ශල්‍යකර්ම සදහා අතීතයේ භාවිත වු භයානක මෙව&#3517

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,831
    8,053
    113
    මෙන්න මෙතන...
    ශල්‍යකර්ම සදහා අතීතයේ භාවිත වු භයානක මෙව&#3517

    ශල්‍යකර්ම සදහා අතීතයේ භාවිත වු භයානක මෙවලම්..

    මෙම ලිපිය නම් ඔබගේ සතුට දනවන එකක්දැයි නොදනිමි. මන්ද මෙම බියජනක පැරණි කාලයේ සැත්කම් උපකරණ දකින රෝගියා පවා තම රෝගය කෙසේවෙතත් බිය නිසාම මියගියාදෝ යන සැකයත් මතුවේ. කෙසේ නමුත් මෙම සමහර උපකරණ පිළිබද යමක් පැවසීමට මගේ ශබ්දකෝශයේ වචන හිඟකම හෝ වෛද්‍ය විද්‍යාව පිළිබද මගේ දැනුම මදිකම නිසාදෝ යන සැකයද ඉස්මතුවූ නිසා ඒවා සිංහලට පරිවර්ථනය නොකල අතර ඔබම සිංහලට පෙරලා ගන්නේ නම් මැනවි. මට නම් මේවා දැක්ක සැනින්ම චකිතයක් හා බියක් ජනනය වූ බව කියන්නට ඕනෑ අතර ඔබට දැනෙන අවංක සිතුවිල්ලද සටහන් කරන්නේ නම් වඩාත් හොදය.

    Amputation Knife (1700s)

    මෙම වක් පිහිය 18 වන ශතවර්ශයේ සැත්කම් වලදී අංග ඡේදනයේදී වක්‍රකාර කැපුම් සමේ සහ මාංශ පේශිවල සිදු කිරීම සදහා යොද ගන්නා ලද බව පැවසේ. කෙසේවෙතත් 1800 ගණන් වලදී කෙලින් අතට දිග පිහි මේ කර්තව්‍ය කිරීමට වඩාත් ජනප්‍රිය වී ඇත. (හැබැයි අපේ රටේ සහ තවත් බොහෝ රටවල මෙවැනි පිහි කෝලාහල වලදී “සාමය ස්ථාපිත කිරීම” සදහා කරනු ලබන කැපීම් කෙටීම සදහා තවමත් භාවිතා කරනු ලබන බව මාධ්‍ය මගින් ගෙනෙනු ලබන පුවත් වලදී පෙනේ.විශේෂයෙන් මීට දශකයකට පමණ පෙර රුවන්ඩාවේ හා බු‍රුන්ඩි වල තිබූ හුටු හා ටුට්සි ගෝත්‍රික ගැටුම් වලදී මේ හැඩයේ පිහිවලට තිබී ඇත්තේ පුදුම ඉල්ලුමකි).

    old-medic01.jpg



    Amputation Saw (1600s)

    17 වන සියවසේදී භාවිතා වූ මෙම කියත යොදා ගෙන ඇත්තේ සැත්කම් වලදී අස්ථී කැපීමටයි.

    old-medic02.jpg


    Arrow Remover (1500s)

    මෙය 16 වන සියවසේදී භාවිතා වී ඇති අතර ඒ කාලයේ එකිනෙකා මරා ගැනීමට තුවක්කුද නිපදවී තිබුනත් පැරණි දුණු ඊතලත් භාවිතාකරන්නට ඇති බැවින් එසේ ඇනුන ඊතල ඉවත් කිරීමට යොදාගන්නා ලද්දකි.

    old-medic03.jpg


    Artificial Leech (1800s)

    පැරණි වෙදකම් වලදී අපවිත්‍ර වූ රුධිරය ඉවත් කිරීමට කූඩැල්ලන් සමහර විශේෂ යොදා ගත් බව ඔබත් දන්නවා ඇති. ඒත් ඉතින් හැම වෙලාවෙම කූඩැල්ලන් සොයා ගැනීමට නොහැකිවේද යන සැකයෙන්ද දන්නෑ මෙම කෘත්‍රිම කූඩැල්ලා 19 වන සියවසේදී සොයාගෙන තියෙන්නේ. මෙය විශේෂයෙන් ඇසේ සහ කනේ ඔපරේශන් වලට යොදාගත් බව කියවෙනවා.

    old-medic04.jpg


    Bullet Extractor (1500s)

