වෝර්න් මුරලි දෙවන ටෙස්ට් තරගය

asheka

Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    වෝර්න් මුරලි දෙවන ටෙස්ට් තරගය

    152847.2.jpg

    තරග ආරම්භය
    දෙසැ. 26 - 30
    උදෑසන 5.00

    ප්‍රධාන තොරතුරු

    දෙසැම්බර් 26 වෙනිදා, බොක්සින් දවස (Boxing Day) යනුවෙන් හදුන්වන දවසේ ඕස්ට්‍රේලියානුවන්ට සුන්දර මතක හිමි උනත්, ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන් හට නම් එම දවස අමතක නොවන දිනයකි . දෙසැම්බර් 26 වනදා දිනයක මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි මුරලිදරන් හට ඩැරල් හෙයාර් විනිසුරු වරයා පන්දුව දමා ගසන බවට චෝදනා කළ දිනය ලෙස අපට එම දිනය හැදින්විය හැකිය. පසුව එම චෝදනාව නිශ්පල වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10 පරාජයට පත් විය.

    ශේන් වොට්සන්ගේ නායකත්වයෙන් තරග වදින ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වෙනස්කම් කීපයක්ම සිදු කිරීමට නියමිත බව වාර්ථා වනවා. ආබාධයකට ලක්වී සිටින මයිකල් ක්ලාර්ක් සහ බෙන් හිල්ෆෙන්හවුස් වෙනුවට උස්මන් කවාජා සහ මිචෙල් ජොන්සන්ව කැදවා තිබේ. මිචෙල් ස්ටාර්ක් වෙනුවට මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට බර්ඩ් ශෆ්ලින්ව කැදවා තිබේ.

    තරගාවලිය තවදුරටත් ප්‍රාණවත්ව තබා ගැනීමට මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයක් හෝ ජය පැරදුමෙන් තොරව නිම කර ගත යුතුයි.පසුගිය තරගයේදී ජේෂ්ඨ ක්‍රීඩකයන් පෙන්වූ අසාර්ථක පිතිකරණය තවදුරටත් නොපෙන්වා කණ්ඩායමේ වගකීම හරියාකාරව ඉටු කලහොත් කණ්ඩායමේ ජයග්‍රහනය වැඩි ඈතක නොවන බව පෙන්වා දිය යුතුය.

    පසුගිය තරග
    Australia WLDDW
    Sri Lanka LLWDD

    ශේන් වොට්සන්

    ආබාධයෙන් පසුව පැමිණි තුන් ඉරියව් ක්‍රීඩක ශේන් වොට්සන්ට හෙට ඇරබෙන තරගය වඩාත් විශේෂ තරගයක් වනවා නිසැකය. 2010 වර්ශයෙන් පසුව ශතකයක් වෙත ලගා වී නොමැති වොට්සන් boxing day නැමැති සුවිශේෂී දිනයේදී තමන් නායකත්වය දරන තරගයේදී ශතකයක් වාර්ථා කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විචාරකයන් සදහන් කරනවා.

    මහේල ජයවර්ධන

    මේ වන විට ක්‍රිකට් ක්‍රීඩා කරන පිතිකරුවන් අතුරින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරගෙන සිටින පිතිකරුවා වන්නේ නායක මහේල ජයවර්ධනයි. තමන්ගේ අවසාන ටෙස්ට් තරගාවලියේදී ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් නොලැබූ ජයග්‍රහනය ලබා කර දීමට ඔහු උපරිම උත්සහ කරනු ඇත.පසුගිය තරගාවලි කිහිපයේදී ඔහු පෙන්වූ අසාර්ථකත්වය දෙවන ටෙස්ට් තරගයේදී නොපෙන්වා නායකත්වයේ වගකීම ගෙන ක්‍රීඩා කලහොත් ඔහුට කණ්ඩායම ජයග්‍රහනය කරා ගෙන යාමට අපහසු නොවේ.

    ඕස්ට්‍රේලියානු කණ්ඩායම
    1. එඩ් කොවන් 2. ඩේවිඩ් වෝර්නර් 3. පිලිප් හියුජ් 4. ශේන් වොට්සන් 5. උස්මාන් කවාජා 6. මයිකල් හසී 7. මැතිව් වේඩ් 8. මිචෙල් ජොන්සන් 9. පීටර් සීඩ්ල් 10. නේතන් ලියොන් 11. ජැක්සන් බර්ඩ්

    ශ්‍රී ලංකා කණ්ඩායම
    1. තිලකරත්න දිල්ශාන් 2. දිමුත් කරුනාරත්න 3. කුමාර් සංගක්කාර 4. මහේල ජයවර්ධන 5. තිලාන් සමරවීර 6. ඇන්ජලෝ මැතිව්ස් 7. ප්‍රසන්න ජයවර්ධන 8. නුවන් කුලසේකර/ දම්මික ප්‍රසාද් 9. ශාමින්ද එරංග 10. රංගන හේරත් 11. චානක වෙලගෙදර

    පිටිය සහ කාලගුනය
    ගෙවීගිය සතියේ සෞම්‍ය කාලගුනයක් පැවති මෙල්බර්න් නගරයට, දෙවන ටෙස්ට් තරගයට වැස්සෙන් බාධා ඇතිවීමට අඩු සම්බාවිතාවයක් පවතී. පිතිකරුවන්ට සහ දග පන්දු යවන්නන්ට වාසි ගෙන දෙන තණ තීරුවක් ලෙස මෙල්බර්න් තණ තීරුව හැදින්විය හැක.

    ඔබ දන්නවාද?

    * 1995 වර්ශයේදී බොක්සින් දවස දිනයේදී MCG ක්‍රීඩාංගනයේදී පැවති තරගයේදී ඩැරල් හෙයා විනිසුරු විසින් මුත්තයියා මුරලිදරන් හට පන්දුව දමා ගසන බවට චෝදනා කරනු ලැබුවා.

    *10,000 ටෙස්ට් ලකුණු කඩයිම පසු කිරීම සදහා කුමාර් සංගක්කාරට තව 40ක් පසු පසින් සිටිනවා.

    උපුටා ගැනීම - නිදහසේ රිද්මය