ශරියා මද්‍රසා හලාල් ගැන ප්‍රශ්න ටිකක්

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හලාල් මගින් අදහස් වන්නේ විශේෂයෙන්ම සතුන් සම්බන්ධ ආහාර ඉස්ලාමීය නීතිය අනුව සකස් කර තිබෙන බවයි. එහි මූලික අරුත එහි ඌරුමස් හා මත්පැන් අඩංගු නොවන බව
    හලාල් මුස්ලිම් ජනයා සඳහා අත්‍යවශ්‍ය හා මුස්ලිම් නොවන ජනයා සඳහා වරදක් නැති දෙයක් බව අවධාරණය කළ යුතුය. මෙය කැනඩාවේ සිට ඉන්දියාව දක්වා ලොව පුරාම තිබේ. ශ්‍රී ලංකාවද හලාල් ක්‍රියාවලියක් ගොඩනඟා ගත්තේ වසර ගණනාවක් තිස්සේ ක්‍රමානුකූලවයි. එය පිටින් ආ දෙයක් නොවේ. අපි වසර ගණනාවක් තිස්සේ මුස්ලිම් හා මුස්ලිම් නොවන භේදයකින් තොරව එකට ආහාරගනිමින් සිටිමු. එය විසින් ශ්‍රේෂ්ඨ ආහාර සංස්කෘතියක් බිහි කර තිබේ.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ‘හලාල්’ සහතික ලත් ආහාර යනු මොනවාද?

    ‘හලාල්’ යන යෙදුම අද දවසේ ‘හලාල් ආහාර’, ‘හලාල් අමුද්‍රව්‍ය’ සහ ‘හලාල් සහතික ලත් ආපන ශාලා’ යනාදී විවිධ තැන්වල නිතර භාවිතා වන යෙදුමක් බවට පත්වී ඇත. එහෙත් ‘හලාල්’ පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැති වීම නිසා ශ‍්‍රී ලංකාව තුළ එය විවිධාකාරයේ මතභේදවලට තුඩුදී තිබේ.


    හලාල් යනු අරාබි වචනයකි. එහි අරුත වන්නේ ‘ඉස්ලාම් ආගමට අනුව අවසර ඇති දේවල්’ යන්නයි. ආහාර සම්බන්ධයෙන් ගත්විට මෙය ඒ සඳහා යොදන අමුද්‍රව්‍යවල සිට ආහාර සැකසීම, ඇසුරුම් කිරීම සහ බෙදාහැරීම දක්වාම අදාළ වේ.


    වසර ගණනාවක පටන් ලොව පුරා හලාල් සහතික ලත් නිෂ්පාදන සඳහා ඇති පිළිගැනීම සහ හලාල් ආහාර සඳහා ඇති ඉල්ලූම දැවැන්ත ලෙස ඉහළ යමින් පවතී. මෙම සහතිකය මගින් හලාල් ප‍්‍රමිතීන් අපේක්ෂා කරන පාරිභෝගිකයන් තුළ විශ්වාසය ඇතිවීම සහ හලාල් සහතිකකරණය ලබාගැනීම මගින් මුස්ලිම් පාරිභෝගිකයන් තම නිෂ්පාදන මිලදීගැනීමට පෙළඹෙන බව සමාගම් විසින් වටහාගනු ලැබීම වැනි සාධක මීට බලපා තිබේ.


    කිසියම් නිෂ්පාදනයකට අදාළ නිෂ්පාදන ක‍්‍රියාවලිය පුරා කිසිදු අවස්ථාවක ‘හරාම්’ ද්‍රව්‍ය භාවිතා නොකෙරෙන බවට හලාල් සහතිකය මගින් තහවුරු කරනු ලබයි. හරාම් යනු ඉස්ලාම් ධර්මයට අනුව තහනම් වන ද්‍රව්‍යයි. ඌරු මස් හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන, මත්පැන් හා මත්ද්‍රව්‍ය, පරිභෝජනයට නුසුදුසු හෝ වැරදි ලෙස ඝාතනය කරන ලද සතුන්, රුධිරය හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන, මිනිස් ශරීර කොටස්, උරගයින්, කෘමි සතුන්, විෂ සහිත ද්‍රව්‍ය, මාංශ භක්ෂක සතුන් හා මාංශ භක්ෂක පක්ෂීන් ආදිය මීට ඇතුළත් වේ.