    රොබින් හුඩ්ගේ කඩුව වගේ පේන මෙයත් 16 වන සියවසේදී භාවිතා වී ඇති අතර වෙඩි තැබීම් වලදී සිරුර තුලට කිදා බසින වෙඩි උණ්ඩ එලියට ඇද ගැනීමට භාවිතා කල “සුන්දර” මෙවලමකි.

    old-medic05.jpg



    Cervical Dilator (1800s)

    මෙම අනගි කුරිරු උපකරණය කාන්තාවන් වෙනුවෙන්ම හදන ලද්දක් බව පැවසෙන අතර මම කියනවාට වඩා ඔබම මෙම කොටස පරිවර්ථනය කරගත්විට එහි අනර්ඝත්වය හදුනාගත හැක.(This instrument was used to dilate a woman’s cervix during labor, with the amount of dilation measured on the scale by the handle. Such dilators fell out of favor because they often caused the cervix to tear.)

    old-medic06.jpg



    Circumcision Knife (1770s)

    අමනාපවෙන්න එපා මෙහෙම කියනවාට මෙම පිහිය යොදා ගෙන ඇත්තේ සමහර ආගම්වල පිරිමි ලමුන් වෙනුවෙන් ඉටුකරන චාරිත්‍රයක් (Ritual circumcision) ඉටුකිරීම සදහායි.

    old-medic07.jpg



    Ecraseur (1870s)

    මේ අමුතු උපකරණය ගැන කීමට ඇත්තේ මෙය ආධාරයෙන් සැත්කම කරන ස්ථානයට රුධිර ගමනය අඩාල කර ඇත.

    old-medic08.jpg



    Hemorrhoid Forceps (1800s)

    තේරෙන විදියට නම් මේක යොදා ගෙන තියෙන්නේ ඔපරේශන් වලදී රුධිර සැපයුම අවහිර කිරීමටයි.

    old-medic09.jpg



    Hernia Tool (1850s)

    මේක නම් නමේ කියන විදියට හර්නියා සැත්කම් වලදී භාවිතයට ගන්නා ලද්දකි.

    old-medic10.jpg



    Hirtz Compass (1915)

    මේ කියන කොම්පාසුව යොදාගෙන තියෙන්නේ සංචාරයේ යෙදෙන කොට අතරමං වුනාම උතුර දකුන සොයා ගන්න නෙමෙයි, වෙඩි වැදුන කෙනාගේ කොතනද bullet එක තියෙන්නේ කියල දැනගන්න.

    old-medic11.jpg



    Hysterotome/Metrotome (1860s-90s)

    මේ සවලක් වගේ උපකරණයත් සැත්කම් වලදී කැපුම් ඇති කරන්න ගත්ත එකක් වගේ.

    old-medic12.jpg



    Lithotome (1740s-1830s)

    මුත්‍රාශයේ ගල් ඇතිවුනාම ඒවා ඉවත් කිරීම සදහා මුත්‍රාශය කැපීමට ගත්ත Tool එකක්.

    old-medic13.jpg



    Mouth Gag (1880s-1910s)

    ඔපරේශන් වලදී සිහිය නැති කරල ඉන්න ලෙඩාගේ කටට මේක දාල තියෙන්නේ මුඛය හොදට විවෘත වීමෙන් වාතාශ්‍රය හොදට ලැබෙන්නයි.

    old-medic14.jpg



    Scarificator (1910s-20s)

    තේරෙන විදියට නම් මේක යොදා ගෙන තියෙන්නේ තුවාල නරක් වුනාම ඒවායේ අපවිත්‍ර රුධිරය ඉවත් කිරීමටයි.

    old-medic15.jpg



    Skull Saw (1830s-60s)


    ගස් කපන්න ගන්න Chainsaw එකේම කුඩා අවධියේ ෆොටෝ එකක් වගේ පේන මේ කියත යොදා ගෙන තියෙන්නේ හිස්කබලේ සැත්කම් වලදී අනෙක් උපකරන ඇතුල් කරන්න පහසුවෙන්න, ඊට කලින් හිස්කබලේ සැලකිය යුතු කොටසක් ඉවත් කරන්නයි.

    old-medic16.jpg



    Tobacco Smoke Enema (1750s-1810s)

