ශලනි ට

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ශලනි ට ‘ඇලියෝන්’ රිය දුන්නේ කවුද?

    Shalani.jpg

    සිරස කුමරිය ලෙස අභිෂේක වෙමින් වර්තමානයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් බවට පත්ව සිටින ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා විජේබණ්ඩාරට අලූත්ම ඇලියෝන් මෝටර් රියක් මීගමුවේ මෝටර් රථ අලෙවිසැලක හිමිකරුවෙක් විසින් තිළිණයක් ලෙස ලබාදී ඇතැයි වාර්තා වේ.

    මෙම තිළිණය දුන් ව්‍යාපාරිකයා ටෙලි නාට්‍ය නිෂ්පාදකයෙක් බවත්, ඔහු තරමක් තලතුනා අයෙක් බවත් පැවසේ.

    මේ අධ්‍යක්‍ෂවරයා නිළියන් සමඟ හාදවීමට මනාප අයෙකු බවත්, මොහු අනූව දශකයේ ජනපි‍්‍රය සිනමා නිළියන් දෙදෙනෙකු සමඟම හාදවී සිටි බවද මේ අතර, වාර්තා වේ.

    කෙසේවුවද ශලනිගේ හිත මේවන විට දිනාගෙන සිටින්නේ නැගී එන නළුවෙකු හා නිරූපන ශිල්පියකු වන හේමාල් රණසිංහ බවත් පැවසේ.

    පසුගියදා ශලනි, හේමාල් කැටුව චැලෙන්ජර්ස් චිත‍්‍රපටය නැරඹූ බවද වාර්තා වේ.

    ශලනිගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර, ඇගේ මව රූපලාවන්‍ය ශිල්පිනියකි.

    බලංගොඩ ශාන්ත ඇග්නස් කන්‍යාරමයෙන් මූලික අධ්‍යාපනය ලද ඇය පසුව නිව්ස්ටඞ් බාලිකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබාගත්තාය.

    වසර 2007 දී සිරස කුමරිය ලෙස අභිෂේකවූ ශලනි, සිය මුල්ම රංගන දායකත්වය සපයනු ලැබුවේ ශර්ලි පී. දෙලංකාවලගේ පූජාසනය ටෙලි නාට්‍ය සඳහාය.

    පසුව ඇය, ඉසුරු බවන, හන්සි, සමනලී, අපි අපි වගේ, ගඟ අද්දර හා සඳ සඳ වගේ ටෙලි නාට්‍ය හරහා ජනාදරයට පත් වූවාය.

    ශලනි, හීරෝ හොන්ඩා, රයිනෝ හා ජැනට් වැනි වෙළෙඳ දැන්වීම් සඳහා ද නිරූපිකාවක් ලෙස ද එක්ව තිබේ.


    Shalani Tharaka.jpg

    Code:
    http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=4581:2011-05-19-11-51-24&catid=67:2010-11-08-15-13-17&Itemid=192