    මස් සඳහා ඝාතනය කරන ලද ඌරන්ගෙන් ජෙලටින් වැනි නිෂ්පාදන මෙන්ම සබන්, රූපලාවණ්‍ය ද්‍රව්‍ය, ග්ලිසරින්, සහ ඇතැම් ඖෂධ වර්ගද නිපදවනු ලැබේ. සත්ව සිරුරුවල කොටස්වලින් සොසේජ්වල පිටත ආවරණය, ජෙලි සහ යෝගට් සඳහා යොදන ජෙලටින් ආදිය නිපදවනු ලබයි. කේක්, අයිස්ක‍්‍රීම් සහ චොක්ලට් ආදිය නිෂ්පාදනයට මත්පැන් යොදාගනී. මිනිස් හිසකෙස් සහ කුරුළු පිහාටුවලින් ලබාගන්නා L-Cysteine බේකරි නිෂ්පාදන සහ රසකාරක සඳහා යොදාගනු ලබයි. ස්වාභාවික ආහාර වර්ණක සෑදීම සඳහා කොචිනිල් (Carminic Acid -E120) වැනි කෘමි සතුන් භාවිතා වේ.


    විවිධාකාරයේ නිෂ්පාදනවලට හලාල් නොවන ද්‍රව්‍ය පිවිසෙන ආකාරය ඉහත උදාහරණය මගින් පැහැදිලි වනු ඇත. සාමාන්‍ය ඇසුරුම් මත මෙවැනි තොරතුරු සඳහන් නොවන අතර හලාල් නිෂ්පාදන පමණක් මිලදීගන්නා පාරිභෝගිකයන්ට එය ගැටලූවකි.


    හලාල් සහතිකකරණය ලබාගැනීම සඳහා නිෂ්පාදන ක‍්‍රියාවලියේ කිසිදු අවස්ථාවකදී, භාවිතා කරන කිසිදු තාක්ෂණයකදී හෝ සැකසුම් විධික‍්‍රමයක් තුළදී හරාම් ද්‍රව්‍ය භාවිතා නොකළ යුතු ය. සැකසුම් විධික‍්‍රම යන්නට එන්සයිම (Enzyme) භාවිතය (චීස් නිෂ්පාදනයේදී), පැහැදිලිකාරකයක් ලෙස ජෙලටින් භාවිතය (ඇතැම් පලතුරු බීම වර්ග සැකසීමේදී) සහ පිරිසිදු කිරීමේ ක‍්‍රියාවලිය සඳහා සක‍්‍රීය කාබන් භාවිතය (ආහාරයට ගත හැකි තෙල් වර්ග නිෂ්පාදනයේදී) ආදිය ඇතුළත් වේ.


    මීට අමතරව ආහාර සැකසීමේදී එක්කරන අතිරේක ද්‍රව්‍ය මගින්ද හරාම් නිෂ්පාදන එක්වීමක් සිදු නොවන බවට නිෂ්පාදකයන් වගබලාගත යුතු ය. මුදාහැරීම් ද්‍රව්‍ය, ලිහිසි ද්‍රව්‍ය, පෙරීම් ද්‍රව්‍ය, කැටිගැසීම වැළැක්වීමට යොදන ද්‍රව්‍ය, වර්ණ ඉවත් කිරීමට යොදන ද්‍රව්‍ය ආදිය මීට ඇතුළත් ය. මේවා සාමාන්‍යයෙන් අන්තර්ගත ද්‍රව්‍ය ලයිස්තුවේ සඳහන් කරනු නොලබන බැවින් මේවා නිෂ්පාදන ක‍්‍රියාවලියේදී යොදාගැනෙන බව පාරිභෝගිකයෝ නොදනිති. එමගින් නිෂ්පාදන අවසන් වශයෙන් හලාල් නොවන නිෂ්පාදන බවට පත්වේ.


