https://pitaka.lk/books/bhavana-margaya/
“අයං කම්මභූමි ඉධ මග්ගභාවනා
ඨානානි සංවෙජනීයා බහූ ඉධ,
සංවෙග සංවජනියෙසු වත්ථුසු
සංවෙග යුත්තො’ව පයුඤ්ජ යොනිසො."
1. මේ අපට හමු වී ලැබී තිබෙන්නේ, තම තමනට අයත් ප්රතිපදාවන් සපුරා සිදුකර ගැනීමට සුදුසු වූ හොඳට මැ, ඉඩ ඇති, අවකාශ ඇති, භූමියෙකි. ස්ථානයෙකි. එයද පවා දුලබ ය.
2. මේ අපට හමු වී ලැබී තිබෙන්නේ, කඩ නොකොට ප්රතිපදාවන් ඉතා හොඳින් සපුරා ගැනීමට පිළිවන් වන අවදියෙකි. අවස්ථාවෙකි. මෙයද බොහෝ දුලබ ය.
3. මේ භූමියේ ද, මේ ලැබගත් අවදියේදී ද, දුකින් නිදහස් වීමට ඕනෑම කරන කෙලෙස් ගිනි නිවාලීමට සමත්, මග ඵල ලැබ ගැන්මට උදවු වෙන, ශමථ විදර්ශනා භාවනාවන් කළහැකි වෙයි. කර ගැනීමට පිළිවන් වෙයි. මෙය ද ඉතාමත් දුලබ කරුණෙකි.
4. මේ කියන ලද භූමියේ දී මැ, මේ කියන ලද අවදියේ දී මැ, අපට පහළ කරගැන්මට ඕනෑ කරන සංවේගය මැනැවින් මතු කර ගැනීමට උපකාර වන නිසි කරුණු බොහෝ සෙයින් ඉබේටම හමු කරගත හැකි වෙයි. මෙය ද දුලබ කරුණෙකි.
හොඳින් සලකා බලන්න. අපට හමුවෙන මිනිස් සතුන් දෙස බලන්න. ඉනට වතක් නැතිව, කුසට අහරක් නැතිව, විසීමට නිවහනක් නැතිව, අඳව, බිහිරිව, ගොළුව, කොරව, මුළු සිරුරෙන් පෙළෙන සුලුව වැලපෙන මිනිස් සතුන් ඔබට පෙනෙනු ඇත. මේ පමාවීමේ වරද නොවේ ද? දුකින් පෙළෙන තිරිසන් සතුන් ඔබට පෙනෙනු ඇත. ඔබට නො පෙනෙන ප්‍රේත සතුන් හා නරකවල බිහිසුණු දුක් විඳිනා නිරා සතුන් ගැන සිතන්න. මේ පමාවීමේ වරද නොවේ ද? අද ඔබටත් අපටත් ලැබී තිබෙන්නේ මේවා ගැන දැන ගෙන උත්සාහවත් වී මෙයින් නිදහස් වීමට වැඩ කරගත හැකි උතුම් අවස්ථාවෙකි. විමසුම් සිත් යොදන්න.
5. එහෙයින් මෙසේ කාලාන්තරයෙකින් දුලබව ලැබෙන, ඉතා අගනා ප්රයෝජනයන් රැසේ අගය - වටිනාකම හොඳට තේරුම් ගෙන එය පැහැර නො දමා, සංවේගයටත් සංවේජනයටත් හේතු නුවණින් සලකා, සංවේගය පහළ කර ගෙන මැ ඒ ප්‍රතිපදාවේ යෙදෙන්න.