ශක්තිය වඩන ලේ උනන කෑම මෙන්න

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    xvh01eT.jpg


    ඔයාල දන්නවනේ රුධිරයේ යම් සංඝටකයක් පවා අඩු උනොත් ඒක මුළු කයටම බලපානවා. ගොඩක් අය කියන කතාවක් තමයි ඇඟේ ලේ මදි කියන එක. ඔන්න දැන් කියන්න යන්නේ ඇඟේ උනන කෑම ජාති ගැන.

    ඇත්තටම ඇෙ`ග්ඇඟේ ලේ උනනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද ? ඇඟේ ලේ උනනවා කියන එකෙන් අදහස් වන්නේ රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි වීමයි. රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි වන තරමට නිරෝගිකම වැඩියි. ඒ කියන්නේ රතු රුධිරාණු වැඩි වන තරමට ආශ්වාසයේදී වැඩියෙන් ඔක්සිජන් පවා උරාගනී.

    රුධිරයේ හිමොග්ලොබින් හෝ නිරෝගී රතු රුධිරානු ප්‍රමාණවත් තරම් නොමැතිවීම රක්තහීනතාව ඇතිවීමට ප්‍රදාන හේතුවයි. රක්තහීනතාවෙන් පෙළෙන පුද්ගලයින් හට හුස්ම හිරවීම, හිසරදය, ශරීරය සුදුමැලි වීම, පපුවේ වේදනාව වැනි රෝගී තත්වයන් නිතර ඇතිවිය හැකියි.

    රක්තහීනතාවය ඇතිවීමට බොහෝ සාදක බලපාන අතර වඩාත්ම පොදු සාධකය ලෙස යකඩ ඌනතාවය හැදින්විය හැකියි. එම නිසා යකඩ බහුල ආහාරයන් ඔබේ ආහාරයට එක් කරගැනීම, යකඩ ඌනතාවයයෙන් සුවය ලැබීමට මනා පිටුවහලක් වනවා. ඉතින් මෙම ලිපියෙන් අද අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ යකඩ ඌනතාවයෙන් පෙලෙන පුද්ගලයින් තමන්ගේ එදිනෙදා ආහාර වේලට එක් කරගත යුතු පෝෂ්‍යදායී ආහාර කිහිපයක් පිලිබදවයි.

    1. රතු මස්

    රතු මස් වල, විශේෂයෙන්ම හරක් මස්, විශාල වශයෙන් යකඩ වලින් පොහොසත් ආහාරයක්. ඒ වගේම සමට හා මස්පිඩු වර්දනයටත් ගුණදායකයි.

    2. නිවිති

    පුද්ගලයෙකුට දවසට අවශ්‍ය දෛනික යකඩ ප්‍රමාණයෙන් 20% ක් නිවිති කොල කෝප්ප බාගයක අඩංගුයි.

    3. බෝංචි

    බෝංචි කෝප්පයක තරම් ප්‍රමාණයක යකඩ මිලිග්‍රෑම් 5 ක් අඩංගුයි.

    4. රතු අල

    රතු අල තුල යකඩ අඩංගු වන අතරම, රුධිරය පිරිසිදු කිරීම සදහාත් රතු අල වලට උදවු විය හැකියි.

    5. රට කජු

    රට කජු තුල යකඩ අඩංගු වන බැවින් එදිනෙදා රටකජු ඇට ආහාරයට ගැනීමෙන් රක්තහීනතාවය ඇතිවීමේ අවදානම අවම කර ගත හැකියි.

    6. ඕට්ස්

    ශරීරයට ශක්තිය ගෙනදී, අවශ්‍ය තරම් රතු රුධිරානු නිෂ්පාදනය සදහා ඕට්ස් වලට හැකියාව ඇති බැවින් උදෑසන ආහාරය ලෙස ඕට්ස් ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. වඩාත් සාර්ථක ප්‍රතිපල සදහා යකඩ හා විටමින් ඊ සහිත ඕට්ස් මිලදීගන්න.

    7. බිත්තර

    බිත්තර තුල යකඩ අඩංගු වන අතර දිනකට එක බිත්තරයක් ආහාරයට ගැනීමෙන් ශරීරයේ යකඩ මට්ටම වැඩිකරගැනීමට රුකුල් වනවා.

    8. දෙළුම්

    දෙළුම් වල යකඩ හා විටමින් ක‍ අඩංගු බැවින් එය වඩාත් ගුණදායි පළතුරක් වේ.

    9. රට ඉඳි

    රට ඉදි තුල යකඩ අන්තර්ගත අතර, එක ඉදි කෝප්පයක පමණ ප්‍රමාණයක යකඩ මිලිග්‍රෑම් 5 ක් අඩංගුයි.

    10. තක්කාලි

    ඔබව රක්තහිනතාවයෙන් ආරක්ෂාකිරීමට තක්කාලි වලට හැකියාව ඇති අතර, තවද තක්කාලි විටමින් වලින් වඩාත් පොහොසත් බැවින් තාක්කාලි වලට පිළිකා ෙසෙල සමග සටන් කර ඔබව ආරක්ෂා කල හැකියි.

    11. මි පැණි

    සීනි සදහා ආදේශකයක් ලෙස මීපැණි භාවිතා කළ හැකි අතර මීපැණි යකඩ වලින් පොහොසත්. ඊට අමතරව ඔබගේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය බොහොමයක් විටමින් හා ඛනිජ ලවණ මීපැණි තුල අඩංගුයි.

    ඉහත සදහන් කල යකඩ අඩංගු ආහාර ඔබේ ආහාරයට එකතු කරගන්නවා වගේම එම ආහාර වල අඩංගු යකඩ හොදින් ශරීරයට අවශෝෂණය වීම සදහා විටමින් බහුල ආහාරද ඔබේ එදිනෙදා ආහාර වේලට එකතු කරගැනීමට කටයුතු කරන්න.

    නිරෝගා.lk
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    කෝ බන් පොලොස්. හරක් මස් වගේම තමා පොලොස්
    ආච්චි කෙනෙක් හිටියා 50 පාරක් ලේ දන් දීපු කන්නෙම පොලොස්ලු.
    අනික තලපත් මාලුත් හොදයි
     

    HmNRazor

    Well-known member
  • කෝ බන් පොලොස්. හරක් මස් වගේම තමා පොලොස්
    ආච්චි කෙනෙක් හිටියා 50 පාරක් ලේ දන් දීපු කන්නෙම පොලොස්ලු.
    අනික තලපත් මාලුත් හොදයි
    පොලොස් වලට කොහොමද මචන් ලේ වඩන්නෙ? පොලොස් / කොස් / දෙල් කියන්නේ කාබෝහයිඩ්‍රේට ප්‍රධාන වශයෙන් තියන කෑමනේ? :yes:
     
    • Like
    • Wow
    Reactions: Thilantdm and NRTG

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,849
    1,263
    113
    Mars
    කෝ බන් පොලොස්. හරක් මස් වගේම තමා පොලොස්
    ආච්චි කෙනෙක් හිටියා 50 පාරක් ලේ දන් දීපු කන්නෙම පොලොස්ලු.
    අනික තලපත් මාලුත් හොදයි
    Thalapath saha Bala maalu