    හලාල් සහතිකකරණයේ තවත් වැදගත් අංග දෙකක් වන්නේ පවිත‍්‍රතාව ආරක්ෂා කිරීම සහ විවිධ ක‍්‍රම මගින් අපවිත‍්‍ර වීම වැළැක්වීමයි. හලාල් සහතික ලැබූ කර්මාන්ත ශාලාවක් උපරිම වශයෙන් පවිත‍්‍රතාව ආරක්ෂා කරගැනීම අත්‍යවශ්‍ය ය. උදාහරණයක් ලෙස කර්මාන්තශාලාවේ සියලූම සේවකයන් අත් සහ නියපොතු පිරිසිදුව තබාගත යුතු අතර ආහාරවලට හිසකෙස් ආදිය වැටීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු වේ.
    එමෙන්ම හලාල් සහතික ලද කර්මාන්ත ශාලා ආහාර ගබඩා කිරීමේදී සහ සකස් කිරීමේදීද යහපත් ක‍්‍රමවේද අනුගමනය කළ යුතු අතර කල් ඉකුත් වූ අමුද්‍රව්‍ය කිසිවක් කිසිදු අවස්ථාවක භාවිතා නොකළ යුතු වේ. මේ සියල්ල නිසා අදාළ නිෂ්පාදන හලාල් නොවන ද්‍රව්‍යවලින් තොර බවත්, පරිභෝජනයට අහිතකර ද්‍රව්‍ය එක්වී නොමැති බවත් සහතික වෙයි.


    හලාල් සහතිකකරණය ලබාගැනීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා අදාළ සමාගම් ඉතාමත් දැඩි ඇගයුම් ක‍්‍රමවේදයකට මුහුණදී ඉන් සමත් විය යුතු අතර කලින් කලට දන්වා හා නොදන්වා යළි යළිත් අධීක්ෂණයන් සිදුකෙරේ. සාමාන්‍යයෙන් හලාල් සහතිකය වසරක කාලයක් දක්වා වලංගු වන අතර එය කල් ඉකුත්වීමට පෙර අලූත් කරගත යුතු ය.


    හලාල් ආහාර මුස්ලිම්වරුන්ගේ පරිභෝජනය සඳහා පමණක් වෙන්වූ ආහාර යයි වැරදි මතයක් සමාජයේ ඇතැම් පිරිස් අතර ගොඩනැගී ඇත. එහෙත් ඇත්ත වශයෙන්ම මේවා මුස්ලිම්වරුන්ට පරිභෝජනය සඳහා අවසර ඇති ආහාර වර්ග මිස ඔවුන්ට පමණක් වෙන්වූ ආහාර නොවේ. තවත් වැරදි මතයක් නම් හලාල් ආහාර යනු දෙවියන්ට කැපවූ ආහාර බවයි. හලාල් ආහාර යනු මිනිස් පරිභෝජනයට ගනු ලබන ආහාර වන අතර ඒවා දේව පූජා වැනි කටයුතු සඳහා භාවිතා නොකෙරේ.


    හලාල් සහතිකකරණය යනු සමාජය භේද කිරීමේ පියවරක් බව ඇතැම්හු පවසති. ඇත්ත වශයෙන්ම එය පාරිභෝගිකයන්ට තමන්ට සුදුසු ආහාර වර්ගය තෝරාගැනීම සඳහා නිදහස ලබාදෙන අවස්ථාවක් පමණි. එමෙන්ම එය මුස්ලිම් නොවන ව්‍යාපාරිකයන්ට මුස්ලිම් සමාජයට අවශ්‍ය නිෂ්පාදන සැපයීමේ අවස්ථාව සලසා දෙයි.