    මෙම උපකරණය දැනුත් භාවිතා වුනා නම් අපේ සිගරට් බොන උදවිය හුඟක් සතුටුවේවි. ඒ කාලේ දුම්කොල දුම යොදාගෙන තියෙනවා මල බද්ධයට ප්‍රතිකාරයක් ලෙස ඒකට යොදාගත්ත මුලින් කියපු අයනම් ආස වෙයි කියල හිතෙන ගැජට් එකක්. වැඩි විස්තර පහල තියෙනවා. ටිකක් මහන්සිවුනොත් ඒක සිංහලට පෙරලල, මම කියන්නේ බොරුද කියල දැන ගන්න පුළුවන්.

    old-medic17.jpg



    Tonsil Guillotine (1860s)

    පේන විදියට නම් උගුරේ සෙම් ගෙඩි හැදිල අමාරුවුනාම ඒවා ඉවත් කරන්න ගත්ත එකක් වගේ.

    old-medic18.jpg



    Trephine (1800s)

    අම්මෝ!!! මේක නම් කියන කොටත් ඇඟ හිරිවැටෙනවා. ඔපරේශන් වලදී හිස් කබල සිදුරු කරන්න ගත්ත එකක්.

    old-medic19.jpg



    Vaginal Speculum (1600s)

    මේක සිරුරේ තුවාල පිළිබද නිශ්චිත විනිශ්චයකට එන්න හොද දැක්කමක් ඒ ගැන ගන්න වගේම කාන්තාවන්ගේ රෝගාබාදවලදිත් ගත්ත එකක්ළු. වැඩි විස්තර ඔයගොල්ලම පහල ඉංග්‍රීසියෙනම් තියෙන විස්තරය සිංහලට පෙරලා ගෙන බලාගන්නව නම් වඩාත් මනාපයි. (Specula have been used for thousands of years to allow doctors better vision and access to the vaginal area (or other body cavities) by expanding after insertion. This 17th century European example, which appears to use a cranking motion to expand, is more ornate and intimidating than most.)

    old-medic20.jpg


    උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරිණි..
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඒ කාලේ එකම මර ලතෝනියක් වෙන්ඩැති ඉස්පිරිතාල වල. ඔව්වා මලකඩකාලා ටෙටනස් හැදිලා හොඳට හිටිය උන් හිටං මැරෙන්ඩ ඇති. :(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ කාලේ එකම මර ලතෝනියක් වෙන්ඩැති ඉස්පිරිතාල වල. ඔව්වා මලකඩකාලා ටෙටනස් හැදිලා හොඳට හිටිය උන් හිටං මැරෙන්ඩ ඇති. :(

    :rofl:owa unu wathuren thambala ganna aththe..e kale godak brandy pawichchi karala thiyenawa wedanawa nodanenna
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අම්මටසිරි කිව්වලු..:dull:
    යකෝ ඕවයෙන් මෙව්ව කරද්දී ආයේ සිහිය නැති කරන්න වෙනම එක එක ඒවා කරන්නත් ඕනෙ නැතුව ඇති..:baffled: මේවා දැක්කාම නිකම්ම සිහිය නැති වෙනවනේ..:oo:
    +Rep

     
    • Like
    Reactions: chinmak

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Ammo. Dan kochchara diyunu welada? Dan week ekakata kalin Wife wa C-Section delivery ekak kara. Wade kiyanne kapapu para penneth nathi tharam. Mahum athulen dala uda allewwa sticker ekakin.

    Good Post ++
     
    • Like
    Reactions: chinmak

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,831
    8,053
    113
    මෙන්න මෙතන...
    Hi..ithin kohomada malli?:D 24 hours yanakan rep denna ba, puluwan wechcha gaman dennan.:)

    හොදින් ඉන්නවා අක්කේ..රෙප් නම් නැතත් කමක් නෑ..

    අම්මටසිරි කිව්වලු..:dull:
    යකෝ ඕවයෙන් මෙව්ව කරද්දී ආයේ සිහිය නැති කරන්න වෙනම එක එක ඒවා කරන්නත් ඕනෙ නැතුව ඇති..:baffled: මේවා දැක්කාම නිකම්ම සිහිය නැති වෙනවනේ..:oo:
    +Rep


    ඔව් බන්..ඇග හිරි වැටිලා යනවා මේවා දැක්කම..​

    Ammo. Dan kochchara diyunu welada? Dan week ekakata kalin Wife wa C-Section delivery ekak kara. Wade kiyanne kapapu para penneth nathi tharam. Mahum athulen dala uda allewwa sticker ekakin.

    Good Post ++

    :D:D:D
     
    • Like
    Reactions: ashmi