know anything. I have seen it. It is unbelievable but I witnessed it." මේ සෙසු අය එයට විරුද්ධ විද්‍යාත්මක මත ඉදිරිපත් කරද්දී. ඔහුගේ ඒ ඇසින් දුටු සාක්ෂි සහ ඔහුගේ තාක්ෂණික පෞරුෂය හමුවේ අනෙක් අයගේ තර්ක හිරුදුටු කදෝපැණි සේ වූවා.
ඔය අතර ටිකක් එහායින් වැඩක නිරත වී සිටී වොලස් පැමිණ මෙසේ කීවා. "ඒක පස්සේ කතෝලික පල්ලිය මැදිහත් වී විසඳුවා, ඒ දේවස්ථානයට අදාල පූජකයා වෙන්ත් දුර පලාතකට මාරුකර යවලා. මොකද දිගටම එම වංචාව සහ ඇස්බැන්දුම ඔහු කරගෙන ගියානම් පල්ලිය ප්‍රතික්ෂේප වන නිසා. පූජකයා ඇත්තටම කලේ හවසට ප්‍රතිමාව වතුර භාජනයක ගිල්වලා නිමවූ මැටිවලට වතුර උරාගන්න සලසනවා. දවල් දවසේ ඒ උරාගත්තු වතුර ඇසේ මුල්ලේ ඇති පින්තාරුවේ කඩතොල්ලකින් බේරෙනවා. ඒක වංචාවක්. එහෙම ලාභ වංචාවකින් දේව භක්තිය ඇතිකිරීම කවදාහෝ එලිවුනොත් පල්ලියට හොඳ නෑ. ඒ නිසා පල්ලිය එයට නිසි පිළියම් යොදනවා" ඔන්න ඔය වගේ අදහසක් වොලස් පැවසුවා. එයින් එම සංවාධය අවසන්වුනා. මම ඉතින් වොලස් හැබෑම තර්කානුකූල නිරාගමිකයෙකු ලෙස මගේ හිතේ සටහන්කර ගත්තා.
මිත්‍රවරුනි, ඊට බොහෝ කාලයකට පසුවයි කතාවේ හොඳම හරිය සිදුවුනේ. ඔන්න දවසක් ආයතනයේ කුඩා තේ පැන් කාමරයේදී වොලස් සහ මම කතාවෙන ගමන් මම වොලස් ගෙන් මෙහෙම ඇහුවා(මටත් ඉතින් ඕවා ගැන් නිකං ඉන්න බැරි කැහිල්ලක් තිබෙනවා නොවැ.) 'වොලස්, උඹ නම් දෙවියන්වහන්සේ පිළිගන්නේ නෑනේද? දෙවියන් සියල්ල මැවූ බව?'. මෙන්න වොලස්ගේ උත්තරය. "No No No. I believe God. Certainly there must be somthing. Otherwise how it could be?" ඔන්න ඔහොමයි.
මම තවමත් හැබෑ අවසාන හේතුවාදියා සොයමි. ඇත්තටම මට හමුවන බටහිරයන් අතරේ ඔහු සොයමි. ඔය ලංකාවේ grade 10 science දර්ෂණිකයන් අතරේ නොව.