    හලාල් ප‍්‍රතීතන කවුන්සිලය [Halal Accreditation Council (Guarantee) Limited (HAC)], ප‍්‍රවීණ ව්‍යාපාරිකයන් හා පූජකවරුන් පිරිසකගේ අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක වන එය ශ‍්‍රී ලංකාව තුළ හලාල් සහතිකකරණය නිකුත් කිරීම සිදුකරයි. විශ්වාසනීය කළමනාකරණ ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඊට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් ISO 9001:2015 සහතිකකරණය පිරිනමා ඇත. ලොව පිළිගත් හලාල් සහතිකකරණ ආයතන බහුතරයක් විසින් මෙම සංවිධානය මගින් නිකුත් කරනු ලබන හලාල් සහතිකය පිළිගනු ලබන අතර ඊට ලෝක හලාල් ආහාර කවුන්සිලයේ සාමාජිකත්වයද හිමිවී තිබේ. මේ ආකාරයට විධිමත් හා පිළිගත් සංවිධානයක් ලෙස ක‍්‍රියාත්මක වීමට හැකිවීම එම සංවිධානය සලකනුයේ තමන් ලද ගෞරවයක් ලෙසිනි.


    මේ අනුව අවසන් වශයෙන් පැවසිය හැක්කේ හලාල් ප‍්‍රතීතන කවුන්සිලය මගින් ලබාදෙන හලාල් සහතිකකරණය යනු හලාල් නිෂ්පාදනයක අගය තවත් වැඩිකරන සහතිකකරණයක් බවයි.


    (ශ‍්‍රී ලංකා හලාල් ප‍්‍රතීතන කවුන්සිලය මගින් යොමුකරන ලද ලිපියකි)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ෂරියා නීතියෙන් කරන්නේ කුමක්ද?

    අල් කුරානය සහ මුහම්මද් නබිතුමාගේ ඉගැන්වීම් ඇසුරෙන් ‘ශරියා නීතිය’ සැකසී ඇත. ෂරියා නීතියෙන් මිනිසාට නිවැරදි දහම් මග පෙන්වා දෙන්නේය. ඒ අනුව මිනිස් ජිවිතයේ පිළිපැදිය යතු සෑම දෙයක්ම ඉන් ආවරණය කෙරෙන්නේය. එනම් කෙනෙක් අවදි වීමේ සිට නැවත නින්දට යන තුරු අවශ්‍ය කරන සෑම දෙයක්ම එහි ඇතුලත්ය. මිට අමතරව ෂරියා නනීතියේ ඇති දඬුවම් වලින් කෙරෙන්නේ මිනිසුන්ට නිදහසේ ජිවත්විය හැකි පරිසරයක් නිර්මාණය කර දීමය. ඒ අනුව සමාජයේ යහ පැවැත්මට බදා කරන වැරදි තුරන් කිරීම සඳහා ඒවාට දැඬි දඬුවම් නියම කොට ඇත. මේ නිසා ෂරියා නීති පවතින රටවල්වල සොරකම, ස්ත්‍රී දුෂණ, මංකොල්ල කෑම වැනි විශාල වැරදි ඉතාමත්ම අඩුය.ෂරියා නීති වලින් බලාපොරොත්තු වන්නේ මිනිසාට උපරිම වශෙයන් සහය ලබා දී නිවැරදි මාර්ගය වෙත යොමු කිරීමය. ඒ අනුව මිනිස් ඝාතකයෙකුට පවා සමාව ගැනීමට හැකිවන පරිදි නීති සකස් කොට ඇත. එපමනක් නොව අනෙකුත් වැරදි සඳහාද එලෙසම සමාව ගැනීමට අවකාශ සලසා දී තිබේ. ඒවා වෙන වෙනම පහතින් විස්තර කොට ඇත.

    මිනිස් ඝාතන සඳහා ෂරියා නිතිය :

    මිනිස් ඝාතකයෙකුට ෂරියා නීතියෙන් එකවරම මරණ දඬුවම නියම කරන්නේ නැත. ඒ අනුව චුදිතයෙකුගේ ජිවත් වීමේ අයිතිය සැලකිල්ලට ගෙන පැමිණිලි පාර්ශවයෙන් සමාව ගෙන නිදහස් වීමට ෂරියා නීතියෙන් අවස්ථාවක් ලබාදෙන්නේය. එය අසාර්ථක වූ විට වන්දියක් ගෙවා නිදහස් වීමට අවකාශ සලසා දී තිබේ. එම අවස්ථා දෙකම අසාර්ථක වූ විට පමණක් ෂරියා නීතිය අනුව මිනිස් ඝාතකයෙකුට උසාවියකදී මරණ දඬුවම නියම කෙරෙන්නේය. මෙය ශරියාව හැර වෙනත් නීතිවල සුලබව දැකිය නොහැකි තත්වයකි. කෙසේ වෙතත් ෂරියා නීතිය අනුව දඬුවම ක්‍රියාත්මක කරන්නේ ජනතාවට දැකිය හැකි පරිදිය. එමගින් අනෙක් අයට පුර්වාදර්ශයක් ලබා දෙන්නේය. මෙම ක්‍රමය නිසා ෂරියා නීති ක්‍රියාත්මක වන රටවල්වල වැරදි කරන අයගේ විශාල අඩුවක් දැකිය හැකිය.

