ශබ්දයේ වේගය ඉක්‌මවූ නිහඬ මාරයා!

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ශබ්දයේ වේගය ඉක්‌මවූ නිහඬ මාරයා!

    ශබ්දයේ වේගය ඉක්‌මවූ නිහඬ මාරයා!


    sound1.jpg

    ලොව බලවතුන් අතර පවතින සීතල යුද්ධයෙහි තවත් කඩඉමක්‌ සනිටුහන් කිරීමට රුසියාව නොබෝදා සමත්විය. ඒ ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද අලුත්ම යුද අවිය පිළිබඳවයි. ශබ්දයේ වේගය සාමාන්‍යයෙන් තත්.ට මීටර් 343 හෙවත් පැයට කි. මීටර් 1225 ලෙසයි සලකන්නේ. සුපර්සොනික්‌ ජෙට්‌ යානාවක වේගය මෙම ශබ්දයේ වේගය ටිකක්‌ ඉක්‌මවන්නක්‌. නමුත් රුසියානුවන් නිපදවූ මෙම අලුත්ම අවිය ශබ්දයේ වේගය මෙන් දසගුණයකටත් වඩා වේගවත්. Hypersonic Weapon (අධි�වනිත අවිය) ලෙස හඳුන්වා ඇති මෙම අවිය මිසයිල ප්‍රවාහන යානාවක්‌ ලෙසින් හඳුන්වා දිය හැකියි. මේවා දැනට ඇමරිකා එක්‌සත් ජනපද මිසයිල ආරක්‌ෂණ පද්ධතියටත් හසුනොවන පරිදි අති සූක්‌ෂ්ම ලෙස නිපදවා තිබීම ඔවුන් පවා තැතිගන්වන්නක්‌. මේ පිළිබඳව මුලින්ම රුසියානු ජනාධිපති වැලැඩිමීර් පුටින් ලොවට හෙළිදරව් කරනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේදීය. එදා ඔහු පැවසුවේ ශබ්දයේ වේගය මෙන් 20 ගුණයක වේගයක්‌ ලබාගත හැකි යුද අවියක්‌ නිර්මාණය කර ඇති බවය. කෙසේ නමුත් මේ පිළිබඳ තොරතුරු ලොවට හෙළිදරව් කරනු ලැබුවේ පසුගිය සතියේය. ඇමරිකානු බුද්ධි අංශයේ රහස්‍ය තොරතුරු නිලධාරීන් පවා, මෙම අවිය රුසියානුවන් පසුගිය සතියේ සාර්ථකව අත්හදා බලා ඇති බව පිළිගත්හ.
    sound.jpg
    මෙම අවිය Hypersonic Glid Vehical (අධි�වනිත ලිස්‌සායාමේ යානයක්‌) ලෙස සකස්‌ කර ඇති අතර ඕනෑම අන්තර් මහාද්වීපික බැලස්‌ටික්‌ මිසයිලයක්‌ හෝ න්‍යෂ්ටික අවි ශීර්ෂයක්‌ (Warheads) තම අවසාන ඉලක්‌කය වෙත ශබ්දයේ වේගය මෙන් දසගුණයක පමණ වේගයකින් සියලු බාධක මගහැර යොමුකිරීමේ හැකියාව පවතින බව රුසියානු ගගන ඉංජිනේරු ශිල්පය පිළිබඳ නොටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ අති�වනිත ගුවන්යානා තාක්‌ෂණය පිළිබඳ සහකාර මහාචාර්ය Thomas Juliano පවසයි.

    රුසියානුවන්ගේ අරමුණ වූයේ ඇමරිකානු මිසයිල ආරක්‌ෂණ පද්ධතිය මගහැරයාමේ අවියක්‌ නිපදවීමයි. මෙම තාක්‌ෂණය අතින් අප ලොව ඉදිරියෙන්ම සිටින බව පවසන සහකාර මහාචාර්ය Juliano මීට ප්‍රථම 2010 දී හා 2011 දී අමරිකාව විසින් සිදුකළ මෙවැනි අත්හදා බැලීම් වන Hypersonic Technology Vehical-2 නම් යානා සියල්ල අසාර්ථක වූ බව වැඩිදුරටත් ප්‍රකාශ කරයි. රුසියානුවන් විසින් නිපද වූ මෙම නව මිසයිල අවිය ශබ්දයේ වේගය මෙන් කිහිපගුණයකින් යුතු වේගයකින් අහසට විදින අතර එහි ඇති කීලාකාර (කූඤ්ඤාකාර) හැඩය මගින් ඉතා පහසුවෙන් ඉන් ඇති කරන අධික කම්පන තරංග අතරින් පහසුවෙන් ගමන්කර අධික බලයක්‌ ලබාගනී.
    sound2.jpg

    ඉහළ අහසේ ඇති අඩු වායු ඝනත්ව ප්‍රදේශවලදී වඩාත් සක්‍රීය වන මේවා සතු ඉතා කෙටි පියාපත් ආධාරයෙන් දිගු දුර ප්‍රමාණයන් පරාවලයක හැඩය ලබාගනිමින් වේගයෙන් ගමන් කරනු ලබයි. මෙලෙස වේගයෙන් යමින් පරිගණක දත්ත ආධාරයෙන් හැසිරවිය හැකි තම අදාළ ඉලක්‌කය වෙත හඹාගොස්‌ ගුරුත්වාකර්ෂණ බලයට සාපේක්‌ෂව කඩා වැදීම මේවායේ ස්‌වභාවයයි. මේවා ගුවන් ගතවීමේදී ඇතිවන අධික කම්පන තරංග නිසා උත්පාදනය වන අධික උෂ්ණත්වයත් තාපයත් දරාගත හැකි ආකාරයට සාර්ථකව නිෂ්පාදනය කර ඇත. ඇමරිකානු යුද විශේෂඥයන් අන්දමන්ද කර නිපද වූ මෙම නව යුද අවිය නිසා රුසියානුවන් තවදුරටත් යුද රුසියන්ම බව ට ලොවට හඳුන්වා දී හමාරය.
    සිසිර කිත්සිරි


     
    Last edited:

    Janiyaaa

    Junior member
  • Mar 26, 2017
    84
    7
    18
    බලපන් උන් එච්චර දේවල් කරන කොට අපේ පොන්න වේසිගෙ පුතාලා ඇලෝෂියස් ගේ සල්ලි ගත්ත උන් , හොරු කුපාඩියෝ, මන්ද බුද්ධිකයෝ, තමිල්නාඩු වේසිගෙ පුතාලා එක්ක අම්මට හු#$&*#@ )!
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බලපන් උන් එච්චර දේවල් කරන කොට අපේ පොන්න වේසිගෙ පුතාලා ඇලෝෂියස් ගේ සල්ලි ගත්ත උන් , හොරු කුපාඩියෝ, මන්ද බුද්ධිකයෝ, තමිල්නාඩු වේසිගෙ පුතාලා එක්ක අම්මට හු#$&*#@ )!
    :(
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ela.

    You must spread some Reputation around before giving it to araki again.