    විවාහය:
    ෂරියා නීතිවලින් විවාහ නොකළ යුතු අයගේ නාම ලැයිස්තුව ලබා දී ඇත. එබැවින් එම කාණ්ඩයට අයත් කාන්තාවන් හැර වෙනත් ඕනෑම කාන්තාවක් සමග විවාහ විය හැකිය. එසේම විවාහ වීමට සුදුසු වයස් සීමාව කුමක්දැයි ලබා දී ඇත. එබැවින් තමන්ගේ උවමනාව අනුව විවාහයට ඇතුලත් වීමටතිබෙන අයිතියට බදා පමුණුවා නොමැත. මේ හේතුවෙන් සෑම කෙනෙකුම එම වයස් සිමාවේ ඉහල අගය තෝරා ගත යුතු යැයි හෝ අවම සීමාව තෝරාගත යුතු යැයි බල කිරීමක් කර නොමැත. එම නිසා අවශ්‍යතාවය අනුව සුදුසු වයසකදී විවාහ වීමේ අයිතියට ෂරියා නීතියෙන් බදා පමුණුවා නොමැත.


    බහු විවාහය:

    ෂරියා නීතියෙන් විවාහ හතරක් කර ගැනීමට ඉඩ සලසා තිබීම බොහෝ අයගේ විවේචනයට කාරණාවක් වෙතත් එම අවසරය සමග දී ඇති කොන්දේසි දෙස බලන කල බොහෝ අයට එක් විවාහයක් පමණක් කිරීමට සිදු වන්නේය. බහු විවාහයට අවසර දී තිබෙන්නේ භාර්යාවන් අතර සාධාරණය ඉටු කල හැකි නම් පමණි. එය කල නොහැකි නම් එක් විවාහයක් පමණක් කරන ලෙස ශරියාවෙන් නියෝග කොට ඇත. මෙය තේරුම් නොගත් අය සිතන්නේ සෑම මුස්ලිම්වරයෙකුම විවාහ හතරක් කරගන්නා බවයි. එහෙත් ලංකාව වැනි රටක පවතින සමාජ ක්‍රමය අනුව එක් විවාහයකට වඩා කරගත් අය ඉතාමත් අඩුවෙන් දැකිය හැකිය. එය 1% ක් හෝ ඊටත් වඩා අඩු අගයක් ගන්නේය.

    කාමය වරදවා හැසිරීම:

    ෂරියා නීතියට අනුව කාමය වරදවා හැසිරීම උසාවියකදී තහවුරු කළහොත් මරණ දඬුවම ක්‍රියාත්මක කල යුතුය. එහෙත් එවැනි වරදක් කල බවට චෝදනා කිරීම සඳහා සිව් දෙනෙකුගේ ඇසින් දුටු ශාක්ෂි අවශ්‍ය වේ. එහෙත් එය පහසු කාර්යයක් නොවන නිසා මෙම දඬුවම ක්‍රියාත්මක කිරීම ඉතා දුෂ්කරය. ඒ අනුව කාමය වරදවා හැසිරීම වෙනුවෙන් දඬුවම් කල හැක්කේ ස්වෙජ්ජාවෙන් වරද පිළිගන්නේ නම් පමණි. කෙසේ වෙතත් එවැනි වරදක් වුවද බලධාරීන් හමුවට යාමට පෙර ඒ සඳහා පසුතැවිලි වන්නේ නම් දෙවියන්ගෙන් සමාව ලැබීමට අවස්ථාව උදා කර දී තිබේ. එහෙත් ඉස්ලාම් නොවන බොහෝ අයට මේ පිළිබඳව ඇත්තේ ඉතා අල්ප දැනුමක් බැවින් ඉස්ලාම් දහම ගැන වැරදි ආකල්ප දරති. කෙසේ වෙතත් ෂරියා නීතියේ පවතින දැඩි ස්වභාවය නිසා මුස්ලිම්වරුන් අතර කාමය වරදවා හැසිරීම ඉතා අවම මට්ටමක තිබෙනු දැකිය හැකිය.

    ඇඳුම:
    ෂරියා නීති වලින් කෙනෙකුගේ ඇඳුමේ සීමාවන් පෙන්වා දී තිබේ. ඒ අනුව ඕනෑම කෙනෙකුට එම සීමාවන්ට අනුකුලව ඇඳුම ඇඳිය හැකිය. මේ නිසා සමාජයට අහිතකර අන්දමේ ඇඳුම් ඇඳීම ඉස්ලාම් දහමින් අනුමත කරන්නේ නැත. මෙවැනි නීති නොමැති වීමේ ප්‍රතිපලයක් ලෙස ඇතැම් අය එක් අන්තයකට ගොස් තනපට සහ නිකරය පමණක් ඇඳගෙන පාර තොටේ යති. කෙසේ වෙතත් මෙම ඇඳුම් ක්‍රම දෙනින් ඇතිවන ප්‍රතිපල ගැන බුද්ධිමතුන්ට තේරුම් ගැනීමට හැකිවිය යුතුය.

    සොරකම:

    යම් සීමාවකට වඩා වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩයක් සොරකම් කිරීම වෙනුවෙන් අත කැපීමට ශරියාවෙන් නියම කොට ඇත. එහෙත් එවැනි වැරදි වලට ඇතැම් අවස්ථාවලදී සමාජය තුල මිනීමැරුම් පවා සිදු වන්නේය. ඒ අනුව බලන කල සොරකම් කල පාර්ශවයන්ට ශරියාවෙන් නියම කොට ඇත්තේ ඊට වඩා ලිහිල් දඬුවමකි. කෙසේ වෙතත් සොරාව බලධාරීන් හමුවට ඉදිරිපත් කිරීමට පෙර ඔහු හෝ ඇය කල වරද අනෙක් පාර්ශවය සමග සමතයකට පත්කර ගන්නේ නම් දෙවියන්ගෙන් සමාව ගැනීමට අවස්ථාව උදා කර ගත හැකිය. එවිට වරද කරුගේ අත කැපීමට සිදු වන්නේ නැත. එහෙත් මුස්ලිම් නොවන බොහෝ අය ඉස්ලාම් දහම ගැන නිවැරදි දැනුමක් නොමැති කමින් සිතන්නේ සොරකම් කල සෑම කෙනෙකුගේම අත කැපීම අනිවාර්ය බවයි. එහෙත් සොරකමට පනවා ඇති නීතියේ ස්වභාවය නිසා ෂරියා නීති ක්‍රියාත්මක වන රටවල්වල සොරකම ඉතා අඩුවෙන් දැකිය හැකිය. එම හේතුවෙන් මිනිසුන්ට සැනසීමෙන් ජිවත් වීමට අවකාශ සැලසෙන්නේය. ආභරණ පැළඳගෙන පාරතොටේ ගමන් යා හැකිය.

    යුද්ධය:

    ෂරියා නීතියෙන් සතුරා යුද්ධය ආරම්භ කල පසු ඊට එරෙහිව යුද්ධ කිරීම සඳහා අවසරය පිරිනමා තිබේ. මෙම අවසරය නොතිබුනේ නම් සතුරු ආක්‍රමණයකදී කුමක් කල හැකිද? ෂරියා නීතියේ පමණක් නොව ඕනෑම රටක යුද්ධ නිතිය සහ සිවිල් නීතිය යැයි කොටස් දෙකක් තිබේ. එහෙත් බොහෝ අය වැරදි දකින්නේ ෂරියාවෙන් ලබා දී ඇති එම අවසරය ගැන පමණි. මේ නිසා ඇතැම් අය අල් කුරානයේ තිබෙන යුද්ධයට ආදාළ වැකි එහි සන්දර්භයෙන් බැහැරව කරුණු ඉදිරිපත් කරමින් දොස් කියති. කෙසේ වෙතත් එසේ කිරීම ඔවුන්ගේ දැනුමේ ඇති අඩුවක් මිස දහමේ ඇති දෝෂයක් නොවේ.

    ආගමික නිදහස:
    ඕනෑම කෙනෙකුට තමන් කැමති දහමක් පිළිපැදීමේ නිදහස ෂරියා නීතියෙන් ස්ථාපනය කොට ඇත. එහෙත් අල් කුරානයෙන් වැරදි මාර්ගයෙන් නිවැරදි මාර්ගය වෙන්කොට පෙන්වා දී තිබේ. එයත් සමගම ඉස්ලාම් දහම් පිළිපදින්නැයි බලකිරීමක් නොමැති බව කුරානයේ අවධාරණය කොට ඇත. මේ නිසා නිවැරදි දහම කුමක්දැයි තෝරා ගැනීම මිනිසාට පවරා තිබෙන වගකීමක් බවට පත්කොට ඇත.

    අල් කුරානයේ ඇති වැකි 6236 න් ඉහත දැක්වෙන කරුණු සඳහා වෙන් කොට ඇත්තේ 10% කට වඩා අඩුවෙනි. අනෙක් වැකිවලින් මිනිසාගේ අධ්‍යාත්මික ගුණ වගාව සඳහා අවශ්‍ය කරුණු පැහැදිලි කොට ඇත. තවද මරණයෙන් පසු ජීවිතය ගැන මිනිසාට දැනගත යුතු කාරණාවන් එහි සඳහන් වන්නේය. ඒවා දේව පණිවිඩයකින් ම මිස දැනගත කැකි වෙනත් ක්‍රමයක් නොමැත.

    By Fasy Ajward. B.Sc (Sp.Phy) Hons.Jpura,

    Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ෂරියා මූල්‍ය ආයතන යනු කුමක්ද?

    ශ්‍රී ලංකාව තුල වාණිජ බැංකු සහ විශේෂිත බැංකු සඳහා ශරියා නීතියට අනුකුලව ඉස්ලාමීය බැංකුකරණයේ යෙදීමට 2005 වසරේදී 1988 අංක 30 දරන බැංකු පනත සංශෝධනය කරන ලදී. ඉන් පසු මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකුකරණයේ යම් වර්ධනයක් දක්නට තිබේ. මේ වන විට බොහෝ බැංකු හා ඉස්ලාමීය මුල්‍ය සමාගම් ඉස්ලාමීය මුල්‍ය සේවා සපයනු ලබන අතර ඉහත සඳහන් කරන ලද ඉස්ලාමීය මූල්‍ය මෙවලම් බහුතරයක් මෙම ආයතන විසින් භාවිතා කරයි. මෙම සේවා ලබාගන්නා පිරිසෙන් බහුතරයක් ඉස්ලාම් භක්තිකයන් වන අතර ඉස්ලාම් නොවන ගනුදෙනුකරුවන් ප්‍රතිශතය 20% පමණ වේ. ව්‍යාපාරිකයෙකු වශයෙන් සාම්ප්‍රදායික මුල්‍ය මෙවලම් වලට අමතරව ඉස්ලාමීය මූල්‍ය මෙවලම් පිළිබඳවද හොද අවබෝදයක් තිබීම වැදගත් වේ. මෙමගින් උචිත අවස්ථාවන්හි ඉස්ලාමීය මුල්‍යකරණයේ යේදීමෙන් එහි ඇති වාසි ව්‍යාපාරයට ලබාගැනීමට හැකි වනු ඇත.
     
    • Like
    Reactions: thinking_guy

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ශ්‍රී ලංකාවේ පැතිරුණු අන්තවාදය තේරුම් ගන්න උත්සාහයක් මේ.
    මේම ෆොරමය තුළ විවිධ ත්‍රෙඩ් තුල දුටු උත්තර අපැහැදිලි ප්‍රශ්න ගැන ඔබට ගොණුකලා. මගේ අදහසත් සමග.
    නිවැරද්ද දැනගන්න කැමතියි.

    sharia_law_fb.jpg


    Hyaenidae මෙම්බර්ගේ පෝස්ට් එකක කොටසක් දැක්කම හිතුනේ මේ වගේ දැනුම අවශ්‍ය ප්‍රශ්න ගොඩක් මටත් ඇති බව.



    මෙන්න ප්‍රශ්න කිහිපයක්.
    හොයමුද උත්තර? දැනුම ශෙයා කරන්න




    1. ශරියා නීතිය හා මුස්ලිම් නීතිය අතර වෙනස ගැන දන්නවද?

    2. මුස්ලිම් නීතිය යටතේ ක්‍රියාත්මක කරන දේවල් රෝමන් ඩච් ලෝ සමග ගැටීමක් වුවහොත් කුමක් වේද? (උදාහරණය: ත්‍රස්තවාදී හෂ්මි ගේ බිරිඳ වයස 23 කි. ඇයගේ වැඩිමහල් දරුවාගේ වයස අවුරුදු 8කි. අවුරුදු 15 දි දරුවකු ප්‍රසූත කොට ඇත.)

    3. ෂරියා මූල්‍ය ආයතන යනු කුමක්ද? ලංකාවේ ආරම්භ වී කොපමණ කාලයක්ද? ඊට පෙර මුස්ලිම් ජනතාව ගණදෙනු කළේ කෙලෙසද?

    4. ඔබ ලංකාවේදී බුර්කාව හෝ නිකාබය පැළැඳ සිටින කාන්තාවන් මුලින්ම දුටුවේ කවදාද?

    5. හලාල් ආහාර ලංකාවට හඳුන්වාදුන්නේ කවදාද? උලමාවරුන් නමින් හැඳින්වෙන කොට්ඨාශයක් හලාල් වචන සමග ලාංකිකයන්ට දක්නට ලැබුනා. ඒ කවුරුන්ද?

    6. අරාබි අකුරු සහිත දැන්වීම් ප්‍රදර්ශනය සම්බන්ධ සාමාන්‍ය නීතිය කුමක්ද? ආගමික ආයතනයක මාර්ගයට ප්‍රදර්ශනය කිරීම, රාජ්‍ය ආයතනයක හෝ පොදු ස්තානයක ප්‍රදර්ශනය කිරීම (අරාබි අකුරු ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවක් නොවේ. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් නිති සම්පාදනය කර ඇති බව දනිමි )

    7. ආගමික ස්ථානවල ශබ්දවාහිනී භාවිතය සබන්ධයෙන් නීතිය කුමක්ද? වෙනම අවසර පත්‍ර නිකුත් කිරීමක් සිදුවේද? තීව්‍රතාවයේ සීමාවන් කුමක්ද?
    දිනය පුරා වරින්වර 24 x 7 වාදනය වන හඬ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ගයක් නැද්ද?

    8. මද්‍රසා අධ්‍යාපන ආයතන බිහිවූයේ කවදාද? රජයේ නියාමනයක් තිබේද? ගුරුවරු පත්කිරීම රජයේ මැදිහත්වීමක් නොමැතිව සිදුවන්නේ නම් අදාළ බඳවාගැනීම් කරන්නේ කවුද?

    9. මුස්ලිම් පල්ලි ලියාපදිංචි නොකොට පවත්වාගෙන යා හැකිද? ඒ සඳහා බාධාවක් නොමැති නම් එවැනි ආගමික මධ්‍යස්තාන ප්‍රමාණයෙහි සීමාවන් තිබේද?

    10. තව්හිද් ජමාත් යනු ත්‍රස්තවාදී සංවිධානයක නමක් නොව ත්‍රස්තවාදීන් විසින් එක් තව්හිද් ජමාත් ආයතනයක් පොළඹවාගේන ත්‍රස්තාවාදී ක්‍රියා කළ බවක් කියයි. තව්හිද ජමාත් ආයතන ආරම්භ වූයේ කවදාද? ඒවා ලියාපදිංචි ආයතනද? (ලියාපදිංචි නොකල සංගමයක් නම් එනමින් ගිණුම් පවත්වාගෙන යා නොහැකිය )

    bump